අප්‍රේල් 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    එදා ජනසවියෙන් සූරියවැවට දුන් දිරිය වර්තමානයටද ආදර්ශයකි

    ජනවාරි 23, 2017

    එකල ජනසවිය ව්‍යාපාරය විසින් සූරියවැව ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ ක‍්‍රියාත්මක කරනු ලැබු ප‍්‍රජා ව්‍යාපෘති මාලාව ප‍්‍රදේශයේ ප‍්‍රජාවගේ ජීවන තත්ත්වය නගා සිටුවීමට ප‍්‍රබල ලෙස දායකත්වයක් දක්වා ඇති බව සමීක්‍ෂණයකින් හෙළි වී ඇත.

    අග‍්‍රාමාත්‍ය කාර්යාලයේ ප‍්‍රතිපත්ති සංවර්ධන කාර්යාලය මගින් 1993-95 කාලයේ ක‍්‍රියාත්මක වූ ප‍්‍රජා ව්‍යාපෘතීන්හි වර්තමාන තත්ත්වය පිළිබඳව කරන ලද පසුවිපරමක ප‍්‍රතිඵල ලෙස මෙම තොරතුරු අනාවරණය වී තිබුණි.

     

    සූරියවැව ප‍්‍රාදේශිය ලේකම් කාර්යාලය විසින් හදුනාගෙන තිබු තොරතුරුවලට අනුව මෙම ප‍්‍රජා ව්‍යාපෘති ස්ථානගත කිරීමේ දී ප‍්‍රදේශවාසීන්ෙග් ජීවන තත්වය නගා සිටුවීම සහ ඔවුන්ෙග් යටිතල පහසුකම් සංවර්ධනය කිරීම යන ප‍්‍රධාන අරමුණක් වී ඇත. එම නිසාම කෘෂිකාර්මික ජනතාවක් බහුලව ජීවත්වන මෙම ප‍්‍රදේශයේ වාරිමාර්ග ව්‍යාපෘති රාශියක් සහ ප‍්‍රදේශවාසීන් එදිනෙදා භාවිතා කරන මාර්ග ව්‍යාපෘති රාශියක් ද මෙම ප‍්‍රජා ව්‍යාපෘති මාලාව මගින් සංවර්ධනය කර තිබිණි. මෙම ප‍්‍රජා ව්‍යාපෘති සදහා ජනසවිය භාරකාර අරමුදල විසින් ප‍්‍රතිපාදන සපයා ඇති අතර ප‍්‍රජා සහභාගීත්ව යටතේ ක‍්‍රියාත්මක කර ඇත.

     

    මෙම ප‍්‍රජා ව්‍යාපෘති අතර කුඹුරු අක්කර 23කට පමණ ජලය සපයන රන්කටුආර වැව ප‍්‍රතිසංස්කරණය කිරීම, අක්කර 20ක පමණ විශාලත්වයකින් යුතු නමඩගස් වැව ප‍්‍රතිසංස්කරණය කිරීම, වැලිවැව ප‍්‍රතිසංස්කරණය කිරීම ඇතු`ඵව කෘෂිකාර්මික ඇළ මාර්ග කිහිපයක් ද සංවර්ධනය කර ඇත. මෙම ව්‍යාපෘති මගින් ප‍්‍රදේශවාසීන් විශාල පිරිසක් තවමත් ප‍්‍රතිලාභ ලබන අතර උදාහරණ ලෙස වැලිවැව ප‍්‍රදේශවාසීන්ට සහ සතුන් සිව්පාවුන්ට ද ඇති එකම ජල මූලාශ‍්‍රය වන්නේද වැලිවැව යි. මෙම ප‍්‍රජා ව්‍යාපෘති හරහා එවැනි සංවේදි වාරිමාර්ග පිළිබදව අවධානය යොමුකර ඇති නමුත් පසුගිය සමයේ අනවසර වගාකරුවන් විසින් වැව් ගොඩ කිරීම ආදිය නිසා ඒවාට හානි සිදුවී ඇති බවට ප‍්‍රදේශවාසීහු චෝදනා කරති.

     

    මෙම වැව්වලට අමතරව රන්මුදුවැව මාර්ගය, වැවේගම කුඩා ඉදිවැව මාර්ගය, මුවන්පෑලැස්ස සිට වැවේගම දක්වා මාර්ගය, බැද්දේවැව ගම්මානයේ බටහිර මාර්ගය ආදී මාර්ග ව්‍යාපෘති රාශියක් සංවර්ධනය කර ඇති අතර ඒවායේ ඇතැම් ව්‍යාපෘති හොදින් නඩත්තු කරමින් අද දක්වා භාවිතා කරන අයුරු හදුනාගත හැකිය. උදාහරණ ලෙස බැද්දේවැව ගම්මානයේ බටහිර මාර්ගය මීටර 900ක පමණ කොටසක් එකල සංවර්ධනය කර තිබු අතර වර්තමානයේ සිය`ඵ රජයේ ආයතන මෙම මාර්ගය දෙපස පිහිටා ඇති අතර පවුල් 300ක් පමණ ප‍්‍රතිලාභ ලබයි.

     

    ප‍්‍රතිපත්ති සංවර්ධන කාර්යාලය තවදුරටත් පෙන්වා දෙනුයේ මෙම සංවර්ධන ව්‍යාපෘති ස්ථානගත කිරීම සහ ඒවායේ අරමුණු ආදිය වර්තමාන සංවර්ධන සැළැසුම්වලට ද මනා පූර්වාදර්ශයක් බවත් මෙවැනි ප‍්‍රජා ව්‍යාපෘති ඇරඹීම රජයේ වගකීමක් මෙන්ම ඒවා නිසිලෙස සුරැකීම පුරවැසියන් සතු යුතුකමක් බවත් ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya