අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මනරම් ගල් කැටයමෙන් ඉදී වූ දකුණේ විශාලතම බුද්ධ ප්‍රතිමාව

    මැයි 23, 2016

    දකුණු පළාතේ ඉදිවුනු විශාලතම හිටි පිළිම වහන්සේ අඩි 42 ක් උසින් ඇල්පිටිය වතුරුවිල වනවාස සංඝ මූලස්ථානයේදී සංඝසතු කර නිරාවරණය කිරීම පසුගියදා සිදු කෙරිණි.

    අපේ රටේ ගල් වඩුවාට ඇත්තේ දීර්ඝ ඉතිහාසයකි. ගල් කැටයමින් මනරම් නිර්මාණ සිදුකළ ගල් කැටයම් ශිල්පීන් එදා රජ දවස අප රටේ වාසය කොට තිබේ. ඔවුන් අතින් නිමැවුනු ශෛලමය නිර්මාණ අදටත් ජීවමාන ස්වරූපයෙන් පැවතීම දෙස් විදෙස් විද්වතුන් පවා පුදුමයට පත් කිරීමට සමත්ව ඇත. අපේ විහාරස්ථාන ආශ්‍රිතව මෙවන් ශෛලමය නිර්මාණ රැසක් අදටත් දැකගත හැකිය. විශේෂයෙන් බුදු පියානන් පිළිබිඹු වන අයුරින් සිත් පිත් නැති ගල් තලාවන් බුදුන්ගේ ජීවමාන ස්වරූපයෙන් වැඩහිදුවාලන්නට ගල් වඩුවා සැබෑම හපනෙක් බව අපට ඉතිහාසයේ සාක්ෂි මොනවට තිබේ.

    රජ සමයේ ඉදිකළ ශෛලමය බුද්ධ ප්‍රතිමාවන්ට පසුව දේශීය ගල් කැටයම්කරුවන් අතින් දකුණු පළාතේ ඉදිවුනු විශාලතම බුද්ධ ප්‍රතිමා වහන්සේ ඇල්පිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් කහදූව වතුරුවිල වනවාස සංඝ මූලස්ථාන භූමි පරිශ්‍රයෙහි ‍ඉදිකිරීමට මුල් සිතිවිල්ල ජනිත වූයේ වනවාස නිකායේ නිර්මාතෘ වතුරුවිල ශ්‍රී ඥානානන්ද නාහිමියන් තුළය. එහෙත් උන්වහන්සේ‍ 1986 වසරෙහි අපවත්වූ හෙයින් නාහිමිගේ සිතිවිල්ල යතාර්ථයක් කිරීමේ වගකීම පැවරී තිබුනේ ශාමඋපාලි වනවාස මහා නිකායේ අනුනායක ජ්‍යේෂ්ඨ කාරක සංඝ සභික මහෝපාද්‍ය ධුරන්ධර වනවාස සංඝ මූලස්ථානාධිපති අතිපූජ්‍ය මහකන්දේ රතනපාල ස්වාමින්ද්‍රයන් වහන්සේ වෙතය. ඒ අනුව 2009 වසරේ ජුනි මස 24 දා මෙහි කටයුතු ආරම්භ විනි.  

    කහදූව වතුරුවිල වනවාස සංඝ මූලස්ථාන භූමිය තුළ පිහිටි විශාල ගල්තලාව භාවිතයෙන් අඩි 25ක් ගැඹුරට හෑරූ ගල මත මෙරට ගල් කැටයම් කරුවන් අතින් අඩි 42ක් උසින් මේ වන විට දකුණු පළාතෙහි ඉදිවුනු විශාලතම බුද්ධ ප්‍රතිමා වහන්සේ ඉදිවී හමාරය. එය කැයොත්තර්ධ අභය මුද්‍රාවෙන් හිටි පිළිම වහන්සේ නමක් ලෙස ඉදිව ති‍බේ. මෙම බුද්ධ ප්‍රතිමා වහන්සේ ඉදිකිරීමට ශිල්පීය ඥාණයෙන් දායක වූයේ මිනුවන්ගොඩ විමල් වික්‍රමසිංහ ප්‍රමුඛ දේශීය ගල් කැටයම් ශිල්පීන් පමණි. ඒ සඳහා ගතවූයේ වසර 06කි. වෙසක් මස 19 දා සවස 02.30ට බෞද්ධ ජනීජනයාගේ නමස්කාරය පිණිස මෙම උතුම් බුද්ධ ප්‍රතිමාවහන්සේ නිරාවරණයට කොට සංඝසතු කිරීම සිදුවූහ.
     

    වනවාස නිකායේ උත්තරීතර මහා සංඝරත්නයේ ආශිර්වාදයෙන් පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය ඇමති ගයන්ත කරුණාතිලක මහතාගේ මුලිකත්වයෙන් සිදුවූ මෙම පිළිම වහන්සේ නිරාවරණය කිරීමේ මහා පූජෝත්සවය සඳහා ප්‍රධාන ආරාධිතයා ලෙස බුද්ධශාසන හා අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා එක්විය. එම අවස්ථාස සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී විජේපාල හෙට්ටිආරච්චි, බන්දුල ලාල් බණ්ඩාරිගොඩ, හිටපු අමාත්‍ය පියසේන ගමගේ ඇතුලු විශාල පිරිසක් එක්වූහ.
     

    මෙම අවස්ථාව සඳහා වැඩමකළ ශාමඋපාලි වනවාස මහා නිකායේ අනුනායක ජේෂ්ඨ කාරක සංඝ සභික මහෝපාද්‍ය ධුරන්ධර වනවාස සංඝ මූලස්ථානාධිපති අතිපූජ්‍ය මහකන්දේ රතනපාල ස්වාමින්ද්‍රයන් වහන්සේ, වනවාස නිකායේ ප්‍රධාන ලේඛකාධිකාරී කර්මාචාර්ය වෑවල ගල්ලෙන ආරාණ්‍ය සේනාසනාධිපති පූජ්‍ය නාලන්දේ ජිනාරාම ස්වාමීන්ද්‍රයන් වහන්සේ, වනවාස නිකායේ ජේෂ්ඨ කාරක සංඝ සභික සමස්ත ලංකා සීල භාවනා සංඝමයේ සභාපති ‍ඓතිහාසික මධුනාගල  ආරාණ්‍ය සේනාසනාධිපති පූජ්‍ය උපුල්විල ශාසන සුමන ස්වාමීන්ද්‍රයන් වහන්සේ, වනවාස සංඝ මූලස්ථානයෙහි කෘත්‍යාධිකාරි පූජ්‍ය මෙදේරපිටියේ ස්වාමීන්ද්‍රයන් වහන්සේ, ශ්‍රී ඥානානන්ද වනවාස පරිවේනාධිපති රාජකීය පණ්ඩිත නුවරඑළියේ සුමේද ස්වාමීන්ද්‍රයන් වහන්සේ ඇතුලු මහා සංඝරත්නයේ අනුශාසනාවෙන් මෙම උතුම් පුණ්‍ය මහෝත්සවය පැවැත්විය.

     

    alpitiya 1

     

     

    alpitiya 1.jpg 2

     

    alpitiya 1.jpg03

     පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍යංශයේ මාධ්‍ය ඒකකය

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya