මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජාතික පාරිභෝගික මිල දර්ශකය (පදනම 2013 = 100) : 2016 නොවැම්බර්

    දෙසැම්බර් 21, 2016

     

    ප්‍රවෘත්ති නිවේදනය

    ජාතික පාරිභෝගික මිල දර්ශකය :පදනම 2013=100: 2016 නොවැම්බර් ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව

    ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශය

     

    ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශය ජාතික පාරිභෝගික මිල දර්ශකය නිවේදනය කරමින් ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල් ආචාර්ය අමර සතරසිංහ මහතා 2016 නොවැම්බර් මාසයේ වාර්ෂික උද්ධමනය 4.1%ක් ලෙස ගණනය කර ඇති ‍බව ප්‍රකාශ කළේ ය.

    2016 ඔක්තෝම්බර් මාසයේ උද්ධමනය 5.0%ක් විය. 2015 නොවැම්බර් මාසයේ මිල ගණන් සංසන්දනාත්මකව ඉහළ මට්ටමක පැවතීම උද්ධමනය අඩුවීම සඳහා හේතුවක් විය. 2016 නොවැම්බර් මාසයේ උද්ධමනය සඳහා ආහාර කාණ්ඩයේ 0.7%ක හා ආහාර නොවන කාණ්ඩයේ 3.4%ක දායකත්වයක් පිළිවෙලින් ලබා දී ඇත.

     

    ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව 2016 නොවැම්බර් මස ජාතික පාරිභෝගික මිල දර්ශකය 116.6ක් ලෙස ප්‍රකාශයට පත් කර ඇත. නොවැම්බර් මාසයේ දර්ශකය ඔක්තෝම්බර් මාස‍යේ දර්ශකය (114.7) හා සංසන්දනය කළ විට 1.9ක දර්ශකාංක වැඩිවීමක් හා ප්‍රතිශතයක් ලෙස 1.7ක වැඩිවීමක් වාර්තා වේ. මෙම මාසික වෙනස්වීමට ආහාර කාණ්ඩයේ වියදම්වල වටිනාකම 0.50%කින් වැඩිවීම හා ආහාර නොවන කාණ්ඩයේ වියදම්වල වටිනාකම 1.17%කින් වැඩිවීම බලපා ඇත.

     

    2016 ඔක්තෝම්බර් මාසය හා සසඳන කල 2016 නොවැම්බර් මාසය සඳහා ආහාර කාණ්ඩයේ වියදම්වල වටිනාකම 0.50%ක වැඩිවීමක් දක්නට ඇත. මෙම වැඩිවීම සඳහා සහල්, පොල්, එළවළු, අර්තාපල්, දෙහි, ලොකුළූණු, තේ කොළ, මයිසූර් පරිප්පු, පොල්තෙල්, වියළි හාල්මැස්සන් හා රතුළූණු යන ආහාර ද්‍රව්‍යවල මිල වැඩිවීම බලපා ඇත. එසේ වුවත් අළුත් මාළු, පැපොල්, කුකුල් මස්, කෙසෙල්, අඹ, බිත්තර, අන්නාසි, සහ අමු මිරිස් යන ආහාර ද්‍රව්‍යවල මිල අඩුවීමක් වාර්තා වී ඇත.

     

    2016 ඔක්තෝම්බර් මාසය හා සසඳන කල 2016 නොවැම්බර් මාසය සඳහා ආහාර නොවන කාණ්ඩයේ වියදම්වල වටිනාකම 1.17%ක වැඩිවීමක් දක්නට ඇත. මෙම ආහාර නොවන කාණ්ඩයේ වියදම්වල වටිනාකම වැඩිවීම සඳහා ‘සෞඛ්‍ය’, ‘සන්නිවේදන’, ‘මධ්‍යසාර පාන වර්ග, දුම්කොළ හා මත්ද්‍රව්‍ය’, ‘නිවාස, ජලය, විදුලිය, ගෑස් හා වෙනත් ඉන්ධන’, ‘විවිධ භාණ්ඩ හා සේවා’, ‘විනෝදාත්මක හා සංස්කෘතික’, ‘ගෘහ උපකරණ හා ගෘහ ඒකක නඩත්තු කටයුතු’ සහ ‘රෙදිපිළි හා පාවහන්’යන කාණ්ඩවල වියදම්වල වටිනාකම වැඩිවීම බලපා ඇත. පසුගිය මාසය හා සසඳන කළ ‘ප්‍රවාහන’ සහ ‘ආපනශාලා හා හෝටල්’ යන කාණ්ඩවල වියදම්වල වටිනාකම ඉතා සුළු වැඩිවීමක් වාර්තා වී ඇත. ‘අධ්‍යාපන’ කාණ්ඩයේ වියදම්වල වටිනාකම නොවෙනස්ව පැවතුණි.

    2016 නොවැම්බර් 01 දින සිට ක්‍රියාත්මක වූ නව එකතුකළ අගය මත බදු (වැට්) අනුපාතයන් හේතුවෙන් භාණ්ඩ මිල වැඩිවීම නිසා ‘සෞඛ්‍ය’, ‘සන්නිවේදන’, ‘මධ්‍යසාර පාන වර්ග, දුම්කොළ හා මත්ද්‍රව්‍ය’ යන කාණ්ඩවල වියදම්වල වටිනාකම වැඩිවිය.

     

    ආචාර්ය ඒ. ජේ. සතරසිංහ

    අධ්‍යක්‍ෂ ජනරාල්

    ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව

    දුරකථන අංක: 011-2147001 / 011-2147020

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya