අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය මගින් ක්‍රියාත්මක අලෙවි මංපෙත ප්‍රදර්ශනය අද

    ඔක්තෝබර් 24, 2017

    කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය මගින් ක්‍රියාත්මක අලෙවි මංපෙත ප්‍රදර්ශනය අද(24) පෙ.ව. 10.00 ට ගාල්ල නගර ශාලාවේ දී ආරම්භවේ.

    දිවයින පුරා විසින සිටන අලෙවි කරුවන්, ප්‍රදාන ගැනුම්කරුවන් සහ විකිණුම් කරුවන් එකම ස්ථානයක දී හමු වීම මෙහි දී සිදුවේ. මේ යටතේ දිස්ත්‍රික්ක 07ක විකිනුම් කරුවන් 100ක් සහභාගි වීමට නියමිතය. එමෙන්ම 200ක් පමණ ගැණුම් කරුවන් මෙහි දි සහභාගි වීමට නියමිතිය.


    මේ යටතේ විශාල පරිමාණයේ ඇදුම් මිලදී ගන්නන්, හොටල් කරුවන්, ආහාර නිශ්පාදකයින්, මල් වගා කරුවන්,අපනයනකරුවන්, එකම තැනකදී හමු වීමට හැකියාව පවති. මෙම වැඩසටහන මේසේ ක්‍රියාත්මක වන්නේ ගාල්ල සහ මහනුවර පමණක් වීම විශේෂත්වයකි.

    මෙමගින් පුළුල් වෙළඳපොල විවෘත වීමත්, අතරමැදියන්ගෙන් තොර නිශ්පාදන අලෙවි කර ගැනීමට අවස්තාව විවර වීම මෙමගින් ලැබෙන ප්‍රතිලාභයන්වේ.


    ගාල්ල දිස්ත්‍රික් කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය මගින් වැඩසටහන සංවිදානය කරන අතර, ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් එය සිදුවේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya