අප්‍රේල් 16, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    2020 වසරට මුහුණ දීමට ශීඝ්‍රයෙන් ඉදිරියට යන ගමනට සියලූ දෙනාම එක්වෙමු

    ජනවාරි 15, 2017

    රටක් ලෙස අපට තවත් ප්‍රශ්න රාශියකට මුහුණදීමට සිදු වෙනවා. අප එක්වී ඉදිරියට ගියහොත් මේ අවුරුදු කීපයේදී ප්‍රශ්න විසදා මීට වඩා ශක්තිමත්ව මීටත් වඩා විශ්වාසයකින් 2020 වසරට මුහුණ දීමට හැකියාව ලැබෙනවා. ශීඝ්‍රයෙන් ඉදිරියට යන ගමනට සියලූ දෙනාම එක්වන ලෙස ඉල්ලා සිටිනවා යැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

     

    ගාල්ල, ලබුදූව සිරිධම්ම විද්‍යාලයේදී  ගාල්ල දිස්ත්‍රික්ක නිල මෙහෙවර ජනපති ජනතා සේවයට සහභාගී වෙමින් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ ද පැවසීය.

    ජනපති නිල මෙහෙවර පළමු වැඩසටහන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මඟපෙන්වීම යටතේ පොළොන්නරුවේ පැවැත්වූවා. නිල මෙහෙවර සංවිධාන කළ ස්වදේශ කටයුතු ඇමැතිතුමා මේ දෙවැනි වැඩසටහන ගාල්ලේ පැවැත්වීම පුදුමයක් නොවේ.

     

    පසුගිය මාස තුන ඇතුළත ගාල්ලේ සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකම ජනතාවට අදාළ ප්‍රශ්න විසැදීමට එතුමා විශාල උනන්දුවකින් කටයුතු කළා. වජිර අබේවර්ධන ඇමැතිතුමා වැඩට දක්‍ෂ පුද්ගලයෙක්. ඔහුගේ එම වැඩකටයුතුවලට උපකාර කිරීම සඳහා ඒ වාගේම මහ ඇමැතිවරයෙකු සිටියා. මහඇමැතිතුමන් සමග එක්වී වජිර අබේවර්ධන මහතා විශාල සේවයක් කළා. ඒ සේවයට උපකාර කිරීමට තවත් කැබිනට් අමාත්‍යවරුන් දෙදෙනෙකු සිටියා. ගයන්ත කරුණාතිලක සහ චන්දිම වීරක්කොඩි ඒ කැබිනට් අමාත්‍යවරුන් දෙදෙනායි. නියෝජ්‍ය අමාත්‍යවරුන් දෙදෙනකු සහ මන්ත්‍රීවරුන් උපකාර කළා. ඒ නිසා ඉතා සාර්ථක ජනපති නිල මෙහෙවර වැඩසටහනක් ගාල්ලේ පවත්වා තිබෙනවා. ජනතාවට සහන ලබාදීම පිළිබඳව ඒ සියලූම දෙනාට මා ප්‍රසංශා කරනවා. ජනපති නිල මෙහෙවර ගාල්ලේ පවත්වන්නේ මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති ධූරයට පත්වී තුන්වැනි වසර ඇරැඹෙන අවස්ථාවේදීයි.

     

    රටේ සංවර්ධනයේ, පාලනයේ වෙනසක් කොට සම්පූර්ණ ප්‍රතිලාභ වසර පහක් ඇතුළත ජනතාවට ලබාදීම අපේ අරමුණයි. විවිධ දේශපාලන මත තිබෙන ආර්ථිකය, ජාතික ප්‍රශ්න විසැදීම, විදේශ කටයුතු ගැන විවිධ අදහස් තිබෙන දේශපාලන පක්‍ෂ කීපයක් එක්වී පළමුවරට ජනාධිපතිවරණය සඳහා පොදු අපේක්‍ෂකයකු තෝරා පත්කර ගත්තා. ඒ සඳහා සියලූම පාර්ශ්වයන් විශාල කැප කිරීමක් කළා. එදා මෙරට ජනතාව ජනාධිපති ධූරයට පත් කළේ එක් පක්‍ෂයක නියෝජිතයකු නොව පක්‍ෂ ගණනාවක නියෝජිතයෙක්. පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසුව ප්‍රධාන පක්‍ෂ දෙකත් එකට එකතුවී ජාතික ආණ්ඩුවක් බිහි කළා. ඒ ජාතික ආණ්ඩුවේ අපේක්‍ෂාව ජනතාවට සේවය කිරීමයි.

     

    ප්‍රධාන පක්‍ෂ දෙකේ සාමාජිකයන් අද මෙහි පැමිණ සිටිනවා. ඊළඟ ප්‍රාදේශීය සභා ඡන්දයේදී තරග කරන්නට යන සියලූම දෙනා මෙහි සිටිනවා. ගහ බැණ ගත්තේ නැහැ. ඒ අත්වැල් බැඳ ගත්තේ ජනතා ප්‍රශ්න විසැදීම සඳහායි. ඊළඟ පළාත් සභා ඡන්දයේදී තරග කරන්න යන අයත් මෙතන ඉන්නවා. ඔවුන් අතරත් විශාල කඹ ඇදීමක් තිබුණේ නැහැ. දෙපිරිසම උත්සාහ කළේ ජනතාවගේ ප්‍රශ්න විසඳන්නයි. ඊළඟ පාර්ලිමේන්තු මැතිවරණයේ තරග කරන්න නියමිත අපේක්‍ෂකයකු ද මෙහි සිටිනවා. සියලූම දෙනා එකට එක්වී සුහඳව වැඩ කරනවා. ගාල්ල දිස්ත්‍රික්කයේ මීට පෙර එවැනි තත්ත්වයක් ඇතිවී තිබෙනවා යැයි මා සිතන්නේ නැහැ.

    යම්කිසි කාලයක් අපට එකට වැඩකළ හැකිනම් ජනතාවට ලැබෙන්නේ එහි ප්‍රතිලාභ බව කිව යුතුයි. තිරසර යුගයේ තෙවන වසර ඇරැඹිමේදී අප ලබාදෙන පණිවුඩය එයයි. මේ ජනවාරියේ සිට දකුණු පළාතට විශේෂයක් ඇතිවී තිබෙනවා.

     

    පළමුවෙන්ම අප කොග්ගල වෙළෙඳ කලාපය ව්‍යාප්ත කිරීමේදී අලූත් කර්මාන්ත ශාලාවක් විවෘත කළා. හම්බන්තොට නිවාස යෝජනා ක්‍රමයක් විවෘත කළා. ඊට පෙර අප රුහුණු ආර්ථික කලාපය වරාය ගුවන් තොටුපොළ කර්මාන්ත කලාප සමග වැඩකටයුතු ඇරැඹිමට පියවර ගත්තා. මෙම ව්‍යාපෘතියෙන් පමණක් දකුණු පළාතට අවම වශයෙන් ඩොලර් මිලියන 5000 ක ආයෝජනයක් ලැබෙනවා. තෙල් පිරිපහදු කර්මාන්ත බිහි වෙනවා. ඒ අනුව විශාල දියුණුවක් ඇතිවීමට නියමිතයි. මේ දියුණුව දෙස බලන විට එහි වාසිය ගාල්ලටත් සම්පූර්ණයෙන් ලැබේවි.

     

    එක්පැත්තකින් කොළඹ දිස්ත්‍රික්කය, ගම්පහ දිස්ත්‍රික්කය, කොළඹ වරාය, කටුනායක ගුවන් තොටුපොළ තිබෙනවා. විශාල කර්මාන්තකරණයක් සංචාරක ව්‍යාපාරයෙන් දියුණු ආර්ථිකයක් බිහි වෙනවා. අනෙක් කොනින් රුහුණු ආර්ථික කලාපය තිබෙනවා. මේ ප්‍රදේශයේ ශීඝ්‍ර කර්මාන්තකරණයක් සිදු වෙනවා. එවැනි ශක්තිමත් ආර්ථික පදනම් දෙකක් මැද ගාල්ල දිස්ත්‍රික්කය පිහිටා තිබෙනවා.

     

    එක් පැත්තකින් කොළඹට යාමට හැකියාව තිබෙනවා. අනෙක් පැත්තෙන් හම්බන්තොටට යාමට හැකියාව තිබෙනවා. ගාලූ දිස්ත්‍රික්කයට පිහිටීමේ වාසියෙන් උපරීම ප්‍රයෝජන ලබාදීම අපේ අරමුණයි. ගාලූ නගරය දියුණු කිරීම පිළිබඳව වජිර අබේවර්ධන මහතා ඇතුළු අමාත්‍යවරුන් සමග සාකච්ඡා කර තිබෙනවා.

     

    ගාලූ නගරයේ එක් කොටසක් අප සංචාරක ව්‍යාපාරය වෙනුවෙන් තබා අනෙක් ගොඩනැගිලි වෙනත් තැන්වලට ගෙන යාම අපේ අරමුණයි. තවත් කොටසක් ගාල්ලේ තොරතුරු තාක්‍ෂණ දියුණුව සඳහා තබා ගන්නවා. නගරයේ වානිජ නිවාසවලට තවත් කොටසක් තබාගෙන ඒ සැලසුම් සකස් කරනවා.

    කොග්ගල වෙළෙඳ කලාපය තවත් දියුණු කිරීම සඳහා ඉඩම් තිබෙනවා. එම කාර්යය එතනින් නවතින්නේ නැහැ. ගාල්ල මාතර මායිමේ තිබෙන චාලි මවුන්ට් වත්ත ගෙන එහි ඊළඟ කර්මාන්ත කලාපය ඇති කිරීම අපේ අරමුණයි.

     

    දැනට මේ ප්‍රදේශයේ කුරුදු වගාවට වෙන් කර ඇති භඣමි භාගය වැඩි කිරීමට කටයුතු කරමින් සිටින බව දක්‍ෂිණ සංවර්ධන අමාත්‍යවරයා මෙන්ම ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යවරයා මට දැනුම් දුන්නා. මේ ප්‍රදේශයට උසස් අධ්‍යාපන ආයතන ගෙනෙන්න තවත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වෙනවා. මේ සියල්ලටම වඩා වැදගත් වන්නේ ගාල්ල ශ්‍රී ලංකාවේ සංචාරක කේන්ද්‍රස්ථානයක් බවට පත් කිරමයි. මත්තල ගුවන් තොටුපොළ සහ කටුනායක අතර, මැද පිහිටා තිබෙන ගාල්ල සංචාරක කර්මාන්තය දියුණු කිරීම සඳහා සුදුසුම ප්‍රදේශයයි.

     

    ඒ නිසා දවසකට ඩොලර් 800-1000 ක් වියදම් කළ හැකි, මුදල් තිබෙන සංචාරකයන් මෙහි එක්කරගෙන විත් මේ ප්‍රදේශවල ජනතාවට රැකියා පමණක් නොව ස්වයං රැකියා, ඇරැඹිය හැකි වැඩසටහන් මේ වසරේදී ආරම්භ කරනවා. එම වැඩසටහන් බෙන්තරින් අරඹනවා. දේද්දුව ඇතුළෙ ප්‍රදේශවල විශාල සංචාරක කලාප ඇති කිරීම අපේ අරමුණයි.

     

    ගාලූ නගරය මෙන්ම කොග්ගලත් සංචාරක කලාපයක් ලෙස දියුණු කළ යුතුව තිබෙනවා. ලංකාවේ පමණක් නොව දකුණු ආසියාවේම සංචාරක කලාපයක් ලෙස ගාල්ල දියුණු කිරීම අපේ අරමුණයි.

     

    මේ වාසි සියල්ල ගාලූ දිස්ත්‍රික්කයට ලැබෙනවා. ඒවාසිය ලැබෙන්නේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමන්ගේ මූලිකත්වයෙන් වසර පහක් අප එක්ව වැඩ කරන නිසයි. අප ගාල්ල කොග්ගල, දේද්දුව දියුණු කරනවා නම් කඹ ඇදිල්ලක් නැහැ. කඹ ඇදීම නතර වීමෙන් අපට ජනතාවට සේවයක් කිරීමට හැකියාව ලැබෙනවා. සියලූ දෙනාගේම වගකීම රට දියුණු කරන වැඩසටහනට සහයෝගය ලබාදීමයි.

     

    අද මේ රටේ පැහැදිලි විකල්ප දෙකක් තිබෙනවා. තිරසර යුගය යටතේ 2020 දක්වා අප එක්වී රට දියුණු කරනවාද? නැතිනම් පැරණි දේශපාලනයට ගොස් වැඩකටයුතු කඩාකප්පල් කරනවාද යන විකල්ප දෙකයි.

    අප මාධ්‍ය සංදර්ශනයෙන් රට දියුණු කරනවා කියා ජනතාවට පෙන්වනවාද? නැතිනම් මාධ්‍ය සංදර්ශන නැතිව ජනතාව හමුවට ගොස් ජනතා ප්‍රශ්න විසදා හොඳ අනාතගයක්, ජීවිතයක් ජනතවාට ලබා දෙනවාද යන්න තීරණය කරමු.

    ඒ අතුරින් හොඳ විකල්පය අප තෝරාගත යුතුයි. නිවැරැදි විකල්පය තෝරාගතහොත් අපත් දියුණු රටක් බවට පත් වෙනවා. දුප්පත්කම නැති වෙනවා. රට මුහුණ දී ඇති ප්‍රශ්නවලට පිළිතුරු දී අඩුගනින් දුප්පත් ජනගහනය 50% කින් අඩු කිරීමට හැකියාව ලැබෙනවා. ජනතාවගේ ආදායම වැඩි වෙනවා. අධ්‍යාපන ක්‍රමය දියුණු වෙනවා. හොඳ පාසල් ලැබෙනවා. හොඳ රැකියා උත්පාදනය වෙනවා. බය නැතිව ලෝකය හමුවට යාමට අවස්ථාව උදා වී තිබෙනවා.

     

    අනෙක් විකල්පය තෝරාගත්තොත් අපේ ණය බර වැඩි වෙනවා. ජනතාව තවත් අමාරුවේ වැටෙනවා. රටට අනාගතයක් නැති වෙනවා. දුප්පත්කම වැඩි වෙනවා. ඒ නිසා මේ වසර ඇරැව්ුමේදීම අප නිවැරදි විකල්පය තෝරාගත යුතුයි.

     

    රටක් ලෙස අපට තවත් ප්‍රශ්න රාශියකට මුහුණදීමට සිදු වෙනවා. අප එක්වී ඉදිරියට ගියහොත් මේ අවුරුදු කීපයේදී ප්‍රශ්න විසදා මීට වඩා ශක්තිමත්ව මීටත් වඩා විශ්වාසයකින් 2020 වසරට මුහුණ දීමට හැකියාව ලැබෙනවා. ශීඝ්‍රයෙන් ඉදිරියට යන ගමනට සියලූ දෙනාම එක්වන ලෙස ඉල්ලා සිටිනවා.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya