අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ගෝලීය තරුණ සංවර්ධන දර්ශකය - ශ්‍රී ලංකාව ඉහළ ස්ථානයක

    නොවැම්බර් 04, 2016

    ගෝලීය තරුණ සංවර්ධන දර්ශකය අනුව, 2016 වසරේ දී රටවල්  183ක් අතරින් ශ්‍රී ලංකාව 31 වැනි ස්ථානයට පැමිණ ඇති බවත්, ආසියාවේ රටවල් ගණනාවක් අභිබවා ශ්‍රී ලංකාව ඉදිරියට පැමිණීම මෙරට තාරුණ්‍ය ලැබූ ජයග්‍රහණයක් බවත් ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා පැවසීය.

    පොදුරාජ්‍ය මණ්ඩලයේ ලේකම් කාර්යාලය විසින් නිකුත් කල ගෝලීය තරුණ සංවර්ධන දර්ශක වාර්තාව පිලිබඳ විශේෂ ප්‍රකාශයක් කරමින් රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා මෙම අදහස් පැවසීය.

    අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා යටතේ ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු අමාත්‍යංශය, තරුණ කටයුතු පිළිබඳ වගකීම භාරව කටයුතු කරයි. පොදුරාජ්‍ය මණ්ඩලය මේ වසරේ ගෝලීය තරුණ සංවර්ධන දර්ශක වාර්තාව තරුණ තරුණියන්ගේ අධ්‍යාපන සංවර්ධනය, සෞඛ්‍ය සහ සුබ සාධනය, සේවා නියුක්තිය සහ රැකියා අවස්ථා, දේශපාලන සහභාගිත්වය, ප්‍රජා සහභාගිත්වය යන  මුලික කොන්දේසි මත සකස් කර තිබේ.

    මේ පිළිබඳ වැඩි දුරටත් අදහස් දැක් වූ රාජ්‍ය අමාත්‍යවරයා මෙසේද පැවසීය.

    ගෝලීය තරුණ සංවර්ධන දර්ශක වාර්තාව  අනුව පළමු ස්ථානයේ ඉන්නේ ජර්මනිය. මුල්ම රටවල් පහ අතර ඩෙන්මාර්කය, ඔස්ට්‍රේලියාව, ස්විට්ස්ර්ලන්තය, එක්සත් රාජධානිය යන රටවල් තිබෙන්නේ. මෙවැනි සංවර්ධිත රාජ්‍යන් සමඟ සංවර්ධනය වෙමින් පවතින අප වැනි රටකට ඉදිරියට එන්න තියෙන අවස්ථා විරලයි. ආසියානු කලාපයේ තරුණ සංවර්ධනයේ දුර්වලතම රට ඉන්දියාව. භූතානය 69 වන ස්ථානයේ ඉන්නේ, නේපාලය 77, බංගලාදේශය 146, පකිස්ථානයට හිමිවෙලා තිබෙන්නේ 154 වන ස්ථානයයි. ලෝකයේ තරුණ සංවර්ධනය සාමාන්‍ය වේගයකින් සිදුවෙද්දී ශ්‍රී ලංකාවේ තරුණ සංවර්ධනය සීග්‍රයෙන් ඉදිරියට පැමිණීම වත්මන් රජයේ තරුණ ප්‍රතිපත්තියේ සහ තරුණයන් වෙනුවෙන් කරන කැපකිරීම් වල ප්‍රතිපලයක් බව සදහන් කළ යුතුයි. ශ්‍රී ලංකාවේ අනාගත අයිතිකරුවන් වන තරුණ ප්‍රජාව ශක්තිමත් කිරීම රජයක් ලෙස අපේ මුලික අභිප්‍රායක්. පසුගිය කාලයේ මෙන් දේශපාලන අතකොලු බවට තාරුණ්‍ය පත් නොකර සියලු අංශයන්ගෙන් තාරුණ්‍ය ඉදිරියට ගෙන යාමට අප කටයුතු කරනවා.   අග්‍රාමාත්‍යතුමා තාරුණ්‍ය පිලිබඳ සංවේදී වන විෂයන් කෙරෙහි අවධානය යොමු කරමින් තරුණ කටයුතු අංශය එතුමන්ගේ අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක කරන්නට කටයුතු කළේ මේ නිසයි.  

     

    අග්‍රාමාත්‍යතුමාගේ සංකල්පයක් ලෙස බිහි වුණ තරුණ තරුණියන් වෙනුවෙන් තිබෙන මේ රටේ ප්‍රධානම ආයතන වන ජාතික තරුණ සේවා සභාව සහ ජාතික යොවුන් සේනාංකය මගින් තාරුණ්‍ය සංවර්ධනය වෙනුවෙන් සුවිශාල වැඩකොටසක් මේ වන විට ක්‍රියාත්මක කරමින් තිබෙනවා.

     

    අග්‍රාමාත්‍යතුමාගේ සංකල්පයක් අනුව ආරම්භ වූ යොවුන්පුරය වැඩසටහන මගින් සැම දිස්ත්‍රික්කයකම තරුණ තරුණියන්ගේ දැනුම,ආකල්ප, කුසලතා සංවර්ධනය කිරීමට වගේම විදේශීය තරුණ තරුණියන් සමග අත්දැකීම් හුවමාරු කර ගැනීමටත් මෙමගින් අවස්ථාව උදාවුණා.තාරුණ්‍යයේ ශක්තිය උරගා බලන යෞවන ක්‍රීඩා උළෙල මගින් සෞඛ්‍යමත් තරුණ ප්‍රජාවක් බිහිකිරීමට වගේම ජය පරාජය විඳ දරා ගැනීමත් ජාත්‍යන්තරයට යෑමට අවස්ථාව උදා කර ගනිමටත් හොඳ අවස්ථාවක්නිර්මාණය වෙනවා. තාරුණ්‍යයේ හැකියා උරගා බලන යොඋත් ගොට් ටලෙන්ට් වැඩසටහන  නවතම මාදිලියේ රියැලිටි වැඩසටහනක් ලෙස ආරම්භ කිරීම තාරුණ්‍ය වෙනුවෙන් නවතම මාර්ගයක් නිර්මාණය කිරීමක් ලෙස හැදින්විය හැකියි. ඉන්දියාව, කටාර් රාජ්‍ය ඇතුළු විදේශීය රටවල් කිහිපයක් සමග තරුණ සංවර්ධනයට අදාළව අවබෝධතා ගිවිසුම් අත්සන් කරන ලද අතර, එම අවබෝධතා ගිවිසුම් මගින් තරුණ තරුණියන් බල ගන්වන්නටත් අපට හැකි වුණා. ඒ වගේම නායකත්ව පුහුණුව, පෞරුෂ සංවර්ධනය තුළින් තරුණ තරුණියන් රැකියා ඉලක්ක කරගත් මුලික පුහුණුව ලබා දීම අරමුණු කර ගනිමින් ජාතික යොවුන් සේනාංකය හරහා මොණරාගල, රත්නපුර, ගාල්ල, දිස්ත්‍රික් සහ  උතුරු පළාත අවරණය වන පරිදි අලුතින් පුහුණු ආයතන 13ක්  ආරම්භ කලා. මිට අමතරව තාරුණ්‍ය තුළ සාහිත්‍ය, කලා හැකියාවන් වර්ධනය, තරුණ ව්‍යවසායකයන් නගා සිටු වීම. නවෝත්පාදන හැකියාවන් සහිත තරුණ තරුණියන් නගාසිටුවීම.

     

    භාෂා දැනුම සංවර්ධනය සහ වෘත්තීය පුහුණුව මගින් රැකියා වෙළඳපොළ ජයගැනීමට අවස්ථාව සලසා දීම. තරුණ හුමාරු වැඩසටහන් මගින් දෙස් විදෙස් අත්දැකීම් මගින් තාරුණ්‍යයේ අභියෝග ජය ගැනීමට සහ අන්තර්සම්බන්දතා වර්ධනය කිරීම සහ සියලුම දිස්ත්‍රික් අවරණය වන පරිදි යෞවන සමාජ සම්මේලන අලුතින් පිහිටුවීම ආදී වැඩසටහන් මගින් මෙරට තාරුණ්‍යයේ සංවර්ධනයට අවස්ථාවන් උදාකර දීමත් ලාංකික තාරුණ්‍යයේ වටිනාකම් ඉහල මට්ටමකට පැමිණීමට හේතුවක්.

    ඒ වගේම තරුණ තරුණියන්ගේ අධ්‍යාපන සංවර්ධනයත්, සෞඛ්‍ය සංවර්ධනයත් වෙනුවෙන් ඒ ඒ රාජ්‍ය ආයතන හරහා විවිධ ක්‍රියාදාමයන් දියත් කිරීමට අග්‍රාමාත්‍යතුමා උපදෙස් දී තිබෙනවා. මෙරට රැකියා නියුක්තිය දෙස බැලුවම මේ රජය බලයට පත් කාලය තුළ වැඩි පිරිසකට රැකියා අවස්ථා හිමිවීම දැකගත හැකියි. විශේෂයෙන් පෞද්ගලික ක්ෂේත්‍රයේ රැකියා නියුක්තිය වැඩි වී තිබෙනවා. එක්තරා පිරිසකට සිමා වී පැවති  අවස්ථාවන් අප රජය යටතේ සැමට සමව බෙදා දෙමින් තාරුණ්‍ය වෙනුවෙන් අවස්ථා නිර්මාණය කරමින් තිබෙනවා.

     

    තාරුණ්‍යයේ දේශපාලන සහභාගිත්වය එක් පක්ෂයකට කොටු කරන්න හෝ සිමා කරන්න අපි කටයුතු කලේ නැහැ. විශේෂයෙන් යොවුන් පාර්ලිමේන්තුව හරහා තාරුණ්‍යයේ දේශපාලන සහභාගිත්වය පිළිබඳ  ලෝකයට ආදර්ශයක් දෙන්නට අපට හැකි වී තිබෙනවා.

    ජනතාව වෙනුවෙන් ජිවත්වන ජනතාවක් නිර්මාණය කිරීම රටක සංවර්ධනයට බෙහෙවින් වැදගත්. එදා අපට හිමි නොවුණු අවස්ථා අද තාරුණ්‍යට ලබා දෙන්නට අපි කටයුතු කරනවා. භෞතික සංවර්ධනය පිළිබඳ පුහු විවේචනයන් එල්ල කරන සියලු දෙනාට මම කියනවා. අපේ රටේ අනාගත උරුමක්කරයින්ගේ සංවර්ධනය  ඉහළ තත්ත්වයකට ගෙන ඒම අප දකින සංවර්ධනයේ තවත් එක පෙරනිමිත්තක් බව. එමෙන්ම වත්මන් රජයේ සංවර්ධනය හුදු කොන්ක්‍රීට් ගොඩක් නොවන බවත්, සංකල්පමය වශයෙන් සහ ආකල්පමය වශයෙන් ඉදිරිය දකින මානව ප්‍රජාවකගේ සංවර්ධනය සමග භෞතික අවශ්‍යතා ගොඩනැංවීම පාදක කරගත් සංවර්ධන ක්‍රියාදාමයක් බවත් රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya