අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දිවිනැගුමෙන් ගොඩ නැගෙන කෑගල්ල

    නොවැම්බර් 14, 2016
    සමාජ සවිබල හා සුභ සාධක අමාත්‍යශය මගින් ක්‍රියාත්මක දිවි නැගුම සංවර්ධන වැඩසටහන යටතේ මේ වන විට කෑගල්ල දිස්ත්‍රික්කය තුළ රු. ලක්ෂ 385 ක ව්‍යාපෘතීන් රාශියක් ක්‍රියාත්මකව පවතී. 
    ප්‍රධාන සංරචක 5ක් යටතේ මේ වැඩසටහන ක්‍රියාත්මක වේ. ඒවා නම්  ජීවනෝපාය සංවර්ධන වැඩසටහන, සමාජ සංවර්ධන වැඩසටහන්, ග්‍රාමීය යටිතල පහසුකම් වැඩසටහන, ප්‍රජා මූල සංවිධාන ශක්තිමත් කිරීමේ වැඩසටහන හා ආදර්ශ ගම්මාන වැඩසටහන ලෙස දැක්විය හැකිය. මෙම සංරචක යටතේ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා රුපියල් මිලියන 38.56 ක ප්‍රතිපාදන ප්‍රමාණයක් කෑගල්ල දිස්ත්‍රික්කය සඳහා වෙන් කොට ඇති බව දිස්ත්‍රික් දිවි නැගුම අධ්‍යක්ෂ එච්. එම්. සී සුසන්ත හේරත් මහතා ප්‍රකාශ කරයි. 
     
    ජීවනෝපාය සංවර්ධන වැඩසටහන
     
    දිවිනැගුම ප්‍රතිලාභින්ගේ හා අඩු ආදායම් ලාභීන්ගේ ජීවනෝපාය සංවර්ධනය කිරීමේ අරමුණ ඇතිව ඔවුන්ගේ පවත්නා ව්‍යාපෘති වැඩි දියුණු කිරීම හා අළුතින් ව්‍යාපෘති ආරම්භ කිරීම සඳහා අවශ්‍ය පහසුකම් සැලසීමේ අරමුණ ඇතිව මෙම වැඩසටහන ක්‍රියාත්මක  කරනු ලැබේ.devineguma 2
     
    ඒ යටතේ කොළ එළවළු, පලා වර්ග හා දේශීය අල භෝග වගා කිරීමේ වැඩසටහන හා සමෘද්ධි වන රොද වැඩසටහන දැක්විය හැකිය. දේශිය අල වර්ග ව්‍යාප්ත කිරීමේ හා කාබනික එළවළු වගාව ප්‍රචලිත කිරීමේ අරමුණ ඇතිව මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කර ඇත. මේ යටතේ එක් වසමකින් තෝරා ගත් ප්‍රතිලාභින් 50 දෙනෙකු දේශීය අල වර්ග / පලා වර්ග හා කොළ ළුළවළු වගා කිරීම සඳහා අවශ්‍ය රෝපණ ද්‍රව්‍ය , බීජ වර්ග හා පැල වර්ග ලබා දීමට කටයුතු කෙරේ. ඒ අනුව දිස්ත්‍රික්කයේ සෑම ග්‍රාම නිලධාරී වසමකම තෝරා ගත් පොදු ස්ථානයක අවම වශයෙන් පැල/පළතුරු පැල 50 ක් රෝපණය කිරීමට කටයුතු යොදා ඇත. ඒ යටතේ දිස්ත්‍රික්කය තුළ පැල 28,650 ක් රෝපණය කිරීමට කටයුතු කරමින් පවතී. මෙම ව්‍යාපෘතිය සඳහා දැනට දිස්ත්‍රික්කයට රුපියල් මිලියන 1.074 ක ප්‍රතිපාදන ලබා දී ඇත. 
     
    ජීවනෝපාය සංවර්ධනය කිරීමේ වැඩසටහන  ( ස්වයං රැකියා ලාභීන් සඳහා උපකරණ, රෝපණ ද්‍රව්‍ය ලබා දීම ) 
     
    දිවිනැගුම ප්‍රතිලාභීන් සහ අඩු ආදායම්ලාභී ස්වයං රැකියාවල නිරතව සිටින ව්‍යවසායකයන්ගේ ව්‍යාපෘති ශක්තිමත් කිරීම සඳහා මෙම වැඩසටහන ක්‍රියාත්මක කර ඇත. මේ යටතේ කෘෂිකර්ම ව්‍යාපෘති 59 ක් සඳහා රුපියල් මිලියන 0.865 ක්, පශු සම්පත් සංවර්ධන ව්‍යපෘති 221 සඳහා රුපියල් මිලියන4.79 ක් හා වෘත්තීය පුහුණුව සඳහා ඉහත තරුණයින් යොමු කිරීමට අදාළව 84 දෙනෙකු වෙනුවෙන් රුපියල් මිලියන. 2.87 ක් ලෙස ප්‍රතිලාභීන් 607 දෙනෙකු මේ සඳහා තෝරා ගෙන ඇත. මේ වෙනුවෙන් දිස්ත්‍රික්කයට රුපියල් මිලියන  12. 643 ක මුදලක් වෙන් කොට ඇත. මේ වැඩසටහන යටතේ එක් ප්‍රතිලාභියෙකු වෙත ඇස්තමේන්තු මුදලින් 50% කටයුතු කෙරේ. 
     
    වතු ආශ්‍රිත ප්‍රජාව සඳහා අතිරේක ආදායම් උත්පාදන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම 
     
    වතු ආශ්‍රිතව ජීවත් වන ප්‍රජාවගේ අතිරේක ආදායම් මාර්ග උත්පාදනය සඳහා සැලසුම් කර ඇති ව්‍යාපෘතියකි. මේ යටතේ එක් ප්‍රතිලාභියෙකු සඳහා ව්‍යාපෘති ඇස්තමේන්තු මුදලින්  50 % ක උපරිමය රු. 50.000 ක ආපසු අය නොකරන ප්‍රදානයක් ලෙස ලබා දීමට කටයුතු කෙරේ. මේ වන විට කෘෂිකර්ම ව්‍යාපෘති 9 ක් පශු සම්පත් සංවර්ධන ව්‍යාපෘති 232 ක් හා කර්මාන්ත සංවර්ධනයට අදාළ ව්‍යාපෘති 114 ක් හා වෘත්තීය පුහුණුව සඳහා යොමු කිරීම් 1 ක් ලෙස ව්‍යාපෘති 356 ක් සඳහා ප්‍රතිලාභීන් තෝරා ගෙන ඇති අතර ව්‍යාපෘතිය සඳහා වෙන් කොට ඇති මුදල රුපියල් මිලියන 4.30 ක් වේ. 
     
    දිවි නැගුම අලෙවි සංවර්ධන වැඩසටහන
     
    දිවි නැගුම ප්‍රතිලාභීන් සහ අඩු ආදායම් ලාභී නිෂ්පාදන සඳහා වඩා හොඳ අලෙවි අවස්ථා ඇති කිරීම සඳහා මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරේ. ඒ යටතේ දී ප්‍රතිලාභින් වෙත ජංගම අලෙවි රථ හා ජංගම අලෙවි කුටි ලබාදීම සඳහා ප්‍රතිලාභින් 16 ක් සඳහා රුපියල් මිලියන 1.25 ක මුදලක් හා තම අතිරික්ත නිෂ්පාදන ගබඩා කර ගැනීම සඳහා ගබඩා පහසුකම් අවශ්‍ය ප්‍රතිලාභීන් සඳහා ගෘහස්ථ ගබඩා ඉදිකිරීමට ව්‍යවසායකයින් 3 ක් සඳහා රුපියල් මිලියන 0.3 ක මුදලක් වෙන් කර ඇත.
     
    එසේම ව්‍යවසායකයින්ගේ දැනුම වර්ධනය කිරීමේ අරමුණ ඇතිව විවිධ පුහුණු වැඩසටහන් පැවැත්වීම සඳහා රුපියල් මිලියන  0.495 ක වෙන් කර ඇත. ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් සිටින ව්‍යවසායකයින් ඒකරාශී කොට ඔවුන් ශක්තිමත් කණ්ඩායම් ලෙස ගොණු ගත කිරීමේ අරමුණ ඇතිව සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකම එක් ව්‍යාපාරික සංගමය බැගින් ඇති කිරීමට කටයුතු යොදා ඇත. මෙම වැඩසටහන යටතේ දිස්ත්‍රික්කයේ ව්‍යාපාරික සංගම් 11 ක් බිහි කර ඇති අතර  මේ සඳහා රුපියල් මිලියන 0.6 ක මුදලක් වෙන් කර ඇත. 
    Divi Neguma 3 
    දිවිනැගුම ආදර්ශ ගම්මාන වැඩසටහන 
     
    ආහාර නිෂ්පාදන ජාතික වැඩසටහන හා ඒකාබද්ධව වස විස නැති රටක් හා ධාර්මික ගොවිතැනක් නිරෝගිමත් ජනතාවක් බිහිකිරීමේ අරමුණින් ඒකාබද්ධ ප්‍රවේශයක් තුළින් සමෝධානික, බහු ආංශික පරිසර හිතකාමී වූ ආදර්ශ ගම්මානයක් නිර්මාණය කිරීම මෙම වැඩසටහන යටතේ අපේක්ෂා කෙරේ. ඒ අනුව මේ වන විට දිස්ත්‍රික්කයේ මාවනැල්ල, ගලිගමුව යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල එක් ආදර්ශ ගම්මානයක් බිහි කිරීම සඳහා එක් ගම්මානයක රුපියල් මිලියන 0.07 බැගින් මිලියන 14 ක ප්‍රතිපාදන ලබා දී ඇති අතර ඉතිරි ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස 9 ටද ආදර්ශ ගම්මාන ඇති කිරීම සඳහා ප්‍රතිපාදන ලබාදීමට නියමිතව ඇත. 
     
     
    දිවිනැගුම සමාජ සංවර්ධන වැඩසටහන
     
    2016 වර්ෂයේ දී දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුව සමාජ සංවර්ධන අංශයේ ප්‍රතිපාදන මත ක්‍රියාත්මක කරනු ලබන වැඩසටහන් වලට අනුව දිරි ලියට සෙවණක් නිවාස වැඩසටහන මාර්තු 8 වන දිනට යෙදෙන ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව වැන්දඹු හා කාන්තා මූලික පවුල් වල නිවාස අවශ්‍යතා ඉෂ්ඨ කර ගැනීම වෙනුවෙන් ක්‍රියාත්මක කරන ලද නිවාස වැඩසටහනකි. 
     
    ඒ යටතේ දිස්ත්‍රික්කය තුළ නිවාස 35 ක් ඉදිකිරීම ආරම්භ කර ඇති අතර එක් නිවසක් සඳහා රු. 150,000 ක මුදලක් ලබා දී ඇත. දිස්ත්‍රික්කය සඳහා රුපියල් මිලියන 4.8 ක මුදලක් වෙන් කර ඇත. නිවාස ඉදිකිරීමේ දී ප්‍රදේශයේ දානපතියන්ගේ ධන පරිත්‍යාගයෙන් හා අනෙකුත් ශ්‍රම දායකත්වය මත නිමි වටිනාකම රුපියල් මිලියන 0.5 ක අධික වටිනාකමකින් යුක්ත නිවසක් ඉදිකිරීමට සැළසුම් කර ඇත. 
     
    ළමා සමාජ දිස්ත්‍රික් සංස්කෘතික තරගාවලිය 2016 සැප් 24 දින ගලිගමුව මධ්‍ය මහා විද්‍යාලයේ දී පවත්වන ලදී. ප්‍රාදේශීය මට්ටමේ පවත්වන තරගවලින් ප්‍රථම ස්ථානය දිනාගත් ජයග්‍රාහකයින්ගේ සහභාගීත්වයෙන් දිස්ත්‍රික් තරග සිංහල හා දෙමළ මාද්‍ය වලින් පවත්වන ලදී. මෙම තරගාවලියේ දිස්ත්‍රික් මට්ටමේ ජයග්‍රාහකයින් සඳහා සමස්ත ලංකා සිංහල මාධ්‍ය තරගය 2016.10.23 දින , දෙමළ මාධ්‍ය තරග 2016.10.16 දින රාහුල බාලිකා විද්‍යාලයේ දී පවත්වන ලදී. 
     
    සමෘද්ධි  සහනාධාර වැඩසටහන  
    දැනට සමෘද්ධි සහනාධාර ලබන ප්‍රතිලාභින් සහ අළුතින් සහනාධාර ඉල්ලා ඇති අඩු ආදායමිලාභීන් සම්බන්ධයෙන් සිදුකරන ලද සමීක්ෂණය අනුව මේ වන විට සියළුම සමීක්ෂණ කටයුතු අවසන් කර ඇත. සමීක්ෂණ ප්‍රතිඵල පරිගණක ගත කරීම මේ වන විට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමෙන් ආරම්භ කර ඇති අතර පරිගණක ගත කර යුතු සංඛ්‍යාව 106. 339 කි. 
     
     
    නිවාස ලොතරැයි වැඩසටහන
     
    සමෘද්ධි සහනාධාරලාභීන්ගේ නිවාස අවශ්‍යතා සම්පූර්ණ කිරීමේ අරමුණ සාක්ෂාත් කර ගැනීම සඳහා සමෘද්ධි නිවාස ලොතරැයි භාරකාර අරමුදල මගින් ක්‍රියාත්මක කරනු ලබන වැඩසටහනකි. මෙහි දී එක් ජයග්‍රණයක් වෙනුවෙන් රු. ලක්ෂ 2 ක මුදලක් පරිත්‍යාග ලෙස ලබා දේ. ඒ අනුව ජනවාරි සිට ජූනි දක්වා කෑගල්ල දිස්ත්‍රික්කයෙන් ද නිවාස ලොතරැයි ජයග්‍රහණ 54 ක් ලැබී ඇත. මේ අතරින් නව නිවාස ඉදිකිරීම් 9 ක් නිවාස අළුත්වැඩියා කිරීම් 38 ක් සහ අදායම් උත්පාදන කාර්යන් සඳහා යෙදවීම් 6ක් සඳහා ඉහත ජයග්‍රාහකයන් මුදල් යොදවා ඇත.“
     
    කෑගල්ල දිස්ත්‍රික් ජනතාවගේ ජීවනෝපාය ඉහළ නැංවීම සඳහා වත්මන් රජය මගින් ක්‍රියාත්මක දිවිනැගුම සංවර්ධන ව්‍යාපෘතිය ජනතාවගේ නොමඳ ප්‍රසාදයට ලක්ව ඇත. 
     
     
    එල්.පී.තිලකරත්න
    කෑගලු දිස්ත්‍රික් - ප්‍රවෘත්ති නිලධාරී
     
     
     
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya