අප්‍රේල් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    HPV එන්නත් කිරීමේ වැඩසටහන කෑගල්ලෙන් ඇරඹේ

    ඔක්තෝබර් 16, 2017
    සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජාතික ප්‍රතිශක්තිකරණ වැඩසටහන යටතේ කාන්තාවන්ගේ ගැබ්ගෙල පිළිකා ඇති කරන හියුමන් පැපිලෝමා වෛරසය වලක්වාලීමේ  එන්නත, එන්නත් කිරීමේ පාසල් මට්ටමේ ජාතික වැඩසටහන පසුගියදා කෑගල්ල රංවල මහානාග විදුහලෙන් ආරම්භ කෙරිණි.  
     
    අධ්‍යාපන අමාත්‍යාංශයේ ද සහයෝගය  ඇති ව පාසල් මට්ටමෙන් 5  වන ශ්‍රේණියේ දැරියන් සඳහා මෙම එන්නත ලබාදීමට සෞඛ්‍යය අමාත්‍යාංශය කටයුතු කරන අතර මෙම ප්‍රථම එන්නත ලබා දී මාස 2 කට පසුව දී ඔවුන් සඳහා දෙවන එන්නත ද ලබාදිය යුතුය.
     
    කාන්තාවන් ගොදුරු වන ගැබ්ගෙල පිළිකා මර්ධනය කිරීම සඳහා මෙම එන්නත ලොව දියුණු රටවල භාවිතා කරන අතර ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුකූලව නිපදවා තිබේ. මේ වන විට වාර්ෂිකව ලංකාවේ කාන්තාවන් දහසක් පමණ ගැබ්ගෙල පිළිකාවන් සඳහා ගොදුරු වන බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.  ඉහළ ගුණාත්මක බවකින් හා ආරක්ෂාකාරී බවකින් යුත් මෙම එන්නත, අදාළ සෞඛ්‍ය ‍වෛද්‍ය නිලධාරී කාර්යාලයට පාසල් මට්ටමෙන් දැනුම් දුන් විට ලබා ගත හැකිය. 
     
    මෙම අවස්ථාව සඳහා හිටපු වසංගත රෝග විශේඥ වෛද්‍ය ,වර්ථමානයේ එක්සත් ජාතීන්ගේ ළමා අරමුදලේ ප්‍රතිශක්තිකරණය පිළිබද උපදේශක පබා පලිහවඩන, ප්‍රධාන වසංගත රෝග විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ, වසංගත රෝග විශේඥ වෛද්‍ය දිපා ගමගේ, සබරගමුව පළාත් සෞඛ්‍ය නියෝජ්‍ය සේවා  අධ්‍යක්ෂ කුමාර් වික්‍රමසිංහ, කෑගල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය විජිත් ගුණසේකර, සබරගමුව පළාත් සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ හිරෝෂි ගුණවර්ධන යන මහත්ම මහත්මීහු ද සහභාගි වී සිටියහ. 
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya