අප්‍රේල් 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සාලාව පරීක්ෂණ වාර්තාව ලැබුණු වහාම අවශ්‍ය ඉදිරි පියවර ගන්නවා

    ජූනි 07, 2016

    ව්‍යවසනයක් සිදු වූ විට ඉන් දේශපාලන වාසි ලබාගැනීමට සැරසෙන පිරිසක්  සිටිනවා.

     

    කොස්ගම, සාලාව හමුදා කඳවුරේ පිපිරීම සම්බන්ධයෙන් සිදු කරන පරීක්ෂණ වාර්තාව ලැබුණු වහාම අවශ්‍ය ඉදිරි පියවර ගන්නා බවත් මෙවැනි ව්‍යවසනයක් සිදු වූ විට ඉන් දේශපාලන වාසි ලබාගැනීමට සැරසෙන පිරිසක් අප අතර සිටින බවත් විපතට පත් වූ විට ඉන් ගොඩඒමට ජනතාවට සහාය දක්වන ලෙස ඔවුන්ගෙන් ඉල්ලා සිටින බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේ ය.


    කොස්ගම, සාලාව හමුදා කදවුරේ සිදු වූ පිපිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා ස්ථාවර නියෝග 23(02) යටතේ සිදු කළ ප්‍රකාශයට පිළිතුරු දෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසී ය.

     

    මේ පිළිබඳව ජනාධිපතිතුමා සමඟ සකච්ඡා කළා.අපි ඊයේ ආරක්ෂක මණ්ඩලය රැස්වුණා.අපි තීරණයක් ගත්තා, මේ පිළිබඳව මූලික පරීක්ෂණයක් සිදු කර ප්‍රකාශයක් සිදු කරන්නට.දැන් තිබෙන්නේ, ඇයි මෙය සිදු වුණේ කියලා, පරීක්ෂණයක් කරන්නයි.හැම පැත්තෙන් ම බලන්න, ඇයි මේ පිපිරුම සිදු වුණේ කියලා. දැනට එක ජීවිතයක් නැති වුණා කියලා, තොරතුරු ලැබී තිබෙනවා.කිහිප දෙනෙකු තුවාල ලැබුවා.විශාල සංඛ්‍යාවකගේ ගෙවල් නැති වුණා.ඒ සියලු දෙනාටම අපි කණගාටුව ප්‍රකාශ කරනවා.


    මෙම පිපිරුමට හේතුව කුමක්ද කියලා අපි සොයාබැලිය යුතුයි.මෙම ගබඩා ජනාකීර්ණ නොවන ප්‍රදේශවල,ස්ථාන සොයාගෙන ජනතාව ආරක්ෂා  කරන්න කටයුතු කරන්න අවශ්‍යයි.හමුදාව තත්ත්වය පාලනය කර තිබෙනවා. පාර යළි විවෘත කරන්න අද රාත්‍රී හෝ හෙට විවෘත්ත කරන්න බලපොරොත්තු වෙනවා.ඊයේ දවල් මේ ප්‍රදේශයට ගොස් තොරතුරු විමසා බැලුවා.සියලු දෙනාම සහයෝගයෙන් වැඩකරනවා.අවතැන් කදවුරු 15 ක 1800ක පමණ පිරිසකට වියළි ආහාර, පානිය ජලය ලබාදීමට කටයුතු කර තිබෙනවා. අද දිනය වන විට සාලාව යුද හමුදා කඳවුර අවට ග්‍රාමසේවා වසම් 09ක පදිංචි ජනතාව හැර ඉතිරි සියලු ජනතාවට තම නිවාස කරා යෑමට අවස්ථාව සළසා දී තිබෙනවා.
    සලාව හමුදා කඳවුරේ සිට මීටර 500ක් තුළ පිහිටි නිවාස පරික්ෂ කිරීමට හෙට උදැසන  ලෙස අවස්ථාව සළසා දීමට  බලාපොරොත්තු වෙනවා.

     

    හානියට පත් සියලු නිවස හා දේපළ පිළිබඳ සමීක්ෂණයක්, මේ වනවිටත් පැවැත්වෙන අතර අද සමීක්ෂණ කටයුතු අවසන් කිරීමට බලපොරොත්තු වෙනවා. රජයේ අනුග්‍රහයෙන් හා යුද හමුදා ශ්‍රමදායකත්වයෙන් කඩිනමින් නිවාස යථා තත්ත්වයට පත් කිරීමට රජය බලාපොරොත්තු වෙනවා.පානිය ජලය ලබාදීමට අවශ්‍ය උපදෙස් ලබාදී තිබෙනවා.විදුලි බලය යථා තත්ත්වයට පත් කිරීමට අවශ්‍ය උපදෙස් ලබාදී තිබෙනවා.

     

    සාලාව අවට ප්‍රදේශවල ජීවිත ආරක්ෂාව සහතික කිරීම සඳහා අතිරේක පොලිස් කණ්ඩායමක් සේවයේ යොදවා තිබෙනවා.කොළඹ-අවිස්සාවේල්ල මාර්ගය පිරිසිදු කරමින් තිබෙනවා.හෙට දින එම මාර්ගයේ ගමනාගමනයට විවෘත කිරීමට කටයුතු කරනවා.

     

    පිපිරීම නිසා හානි වූ නිවාසවලට,සම්පූර්ණයෙන් විනාශ වූ නිවාසවලට,වන්දි ලබාදීමට හමුදා ශ්‍රමයෙන් පිළිසකර කර තීමට කටයුතු කරනවා. සිදුවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා යුද හමුදාව සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.රජයේ රස පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ද සහාය ලබාගෙන තිබෙනවා.පරීක්ෂණ වාර්තාව ලැබුණු වහාම අවශ්‍ය ඉදිරි පියවර ගන්නවා.මෙවැනි ව්‍යවසනයක් සිදු වූ විට ඉන් දේශපාලන වාසි ලබාගැනීමට සැරසෙන පිරිසක් අප අතර සිටිනවා.ජාතිවාදී ප්‍රකාශ කර තිබුණා.විපතට පත් වූ විට ඉන් ගොඩ ඒමට ජනතාවට සහාය දක්වන ලෙස හා විපතින් මුදවා ගැනීමට සහාය වන ලෙස ඒ අයගෙන් ඉල්ලා සිටිනවා යැයි ද අග්‍රාමාත්‍යවරයා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya