අප්‍රේල් 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සහල් සඳහා උපරිම සිල්ලර මිලක් නියම කිරීම සම්බන්ධ ප්‍රවෘත්ති නිවේදනය

    පෙබරවාරි 11, 2017

    *සහල් සඳහා පාලන මිල  (08) මධ්‍යම රාත්‍රියේ සිට * උපරිම සිල්ලර මිල - නාඩු සඳහා රු.72.00ල කැකුළු රු.70.00, සම්බා රු. 80.00 *වෙළෙඳ පොළ සහල් හිගයක් ඇතිවීම වැළැක්වීමට කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශයෙන් අවශ්‍ය පියවර ගනී.

    ඉහළ ගොස් ඇති සහල් මිල පාලනය කිරීම සඳහා උපරිම මිලක් නියම කිරීමේ ගැසට් නිවේදනය නිකුත් කරන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි. එයට අදාළ ගැසට් නිවේදනය සවස රජයේ මුද්‍රණාලය වෙත යවා තිබිණි.

     

    එම අධිකාරියේ සභාපති හසිත තිලකරත්න මහතා පවසන්නේ එම ගැසට් නිවේදනය අනුව දේශීය හා ආනයනික දෙවර්ගයේ ම නාඩු සහල් කිලෝවක උපරිම සිල්ලර මිල රුපියල් 72.00ක් කැකුළු කිලෝවක උපරිම සිල්ලර මිල රුපියල් 70.00ක් හා සම්බා කිලෝවක උපරිම සිල්ලර මිල රුපියල් 80.00 වන බවයි.

     

    පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති හසිත තිලකරත්න මහතා මෙසේ කීවේය.

     

    ‘‘ සහල් සඳහා උපරිම සිල්ලර මිලක් ගැසට් කිරීමෙන් පසු ඊට වඩා වැඩි මිලට සහල් විකුණන්න බැහැ.එලෙස වැඩි මිලට විකුණනවානම් එය නීතිය හමුවේ වරදක්. අවශ්‍ය තරම් සහල් තොග වෙළෙඳ.පොළට නිකුත් කිරීමටත් ඒ පිළිබඳ සොයා බැලීමටත් අමාත්‍යවරයා අපට උපදෙස් දී තිබෙනවා. සහල්.මිල පාලනය කිරීමෙන් පසු වෙළෙඳ පොළට අවශ්‍ය සහල් තොග නිකුත් කිරීමටත් දැනට ගබඩාවල යම්.සහල්තොග රඳවාගෙන තිබෙනවානම් ඒවා වෙළෙඳ පොළට ලබාගැනීමටත් පාරිභෝගික අධිකාරියේ
    විශේෂ නිලධාරීන් කණ්ඩායම් යෙදවීමට අමාත්‍ය රිෂාඩ් බදුයිදීන් මහතා නියෝග කර තිබෙනවා.

    වෙළෙඳ පොළ හාල් හිගයක් ඇතිවීම වැළැක්වීමට සියලු පියවර ගෙන ඇතැයි ද කර්මාන්ත හා වාණිජකටයුතු අමාත්‍යාංශයේ ලේකම් චින්තක එස්ග ලොකුහෙට්ටි මහතා පවසයි. ඒ මහතා වැඩිදුරටත් කියා.සිටියේ හාල් ආනයන කරුවන් සමග සාකච්ඡා කර සහල් ගෙන්වා ඒවා නිසි පරිදි වෙළෙඳ පොළ වෙත.කඩිනමින් මුදා හැරීමට කටයුතු කරමින් සිටින බවයි.

    එමෙන් ම රට පුරා ඇති සතොස අළෙවිසැල් මගින් පාලන මිලට සහල් පාරිභෝගිකයන් වෙත ලබා දීමට.කටයුතු කර ඇති බව ද කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය පවසයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya