අපේ කතාවේ මුලිකත්වය ගන්නා කැබිතිගොල්ලෑව බොහෝ දෙනා දන්නා පරිදි විවිධ දුෂ්කරතාවන් මුහුණ දුන්, එහෙත් නිහතමානී , අහිංසක ජනතාවක් සිටින ප්රදේශයකි . කුන්චුට්ටු කෝරළය නමින් ඓතිහාසිකව ප්‍රකට වන මෙම ප්‍රදේශයේ ජනතාව ආගන්තුක සත්කාරයෙන් අගතැන්පත් ය. ‟සිය රට දේ සිරි සැප දේ” යන්නට තවමත් අත ඔසවන බහුතරය මෙම ප්‍රදේශයේ සිටී. වවාගෙන කෑමේ අපේ සංස්කෘතිය තවමත් ඔවුන්ට හුරු ය. කුරක්කන් , තල , මුං , කව්පි ඔවුන් මහත් ආසාවෙන් වර්ණනා කරයි. භාවිත කරයි. නෑදෑයන් අතර සමගිය ද අගනා ය. ඒ අතින් බලන කල කැබිතිගොල්ලෑවේ ජනතාව තවමත් අපේ කම බිදදමාගෙන නැත. අප කළ යුත්තේ එම තත්ත්වය ශක්තිමත් කිරීමයි.
කැබිතිගොල්ලෑවේ ජනතාව නියගය නිසා දැඩිව පීඩා විදින බවත් , එහි බොහෝ ගම්මාන සදහා රජයෙන් නිසි සහන නොලැබෙන බවත් , පසුගිය කාලයේ මාධ්‍ය මගින් දිගින් දිගටම කියන්නට විය. යැපුම් මානසිකත්වයට තල්ලු වී සිටින ජනතාවට මෙය උසස් උත්තේජනයකි. ඒ නිසා ජනතාව ද දිගට හරහට මාධ්‍යට අදහස් දෙන්නට පටන් ගත්තේ ය. විශාල ජන පිරිසකට සහන සැලසීමේ දී අතපසුවීම් වන්නට පිළිවන . එහෙත් එය නිරාකරණය කරගැනීමේ විනිවිද යාන්ත්‍රණයක් මෙරට පවතී.
අතිගරු ජනාධිපතිතුමාගේ පෞද්ගලික අවධානය යොමුවන තරමටම කැබිතිගොල්ලෑවේ නියං අර්බුදය ඉහළ ගියේ ය. ඒ නිසාම මෙහි සැබෑ තත්ත්වය සොයා බැලීමට ජනාධීපතිතුමන්ට එහි යන්නට සිදුවිය. මෙවැනි තත්ත්වනයක් තුල කැබිතිගොල්ලෑවේ ජල ගැටළුව , නියං තත්ත්වය , ආධාර ලබාදීම් ආදිය සොයා බැලීම සදහා අපි එහි ගියෙමු.
අතිගරු ජනාධිපති තුමන් පසුගිය දා පැමිණි ඊතල්විද්ද වැව රජ මහා විහාරස්ථානයේ විහාරාධිපති පුජ්‍ය විහාර හල්මිල්ලෑවේ , ධම්මතිලක හිමියන් අපට කරුණු පැහැදිලි කළේ ය. උන් වහන්සේ සදහන් කරන පදිරි විවිධ ස්ථානවල ජල ටැංකි තබා ඒවාට ජලය පිරවීම යෝග්‍ය නැත. ප්‍රමිතියකින් තොරය. ප්‍රදේශයේ බොහෝ දෙනෙක් වකුගඩු රෝගයෙන් පීඩා විදී . මේ තත්ත්වය මත ලබා ගන්නා ජලය නිසි ප්‍රමිතියක නොමැති වුව හොත් ගැටළු කාරි ය. ජලය ලබාදීමේ ක්‍රමවේදය වෙනස් කිරීම මුලික අවශ්‍යතාවක්ව පැවැති බව විහාරාධිපති හිමියෝ ප්‍රකාශකර සිටිති. දැන් එය එලෙසම සිදුවී තිබේ. විහාරස්ථානයේ ජල පෙරනයක් සවිකර පවුල් හාරසියයකට ජලය ලබාදීමේ වැඩපිලීවෙළ දැන් ක්‍රියාත්මක වේ. ධම්මතිලක හිමියන් මෙසේ ද පැවසී ය.
“ ජනාධිපතිතුමා ආවට පස්සේ අපිට ගොඩාක් උදව් කළා . ජනාධිපතිතුමා ඇතුළු සියලුම නිලධාරීන් අපි වෙනුවෙන් ඇපකැපි වීම පිළිබදව අපි සතුතට පත්වෙනවා. ජනාධිපතිතුමාටත් , අපේ දිසාපතිතුමා ඇතුළු නිලධාරීන්ටත් පුණ්‍යානුමෝදනා කරනවා. ”
කැබිතිගොල්ලෑවේ ජල ගැටලුව පවතින බොහෝ ප්‍රදේශවල ජල පෙරන යන්ත්‍ර සවිකර තිබේ. ඒවායින් ඔවුන් පිරිපහදු ජලය ලබාගනී. මීට අමතරව කැබිතිගොල්ලෑව අවට පිහිටි ස්වභාවික උල්පත් සංඛ්‍යාව විසිතුනක් පමණ වේ. ඒවායින් උල්පත් කිහියකින්ම ජලය ලබාගන්නේ කලක සිටයි. සහනදායී පදනම යටතේ ගමටම ගොස් ජලය ලබාදීමේ වැඩපිළිවෙළක් ද තිබේ. ගල්කන්දෑව , පුලියංකුලම , ඉහළවැව , පහළ ගම , ඊතල්විද්ද වැව, කෝන්වැව , ගලවැව , කහට ගොල්ලෑව , ආදී ප්‍රදේශවලට ජලය පිලිබදව අර්බුදය මතු වු අතර දැනට එහි එවැනි තත්ත්වයක් දක්නට නැත. බවුසර් මගින් ජලය ලබාදීමේ කටයුතු ද නිරන්තරවම සිදුවේ. රජය මගින් සහන සැලසීම පිළිබදව ඔවුන් සිටින්නේ ප්රසාදයකින්. කහට ගොල්ලෑවේ ලාලනී නිසංසලා සතුටු සිතින් මෙසේ කීවාය.
“ ජනාධිපතිතුමන් අපි ලගට ඇවිල්ල දක්වපු සහය ඉතා ඉහළයි. අපේ කටුක ජීවිතය දකින්න අපි ළගට පැමිණීම අපි ලබපු භාග්‍යක් හැටියට සලකනව ,,
කෝන්වැවේ එස් . ජයසිංහ මහතා ගමේ සියලුදෙනා වෙනුවෙන් කතා කළේ ය.
“ දැං අපේ ගමට ටැංකි වැඩිකරල වතුර දෙනවා. කිසිම ගැටලුවක් නෑ. ආපදා එකේ මහත්තුරු නිතරම එනවා. වතුර ටික පරිස්සමෙන් පාවිච්චි කරන්නත් ඒ මහත්තුරු උපදෙස් දෙනවා. ,,
මෙම සංචාරයේ දී සෑම තරාතිරමකම අය සමග අපි සංවාදයේ යෙදුනේ , මෙම ඇත්ත නැත්ත හරිහැටි දැන ගැනීමේ අදහසිනි. පාසල් වයසේ දියණියක් මහත් උද්යෝගයෙන් කතා කළේ , මිනිසුන්ගේ අවස්ථානුකූල යැපුම් මානසිකත්වයට ද පරිභව කරමිනි.
“ මිනිස්සු හැමෝම හිතනව මොනවහරි නිකං දෙනවනම් ගන්න, අපි ඉගෙනගෙන තියෙන්නේ මිනිසුන්ගේ යැපුම් මානසිකත්වය තියෙන තාක්, රටක් සංවර්ධනය වෙන්නේ නෑ කියලා. මේ වෙනකොට මිනිස්සු පීඩාවට පත්වෙලා ඉන්න බව ඇත්ත. ඒ වුනාට ඒක පිට දාල හැම වෙලාවෙම ඉල්ල ඉල්ල ඉන්න හදන එකනම් ඒ තරම් හොද දෙයක් නෙවෙයි. පාසල් වයසේ ඉන්න අපිට ඒක වැඩිහිටියෝ දෙන හොද ආදර්ශක් නෙවෙයි. ,,
ඇය තව තවත් කරුණු කියාගෙන ගියා ය. අවශ්‍ය වනනේ එම ආකල්පමය වෙනසයි. එහෙත් ඊට නිසි සමාජානුයෝජනය දෙන වැඩිහිටියන් අදාල සමාජානුයෝන භුමිකාව වැරදි අතට පරිහරණය කරමින් සිටී. මෙය සංවර්ධනයට සෘජු බාධකයකයකි.
නියං සහනාධාර බෙදීමේ වැඩපිළිවෙළ අති සාර්ථකව සිදුවේ. මෙවැන්නක දී හැමෝටම මෙම ලබාගැනීමේ අවශ්‍යතාව මතුව තිබේ. එහෙත් සහනාධාර අවශ්‍ය නොවන පුද්ගලයෝ ද සිටිති. ඔවුන්ගේ පරම සතුරන් වන්නේ නිලධාරින් ය. එවිට නිලධාරීන්ට එල්ල වන චෝදනා , විවේචන අපමණය. විශේෂයෙන් එවැන්නන් මාධ්‍ය හරහා සරණ පතන්නටත් උත්සාහ දරයි. එවිට නැති අර්බුද මතුවේ. කෙසේ වෙතත් වියළි සලාක බෙදා දිම විවිධ ස්ථාන වල දී සාර්ථකව සිදුවන අයුරු අපගේ කැමරාවේ සටහන් විය. කැබිතිගොල්ලෑව ප්‍රාදේශීය ලේකම් චන්දන අනුරුද්ධ පියදාස මහතා අප සමග පැවසුවේ නියං සහනාධාර ලබාදීමේ දෙවන අදියරද ආරම්භ කිරිමට නියමිත බවයි.
කවුරුන් මොනවා කීවද , මාධ්‍යයෙන් කවර කතා කළ ද දිගින් දිගටම ජනතාව අතරට ගොස් ඔවුන්ට සැබැවින් ම ඇති ලුහුඩුතා මොනවාද යන්න සොයාබැලීමේ සිත් පහළ කරගත් අපි කුංචුට්ටු කෝරළයේ ඒ ගෞරවාන්විත මිනිසුන්ට තාවකාලික සමුගැනීමක් සටහන් කළෙමු.
කැබිතිගොල්ලෑවේ ක්ෂේත්‍ර චාරිකවෙන් පසුව
ෂෙල්ටන් ඉන්දික බණ්ඩාර
රජයේ ප්රවෘත්ති නිලධාරී
අනුරාධපුරය