අප්‍රේල් 16, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පෙරහර සඳහා අලි හිඟවීමේ ගැටලුවලට විසඳුම්

    ජූලි 07, 2017
    ශ්‍රී දළඳා මාලිගාවේ දියවඩන නිළමේවරයා, සතර මහා දේවාලයන්හි බස්නායක නිළමේවරුන් සමඟ තිරසර සංවර්ධන හා වනජීවි අමාත්‍ය ගාමිණි ජයවික්‍රම පෙරේරා මහතා හා අමාත්‍යංශ නිලධාරීන් අතර පැවැති සාකච්ඡාවකින් අනතුරුව අවසාන තීරණයකට එළැඹ ඇත.
     
    ඒ අනුව සත්වෝද්‍යානය හා එක්ව පුහුණු අලි සංචිතයක් පවත්වාගෙන යාම, දැනට පෙරහර සඳහා සහභාගිවන අලි ඇතුන් දියවඩන නිළමේවරයා විසින් අවශ්‍ය පරිදි සතරමහා දේවාල සඳහා ලබාදීම, පෙරහැර අවස්ථාවල කිසිඳු ආකාරයක ගිණිකෙළි දැල්වීම තහනම් කිරීම, ඇලි ඇතුන් සහිතව පෙරහර පැවැත්වීම සඳහා පශු වෛද්‍ය කණ්ඩායමක සහාය ලබාගැනීම, පෙරහර කිලෝමීටර් 5කට වඩා දීර්ඝ නොකිරීම, පෙරහර සඳහා සුදුසු ගමන් මාර්ගයක් විය යුතුය වන තීරණයන් ට එළැඹ තිබේ.
     
    සංස්කෘතික කටයුතු සඳහා අලි ඇතුන් 35කින් යුතු සංචිතයක් සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව යටතේ පවත්වාගෙන යාමට මේ වන විට කැබිනට් අනුමැතිය හිමිව ඇත. ඒ සඳහා අවශ්‍ය  මිනිසුන්ට වඩාත් ම හීලෑ අලි ඇතුන් පුහුණු කිරීමේ කටයුතු මේ වන විට ආරම්භ කොට ඇති අතර පළමු අදියර යටතේ පින්නවල අලි අනාථාගාරයේ අලින් සිව් දෙනෙකු හා දෙහිවල සත්වෝද්‍යානයේ එක් අලියෙකු පුහුණු කිරීමේ කටයුතු සිදු කෙරේ.
     
    නෛතිකමය ලෙස හිමිකාරීත්වය තහවුරු කළ නොහැකි වූ අලි ඇතුන් රජය භාරයට ගැනීමත් සමඟ එම අලි ඇතුන් තවදුරටත් පෙරහර සඳහා යොදාගැනීමට නොහැකිවීම හේතුවෙන් පෙරහර ඇතුළු සංස්කෘතික කටයුතු සඳහා අලි ඇතුන්ගේ හිඟයක් ඇති විය. 

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya