අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අරණායකට චීන - ශ්‍රී ලංකා මිත්‍රත්ව ගම්මානයක්

    ජනවාරි 12, 2017
    ශ්‍රී ලංකාව හා චීනය අතර පවතින දිගුකාලීන මිත්‍රත්වය තහවුරු කරමින් අරණායක සාමසැර කන්ද නායයාමෙන් ආපදාවට පත් අරණායක 
    ප්‍රදේශයේ ජනතාව වෙනුවෙන් සියළුම පහසුකම් වලින් යුතු නිවාස 100 කින් යුත් චීන - ශ්‍රී ලංකා මිත්‍රත්ව ගම්මානය ඉදිකිරීම දෙරටේ 
     
    දිගුකාලීන මිත්‍රත්වයට තවත් ශක්තියක් එකතු වීම ලාංකිකයන් වශයෙන් අප ලැබූ භාග්‍යයකි. 
     
    පාහියන් භික්ෂුවගේ  ශ්‍රී ලංකා ගමනටත් පෙර සිටම ශ්‍රී ලංකා චීන මිතුදම පැවති බවට ඉතිහාසය නිහඩ සාක්ෂි සපයයි. දිගුකාලීන මිතුරන් 
     
    වීමෙහි ලා බුදුදහම ද  පිටුවහලක් වූ බවට නිසැකය. විශේෂයෙන් ගෞතම බුදුරජාණන් වහන්සේගේ සුපේශල දහමින් සුපෝෂිත වූ දෙරටම 
     
    නිරන්තර සහයෝගයෙන් කටයුතු කර ඇත. එමෙන්ම සේද මාවතේ වෙළඳාම දිගුකාලීන මිත්‍රතත්වයක් ඇරඹීමට මූලික විය. අතීතයේ සේද 
     
    මාවතේ ප්‍රධාන වෙළඳ මාර්ගයද වැටී තිබුණේ මෙම රටවල් හරහාය. 
     
    මෑත අතීතයේ ශ්‍රී ලංකාවත් චීනයත් අතර රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් සබඳතා ඇතිවන්නේ 1956 දීය. එම රාජ්‍ය තාන්ත්‍රික සබඳතා වලට මේ 
     
    වන විට වසර 60 ක් සපිරේ. පසුගිය අවුරුදු 60 ඇතුළත චීනය විසින් අපට ලබා දී ඇති දායාදයන් අති විශාලය. විශේෂයේ කොළඹ 
     
    බණ්ඩාරණායක සම්මන්ත්‍රණ ශාලාව දකින අපට චීනය කිසිදා අමතක නොවේ. බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව ශ්‍රී 
     
    ලංකාවේ අනන්‍යතාව තහවුරු කරන සංකේත අතුරින් එකක් ලෙස දැක්වීම වරදක් නොවේ. දෙරට අතර ගොඩනැගෙන මිත්‍රත්වය දෙරටේම 
     
    සැපදුක දෙකේදීම එකාවන්ව කටයුතු කිරීමට යොදා ගෙන ඇත. විශේෂයෙන් ශ්‍රී ලංකාව ඉතා කුඩා රාජ්‍යයක් වුවද අපට රටට ඇති 
     
    ඵෙතිහාසික පෞඩත්වය ඉතා විශාලය. අප රටට බලපෑ ආපදාවලදී චීනයේ නිරන්තර සහය හිමි විය.
     
    2016 මැයි 17 වැනි දින ශ්‍රී ලංකාවට හිරු උදාවන්නේ මුළු ලෝවැසියන්ම සම්බුදු තෙමගුල සැමරීම සඳහා සූදානම් වන මොහොතක ය. 
     
    විශේෂයෙන් ශ්‍රී ලාංකිකයන් ද දාන ශීල භාවනා ආදී ආමිස හා ප්‍රතිපත්ති පූජාවන්ට සූදානම් වෙමින් සිටියහ. මාස කිහිපයක සිට පැවති 
     
    ඉඩෝරය ද අවසන් කරමින් දින කිහිපයක සිට ඇදහැලෙන වර්ෂාව ද ජනතාව තුළ තිබුණේ කුමන මතයක් ද යන්න පිළිබඳ අප නොදනී. ශ්‍රී 
     
    ලාංකිකයන්ගේ වෙසක් දින බලාපොරොත්තු උඩු යටිකුරු  කරමින්  2016/5/17 දින සවස අරණායක සාමසැර කන්ද නායයාම ආරම්භ විය. 
     
    මේ තත්තවය මුලින්ම දුටුවන්ගේ මතය වූයේ මෙය අති බිහිසුණු ඛේදවාචකයක පෙරනිමිත්තක් බවය. . සාමසැර කන්ද නාය යාමත් 
     
    සමගම ආපදාවන්ට පත්වූවන්ගේ සංඛ්‍යාව විසි දහසකට ආසන්නය. මිය ගිය හා අතුරුදහන් පිරිස 156 ක් ලෙස ගණන් බලා තිබුණි. මේ 
     
    තතත්වයක් සමග රටම එකම මළගෙයක් බවට පත්විය. අවසානයේ දී මිය ගිය අයගේ මළසිරුරු 57 ක් පමණ ආරක්ෂක අංශවල ධෛර්ය 
     
    සම්පන්න පරිශ්‍රමයෙන් සොයා ගැණිනි. අතුරුදහන් වූවන්ගේ සංඛ්‍යාව 99 කි. ඔවුන්ගේ දේහයන් තවමත් සාමසැර කන්දේ පස් කන්ද යට 
     
    සැගව ඇත. 
     
    ආපදාවන්ට ලක්වීමෙන් අනතුරුව දී ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාත්, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාත් ප්‍රමුඛ රජය අහිමි වූ මිනිස් 
     
    ජීවිත හැර අන් සියල්ල ජනතාවට ලබා දීමට අවශ්‍ය මගපෙන්වීම හා ලබා දුන්හ. එසේම දෙස් විදෙස් රාජ්‍ය නොවන සංවිධාන, විවිධ 
     
    ආයතනයන් ද ආපදාවන්ට ලක්වූවන් ගොඩනැංවීමට හා නිවාස සාදා දීමට අනෙකුත් යටිතල පහසුකම් සැළැස්වීමට ද ඉදිරිපත් විය.
     ලෝකයේ බොහෝ රටවල් අරණායක විපතේ දී අප සමග එක් වූයේ 2004 සුනාමි ව්‍යසනයේ දී අප සමග එක් වූ අයුරිනි. 
    සාමසැර කන්ද නාය යාමෙන් සෘජුවම හානියට පත් හා අධිඅවදානම් කලාප වල පදිංචිව සිටි පවුල් 2,000 කට ආසන්න පිරිසකට සුරක්ෂිත 
     
    ස්ථානවල නව නිවාස සාදා දීමට නියමිතය. මෙලෙස විපතට පත් පවුල් 100 ක් වෙනුවෙන් සියළුම පහසුකම් වලින් යුතුව අරණායක 
     
    රුවන්දෙණියේ දී ඉතාමත් සුරක්ෂිත නිවාස 100 ක් ඉදිකිරීමට චීන රජය ඉදිරිපත් වීම දෙරටේ දිගු කාලීන මිත්‍රතත්වය උදෙසා කෘතඥතාව 
     
    පිරිනැමෙන අවස්ථාවකි. 
     
    චීන ශ්‍රී ලංකා මිත්‍රත්ව ගම්මානයට මුල්ගල් තැබීම ආපදා කළමනාකරණ අමාත්‍ය අනුර ප්‍රියදර්ශන මහතාගේ සහ චීන රජයේ 
     
    නියෝජිතයන්ගේ ද මැති ඇමතිවරුන්ගේ හා නිලධාරීන්ගේ සහ ප්‍රදේශවාසීන්ගේ ප්‍රධානත්වයෙන් 2017/01/16 වන දින පෙරවරුවේ දී 
     
    සිදුකිරීමට නියමිතය.
     
    සටහන-
    එල්.පී තිලකරත්න
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya