මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    "මනමේ" නාට්‍යයට 60 වසරක් සපිරේ

    නොවැම්බර් 03, 2016
    මනමේ නාට්‍යය සිය  60 වන උපන් දිනය සමරන්නේ අදයි.  1956 නොවැම්බර් මස 03 වනදා ප්‍රථම වරට මනමේ වේදිකා ගත වුයේ ලයනල් වෙන්ඩ්ට් රඟහලේදීය.මනමේ නාට්‍යයත් එය මෙලොවට බිහිකළ මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන් පිළිබදවත් අද මෙලෙස සිහිපත් කරමි.
    මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන් ශ්‍රී ලාංකික නාට්‍ය රචකයෙක්, නවකතාකරුවෙක්, කවියෙක්, සාහිත්‍ය විචාරකයෙක්, නිබන්ධකයෙක් සහ සමාජවිවේචකයෙක් ද වේ.  1956 දී ඔහුගේ ප්‍රථම නාට්‍යය වන මනමේ නාටකය නිෂ්පාදනය කළ අතර එය ප්‍රථම සැබෑ සිංහල නාට්‍ය ලෙස සලකනු ලැබේ. 
     
    එදිරිවීර සරච්චන්ද්‍රයන් 1914 ජුනි 3 වැනිදා උපත ලැබීය.ගාල්ලේ රිච්මන්ඩ්, පානදුර ශාන්ත ජෝන් , ගල්කිස්සේ ශාන්ත තොමස් හා ගාල්ලේ ශාන්ත ඇලෝසියස් යන විද්‍යාලවලින් මූලික අධ්‍යාපනය ලැබු ඔහු කොළඹ විශ්ව විද්‍යාලයේ සිංහල, සංස්කෘත හා පාලි විෂයයන් හැදෑරූ අතර 1936 වර්ෂයේ ගෞරව සම්මාන සහිතව සිය උපාධිය ලබා ගත්තේය.
     
    පසුව ඔහු ගුරුවරයෙකු ලෙස රැකියාව ආරම්භ කර ඉන්පසුව ඔහු ලේක් හවුස් ප්‍රකාශන ආයතනයේ පරිපාලන තනතුරද  සිංහල ශබ්ද කෝෂයේ උප සංස්කාරකවරයෙකු ලෙස හා  කොළඹ විශ්ව විද්‍යාලයේ පාලි කථිකාචාර්යවරයෙකු ලෙසද කටයුතු කළේය.maname 2
     
    1983 වර්ෂයේ දී දකුණු ඉන්දීය කේරළ රාජ්‍යය විසින් ඔහුට කුමාරන් ආසියානු ලෝක ත්‍යාගය ප්‍රදානය කරන ලදී. 1988 වර්ෂයේ දී ඔහු සාහිත්‍යය සඳහා රාමන් මැග්සේසේ ත්‍යාගය දිනා ගත්තේය. එසේම එදිරිවීර සරත්චන්ද්‍රයන්ගේ සිය වැනි ජන්ම දිනය නිමිත්තෙන් එතුමන්ගේ සේවය අගයමින් යුනෙස්කෝ පිළිගැන්මට ලක්විය‍‍ යුනෙස්කෝ පිළිගැන්මට ලක්වු ආසියාවේ දෙවැනියා සරත්චන්ද්‍රයන්ය. 
     
    දේශීය නාට්‍යය කලාව ගොඩ නෑගීමට උත්සාහ දැරූවන් අතර මුල් තැනක් එදිරිවීර සරච්චන්ද්‍රයන් හට හිමිවේ.ලාංකීය නාට්‍ය කලාව තුල සම්භාවනාවට පාත්‍ර වූ නාට්‍යයයි, මනමේ.
     
    මනමේ කතාව ලෙස ප්‍රචලිතව ඇති ජන කතාවට මූලාශ්‍ර වී ඇත්තේ පන්සිය පනස් ජාතක පොතෙහි 372 වෙනි ජාතක කතාව ලෙස දැක්වෙන චුල්ල ධනුග්ගහ ජාතකයයි.  සරච්චන්ද්‍රයන් විසින් මනමේ නිෂ්පාදනය කරන්නේ චුල්ල ධනුග්ගහ ජාතකයේ සැකිල්ල ගෙන එයට සිය පෞද්ගලික අදහස් ද එක් කරමිනි.
     
    වර්තමානයේ මනමේ ලබන පේ‍්‍රක්ෂක ප‍්‍රතිචාර අනාගතයේදී ද බලාපොරොත්තු විය හැකි වන්නේ මෙය එක්තරා යුගයකට පමණක් සීමා වූ නාට්‍යයක් නොවන බැවිනි. මනමේ නාට්‍යයේ එන කතා වස්තුව සර්වකාලීන අගයකින් යුක්ත මානුෂික ගුණාංග වලින් යුත් නාට්‍යයකි.  
     
    ශ්‍රී ලංකා විශ්වවිද්‍යාලයේ සිංහල නාට්‍ය මණ්ඩලය වෙනුවෙන් ඉදිරිපත් කරන ලද මනමේ නාටකයේ මංගල දර්ශනය පණගැන්වූයේ විශ්ව විද්‍යාල ශිෂ්‍ය පිරිසකි.
     
    ශ්‍යාමන් ජයසිංහ පොතේ ගුරු ලෙස ද, බෙනඩික්ට් සිරිමාන්න මනමේ කුමරු ලෙස ද, ට්‍රිලීෂියා අබේකෝන් සහ හේමමාලී ගුණසේකර මනමේ කුමරිය ලෙස ද, එඩ්මන් විජේසිංහ වැදි රජ ලෙස ද, චරිත නිරූපණය කළහ. ලයනල් ප්‍රනාන්දු, ඇම්. බී. අදිකාරම් හා ඉන්ද්‍රාණී පීරිස් ද අවශේෂ නළු නිළියන් අතර වූහ.
     
    මනමේ නිෂ්පාදනයට අලංකාරයක් ලැබුණේ භාරතීය හා ලාංකීය ප්‍රතිමා ශිල්පයේ ආභාසය ලබමින් මහාචාර්ය සිරි ගුණසිංහ කළ වෙස් නිර්මාණයෙන් හා අංග රචනයෙන් ය. අනතුරුව, හෙන්රී ජයසේන මනමේ කුමරු ලෙස රංගනයට දායක වූ අතර, ඒ පී. ගුණරත්න පියසේන කොස්තා සහ පද්මකුමාර් එදිරිවීර අංග රචනයෙන් දායක විය.
     maname 002
    නැටුම් නිර්මාණය වසන්ත කුමාරයන් අතින් වූ අතර, මනමේ රචනයේදීත්, නිෂ්පාදනයේදීත් සරච්චන්ද්‍රයන්ට සුවිශේෂී සහායක් ලබා දුන්නේ චාර්ලිස් ද සිල්වා ගුණසිංහ ගුරුනාන්සේ ය. මද්දලය පෙරටු කොටගත් වාද්‍ය වෘන්දය මෙහෙයවනු ලැබුයේ ද ගුණසිංහ ගුරුනාන්සේ විසිනි.
     
     
    AP
     
     
     
     
     
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya