අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මාතර දිස්ත්‍රික් සාහිත්‍ය කලා මහෝත්සවය හෙට

    ඔක්තෝබර් 24, 2017
    සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ මග පෙන්වීමෙන් මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය මගින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන 2017 "සාහිත්‍ය කලා ප්‍රසාදිනී" මාතර දිස්ත්‍රික් සාහිත්‍ය කලා මහෝත්සවය ඉතා උත්කර්ෂවත් අන්දමින් හෙට (25) පෙ.ව. 9.00 සිට ප.ව. 1.00 දක්වා මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ගාමිණී ජයසේකර ශ්‍රවණාගාරයේ දී පැවැත්වේ.
     
    ප්‍රවීණ නාට්‍යවේදී නිශ්ශංක දිද්දෙණිය මහතා ඇතුළු පිරිස කවිය, ගීතය හා නාට්‍ය පිළිබඳ කලා රසවින්දන වැඩසටහනක් ද  ඉදිරිපත් කරති.
     
    සාහිත්‍ය තරගවලින් ජයග්‍රහණය කළ ජයග්‍රාහක ජයග්‍රාහිකාවන් සඳහා ත්‍යාග හා සහතිකපත් ප්‍රදානය කිරීම ද මෙහි දී සිදු කෙරේ.
     
    මාතර දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් රත්නායක මහතා ප්‍රමුඛ රාජ්‍ය නිලධාරීන්, සාහිත්‍යධරයන්, පාසල් දරු දැරියන් හා ත්‍යාග සහ සහතිකපත්‍ර ලාභීන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට සහභාගිවීමට නියමිත ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya