මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මානසික ආතතියට ජනමාධ්‍යයේ බලපැම

    අගෝස්තු 01, 2016
    ශ්‍රි ලංකාව තුළ මානසික ආතතිය වැඩි වීමට ජනමාධ්‍ය බලපා ඇති බව කැළණිය විශ්ව විද්‍යාලයේ ජනමාධ්‍ය අංශයේ අංශාධිපති මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා සදහන් කරයි. ප්‍රාථමික යුගයේ මිනිසා සතුව ප්‍රචණ්ඩත්වය තිබුනේ නැහැ. නමුත් දැන් ඇගේ හැපුනත් ගහගන්න තරම් එය දරුණු වී තිබේ.
    මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා මෙම අදහස් දැක්වුයේ පශ්චාත් ආපදා වාර්තාකරණය සහ ජනමාධ්‍ය ආචාරධර්ම පිළිබදව කෑගල්ලේ  පැවති වැඩමුළුවක් අමතමින්ය. 
     
    මෙහිදී වැඩි දුරටත් අදහස් දැක්වු ඒ මහතා මෙසේද  පැවසීය. ශ්‍රි ලංකාව එක්තරා ආකාරයකට බරපතල ලෙස නිරන්තර ආපදාවන්ට ලක් වන රටක් බවට පත් වෙලා. ඒ අතර මිනිසා විසින් නිර්මාණය කර ගන්නා දේවල් නිසා ලංකාවේ සමාජය නිරන්තරයෙන් මුහුණ දෙන දේශපාලන ගැටුම්, සමාජ ගැටුම්, ප්‍රචණ්ඩකාරී ක්‍රියාද, ත්‍රස්තවාදී ක්‍රියාවන්ද තියෙනවා. අපි ඒවා දකිනවා මිනිසා විසින් ඇති කර ගන්නා වු ආපදාවන්  ලෙස. ස්වභාවික නොවන දේවල් ගැන මාධ්‍ය අධ්‍යයනය කිරිමේදී අපේ රටේ මුලින්ම තියෙන්නේ පුවත්පත් මාධ්‍යයයි. ලෝකයේ හැම රටකම එහෙමයි. ඊට පස්සේ තියෙන්නේ ගුවන් විදුලිය. ඊටත් පස්සේ තමයි රුපවාහිනී මාධ්‍ය තියෙන්නේ. 
     
    ලෝකයේ සෑම සංවර්ධනය වන රටකටම  පුවත්පත් කලාව හදුන්වා දුන්නේ ඇයි. 17 වන සියවසේ යුරෝපයේ පුවත්පත් කලාව ආරම්භ වෙනවා. ඒ මුලින්ම ආරම්භ වු පුවත්පත් ඒ රටවල් වල ඒ වැඩවසම් පාලන කාලයේ පාලකයාගෙන් සාමාන්‍ය ජනතාවට තොරතුරු දැනගැනීමේ මාධ්‍යයක් විදිහට තමයි පුවත්පත් ආරම්භ වුනේ. 
     
    නමුත් 17, 18,19 සියවස් වල ලෝකයේ ඉතාම සවිස්තරාත්මක තොරතුරු දැන ගැනීමේ මාධ්‍යයක් ලෙස පුවත්පත් සංවර්ධනය වුනා. මේ තොරතුරු වල මුලික දෙයක් මිනිසා නිරන්තරයෙන්ම බලාපොරොත්තු වෙන දේවල්, එහිදි සාමාන්‍ය ජනතාවට ඕනෑ වන්නේ කාර්මීකරණයයි. නාගරීකරණය, වාණිජකරණය සමාජයේ ව්‍යාප්ත වෙනකොට ඇයි? මොකද? කොහේද?කීයද? මොනවද?මොකටද ?මොකද? කියන එක ඉස්මතු වුනා. 
    උදාහරණයක් විදිහට අරනායක නාය  යෑම සිදු  වුනාට  පස්සේ ඒ සිද්ධිය පිළිබද මුලික තොරතුරු දැම්මාට පස්සේ ඇයි, මොකද, කොහෙද , කීයද, මොනවද, ඊලගට  යන කාරණය මිනිසා අසනවා.  මේ අහන අතුරු ප්‍රශ්න වලට උත්තර සපයා ගන්න මාධ්‍යවේදීන්ට  කරුණු හොයන්න ඕනෑ වුනා. 
     
    අප වාගේ රටක අවාසනාවකට අර මම කීවා වාගේ ස්වභාවික  විපත් නිරන්තරයෙන් සිදු වෙමින් තිබෙනවා. ඊටත් වඩා මිනිසා විසින් ඇති කර ගන්නා ව්‍යසනයන්  විශාල ප්‍රමාණයක් තියෙනවා. උදාහරණයක් වශයෙන් ලංකාවේ මෑත ඉතිහාසයේ නිදහසින් පස්සේ  සෑම අවුරුදු 10 කට වතාවක්  මිනිසා විසින් ඇති කර ගන්නා ව්‍යසනයන් අපි දකිනවා.rohana1
    ඒවා ජනවාර්ගික ගැටුම් වෙන්නත් පුළුවන්. නැතිනම් ප්‍රචණ්ඩකාරී ක්‍රියා වෙන්නත් පුළුවන්. නැත්නම් ත්‍රස්තවාදී ක්‍රියා වෙන්නත් පුළුවන්.  මහා විශාල ව්‍යසනයන් මගින් දස දහස්  ගණන් ජනතාව අපේ සමාජයෙන් වලක්වන්න පුළුවන් හේතු මත අපි සමාජයෙන් අයින් කරනවා. අපිට ස්වභාවික විපත් කියන කාරණය මිනිසාගේ පාලනයෙන් පරිබාහිරව තියෙන දෙයක් ගංවතුර නැතිනම් සුනාමි වෙන්න පුළුවන් සුළි සුලං වෙන්න පුළුවන්. වෙනත් ටොනාඩෝ තත්වයක් වෙන්න පුළුවන්. මේ තත්වයන් මිනිසාගේ පරිපාලනයෙන් බාහිරවයි  තියෙන්නේ. ඒවාත් යම් ප්‍රමාණයකට අවම කර ගැනීමට කථා බහට ලක් වෙලා තියෙනවා. 
     
    නමුත් අපි වගේ සමාජයක අනික් සිදුවීම් අති විශාල ප්‍රමාණයක් තියනවා. අපට මේ පිළිබදව වාර්තා කිරිමේ අභ්‍යාසයක් පුහුණුවක්  දැනුවත් භාවයක් අපේ සමාජයේ මාධ්‍යවේදීන්ට ලබා දිලා  නැහැ. දැන් මම හැමදාම කරන චෝදනාවක් තියෙනවා. මේ සමාජයේ ඇති වී තිබෙන ස්වභාවික විපත් සේම එක්තරා ප්‍රමාණයකට විශේෂයෙන් මිනිසා විසින් ඇති කර ගත්තාවු ඇති කරගෙන තියෙන ව්‍යසනයන්ට මේ රටේ ප්‍රධාන චුදිතයෙක් තමයි ජනමාධ්‍ය. මොකද මේ සමාජය බරපතල ලෙස යම් විදියක ප්‍රචණ්ඩකාරි ක්‍රියාවක්  ඇවිලිම් නොසන්සුන්තාවයන් වර්ධනය කර ගැනීමට එක්තරා ප්‍රමාණයකට ජනමාධ්‍යවල තරගකාරීත්වය බලපානවා. 
     
    අපි කොහොමද කළමණාකරනය කරන්නේ. මෙතන මගේ විෂය මාතෘකාවේදී තවත් කොටසක් තියෙනවා ආචාර ධර්ම කියලා. මොකක්ද මේ ආචාර ධර්ම කියන්නේ . අපි ඉතාමත් පුළුල් ලෙස කිවහොත්  අපේ සමාජයෙත් හැම සමාජයකමත්  තිබෙන හොද නරක ඉතා පුළුල් ලෙස කිවහොත් අපේ සමාජයෙත් හැම සමාජයකමත් තිබෙන හොද නරක . උදාහරණයක්  විදියට අපි පුංචි කාලයේ අම්මලා තත්තලා කථා කරමින් ඉන්නකොට අපි එතන ගිහින් අහගෙන ඉන්නකොට ඒ අය බනිනවා. ඒවා වැඩිහිටියන්ට විතරක්  කථා කරන්න ඕනෑ  දේවල් විතරයි. අපි වයසින් මුහුකුරා යනවිට අපට කියා දෙනවා සමාජයෙන් පන්සලට යනකොට අදින්න ඕනෑ මෙහෙමයි, මලගෙදරක යනකොට මෙහෙමයි යන්න ඕනෑ, කතා කරන්න ඕනෑ මෙහෙමයි. මේවා සමාජය විසින් අපට අපේ සමාජ වල පැවැත්මට හදුන්වා දුන්න දේවල් . අවාසනාවකට අපේ සමාජයේ මුල් යුගයේදී  ජනමාධ්‍ය නොතිබුණු සමයේ හුගාක් තරගකාරීත්වයත් නොතිබුණු සමාජයේ මේ ගති ලක්ෂණ ඉතා හොදින් අපට තිබුණා.
     
    ආතර් සී ක්ලාක්  මහතා ලෝකයේ තිබුන ප්‍රධාන පෙලේ ජනමාධ්‍ය ආයතන ගැන කියද්දී ඔහු කියනවා මිනිසා  තරගකාරී මාධ්‍ය ක්‍රියාවලිය තුල මේ විදියට නම් ඉදිරියට යන්නේ අලුත් වචනයක් ඔහු කියනවා  මිඩියා සොලියුසන් එකක් තියෙනවා. පත්තර ගත්තාම තැති ගත්ත බවක් තියනවා. මරලා, මැරිලා, වෙඩි තියලා, තුවාල වෙලා, උත්සන් ගිහින්, හිරේ දාලා, ප්‍රචණ්ඩතාවයන් , කන්ටේනර් පිටින් කුඩු අහුවේලා ,දිවි නසා ගෙන  පත්තරයේ මුල් පිටුවේ තියෙන්නේ මිනිසා ආතතියට පත් කරන දේවල්. බීබීසි ආයතනය කියනවා රාත්‍රි ප්‍රවෘත්ති වැඩ සටහනට මිනිසා ආතතියට පත් කරන පුවත් කිරීම කරන්න එපා කියලා. ඔවුන් එසේ කියන්නේ ගැඹුරු අර්ථයකින්. මොකද රාත්‍රි කාලයේ මිනිසා ආතතියට පත් කරලා නින්දට දැම්මොත් ඒ මිනිසා නින්දට යන්නේ නෑ. හොදට තැති අරන් කම්පනයෙන් රෑ නිදි වර්දිතව ඒ කාරණාව ගැන සොයනවා. පසුදා උදැසන සතුටින් යන්නේ නෑ. වාහනය සැහැල්ලුවෙන් එළවාගෙන යන්නේ නෑ. මිනිසා උදෑසන කාර්යාලයට යන කොට සැහැල්ලු මනසකින් යන්නේ නෑ. ඒ නිසා නිෂ්පාදනය සමාජ ඵලදාව අඩු වෙන්න පුළුවන් කියලා ඔවුන් කියනවා. එහෙම පුවත් පල වුනොත් මිනිසා කොහොමද සැහැල්ලුවෙන් ගත කරන්නේ . එවිට සියළුම සමාජ වට පිටාවන්  අනතුරට පත් වෙනවා.
     
    ඒ නිසා මම පෞද්ගලිකව යහගුණ මෙන්ම දුර්ගුණ දකිනවා. සැමදාම සුභවාදී මාධ්‍ය අධ්‍යනය කරන ගුරුවරයෙක් වශයෙන් මම හැමදාම කියන්නේ අපේ සමාජය යහපත් තැනකට ගෙනියන්න ඕනෑ හැම අවස්ථාවකම අපට ඒ සදහා උගත් මාධ්‍ය කණ්ඩායම් ඉන්නවා . මාධ්‍ය  ආයතන ඉන්නවා. ඒ නිසා අපි නිවැරදි කර ගනිමින් ඉදිරියට යමු කියලයි  අවසන් වශයෙන් කියන්නේ.
     
    මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා කෑල්ලේදී පැවැත්වු වැඩමුළුවක් ඇසුරෙන්
     
    සකස් කලේ -තිලකරත්න ලියනපටබැදි
     
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya