මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අලුත් අවුරුදු චාරිත්‍ර

    අප්‍රේල් 13, 2017

    අලුත් අවුරුදු චාරිත්‍ර‍ පහත සඳහන් වේ.

     

     

    අලුත් අවුරුදු උදාව

    2017 වර්ෂයේ සිංහල හා හින්දු අලුත් අවුරුදු උදාව අද (13) පූර්ව භාග 2.04ට යෙදී ඇත. ඔබ සැමට ලබන්නා වූ අලුත් අවුරුද්ද සාමය සතුට සෞභාග්‍ය පිරි සුබ නව වසරක් වේවා.

     

    පුණ්‍ය කාලය

    2017 වර්ෂයේ සිංහල හා හින්දු අලුත් අවුරුද්දේ පුණ්‍ය කාලය අද (13) අපර භාග 7.40 සිට හෙට (14) පූර්ව භාග 8.28 දක්වා යෙදී ඇත. එබැවින් අද අපර භාග 7.40ට පළමුව ආහාර අනුභව කොට සියලු වැඩ අත්හැර ආගමික වතාවත්වල යෙදෙනු මැනවි.


    ආහාර පිසීම

    2017 වර්ෂයේ සිංහල හා හින්දු අළුත් අවුරුද්දේ ආහාර පිසීමේ චාරිත්‍රය අප්‍රේල් 14 වැනි දින පූර්ව භාග 5.41ට යෙදී ඇත. එහිදී රන්වන් පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී උතුරු දිශාව බලා ළිප් බැඳ, ගිනි මොළවා, ගිතෙල් හා හකුරු මිශ්‍ර කිරිබතක්ද අග්ගලා සහ කැවිලි වර්ගයක්ද පිළියෙල කර ගැනීම මැනවි.

     

    වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම හා ආහාර අනුභවය


    2017 වර්ෂයේ වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම හා ආහාර අනුභවය කිරීමේ චාරිත්‍රය යෙදී ඇත්තේ අප්‍රේල් 14 වැනි දින පූර්ව භාග 07.05ට යෙදෙන සුභ මොහෙතෙනි.  ඒ අනුව සුදු සහ නිල් පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී උතුරු දිශාව බලා සියලු වැඩ අල්ලා ගනුදෙනු කොට ආහාර අනුභවය මැනවි.

     

     හිස‍තෙල් ගෑම


    2017 වර්ෂයේ සිංහල හා හින්දු අළුත් අවුරුද්දේ  හිස‍තෙල් ගෑම චාරිත්‍රය අප්‍රේල් 15 වැනි දින පූර්ව භාග 11.04ට හෙදී ඇත. එහිදී උතුරු දිශාව බලා හිසට නුග පත්ද පයට කරඳපත්ද  තබා නුගපත් මිශ්‍ර නානුද තෙල්ද ගා ස්නානය කිරීම මැනවි.

     

    රැකී රක්ෂා සඳහා පිටත් වීම
    2017 වර්ෂයේ සිංහල හා හින්දු අළුත් අවුරුද්දේ රැකී රක්ෂා සඳහා පිටත් වීමේ සුභ නැකත අප්‍රේල් 17 වැනි දින  පූර්ව භාග 6.28ට යෙදී ඇ.ත. එහිදී සුදු පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී දීකිරි සහ ගිතෙල් මිශ්‍ර කිරිබත් අනුභව කර උතුරු දිශාව බලා රැකියාවට පිටත්ව යෑම මැනවි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya