මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වනරෝපා ජාතික රුක්රෝපණ වැඩසටහන - 2017 පුත්තලම දිස්ත්‍රික්කයේ දායකත්වය

    ඔක්තෝබර් 17, 2017

    ශ්‍රී ලංකාවේ වන වැස්ම 2018 වසර වන විට 29%- 32% ක දක්වා ඉහල නැංවීමේ අරමුණින් සෑම වසරකම ඔක්තෝම්බර් මාසය වනරෝපා රුක්රෝපණ මාසය ලෙස රජය ප්‍රකාශයට පත්කර ඇත.

    වන ආවරණ රහිත නිසරු බිම් තීරුවල වන උයන් නිර්මාණය කිරිම තේමාව යට‍තේ වන වියනෙහි ගුණාත්මක තත්ත්වය ඉහල නැංවීම, ශ්‍රී ලංකාවේ ජෛව විවිධත්වය හා ස්වභාවික පරිසර පද්ධති නිසි ලෙස පවත්වා ගැනීම, දේශගුණික විපර්යාසවල බලපෑම අවම කිරිම, තිරසර භූමි කළමනාකරණය කිරීමට දායකවීම, ශ්‍රී ලංකාවේ මුඩුබිම් රුක්රෝපණයට යොදා ගැනීම, වාණිජ වන වගා ප්‍රවර්ණය හා කළමනාකරණය කිරීම මෙහි ප්‍රධාන අභිමතාර්ථය වේ.

     

    හඳුනාගත් නිශ්චිත ප්‍රදේශවල රුක් රෝපණය සිදුකර ඒවා රැක බලාගැනීමට සුදුසු ක්‍රමවේදයක් ක්‍රියාත්මක කිරීම මේමගින් සිදු කෙරේ.

     

    මෙහි පුත්තලම දිස්ත්‍රික් සමාරම්භක උත්සවය පසුගියදා කල් අඩිය නාවික හමුදා කඳවුරේදී පැවැති අතර එහිදී වන පැල 200 ක් පුත්තලම දිස්ත්‍රික් ලේකම් එන්.එච්.එම්.චිත්‍රානන්ද මහතාගේ ප්‍රධානත්වයෙන් රෝපණය කරන ලදි.

     

    මිට අමතරව එළුවන්කුලම , නිලබැම්ම සහ කොස්ට්වේ නාවික හමුදා කදවුරු භුමිය තුලද පැල සිටුවීමට ද යෝජනා කර ඇත.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya