අප්‍රේල් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනතා පොරොන්දු සියල්ල ඉටු කරනවා- අගමැතිගෙන් විශේෂ ප්‍ර‍කාශයක්

    පෙබරවාරි 15, 2016

    ජනතාව ඉල්ලා සිටියේ අලුතින් හිතන ආණ්ඩුවක් බවත් ජනතාවට දුන් පොරොන්දු සියල්ල ඉටු කරන බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍ර‍මසිංහ මහතා පැවසීය.

    බදුල්ල, හෙරිටේජ් හෝටලයේදී පසුගිය 13  වන දින අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් මාධ්‍යයට විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් පැවසීය.

    එම සම්පූර්ණ කතාව පහත සඳහන් වේ.

    ඌව පළාත් සංවර්ධනය කරන ආකාරය පිළිබඳව අප බදුල්ලේදී සාර්ථක සාකච්ඡාවක් පැවැත්වූවා. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමන්ගේ පාලනය යටතේ ආර්ථික සංවර්ධන ඇති කිරීමටත් නව ආයෝජන අවස්ථා බිහි කිරීමටත් ජාතික ආණ්ඩුවට හැකියාව ලැබුණා.


    අද හම්බන්තොට ප්‍රදේශය සිමෙන්ති කාන්තාරයක තත්ත්වයෙන් මුදා ගන්නට අපට හැකිවී තිබෙනවා. එම ප්‍රදේශයටද ආයෝජකයන් විශාල වශයෙන් පැමිණීමට නියමිතය.
    නැව් නිෂ්පාදනය කිරීමේ මෙන්ම අලුත්වැඩියා කිරීමේ කර්මාන්තශාලා එම ප්‍රදේශය ආශ්‍රිතව ඉදිකෙරෙනවා. එහි වාසිය මොණරාගලටත් ලැබෙනවා.
    බදුල්ල ප්‍රදේශයේ කෘෂි කර්මාන්ත, තොරතුරු තාක්‍ෂණය දියුණු කිරීමට නියමිතයි.


    අපේ සංවර්ධන වැඩසටහන පිළිබඳව අද අපට බය නැතුව කතා කරන්න පුළුවන්. අප දුන් පොරොන්දු සියල්ලක්ම අප ඒ ආකාරයෙන්ම ඉටු කරනවා.
    අප බිහිකර තිබෙන්නේ ජාතික ආණ්ඩුවක්. ජනතාව අපෙන් ජාතික ආණ්ඩුවක් ඉල්ලා සිටියා. ජනතාව අපෙන් බලාපොරොත්තු වූයේ අලුතින් හිතන ආණ්ඩුවක්.
    පක්‍ෂ දේශපාලන ක්‍රමය යටතේ මෙතෙක්කල් එක් පක්‍ෂයක් පමණක් ආණ්ඩු බලය ලබා ගත්තා. එහිදී බොහෝ විට මහජනතාවගේ ප්‍රශ්න විසඳුණේ නෑ. මහජනතාවගේ ප්‍රශ්න විසඳනවා වෙනුවට සිදු වූයේ ප්‍රශ්න තවත් උග්‍ර වීමයි.


    නමුත් අප අලූතින් සිතන්න පෙළඹි සිටිනවා ජනතාව සමග වැඩකටයුතු කිරීම අපගේ පළමු යුතුකමයි.
    ජාතික ආණ්ඩු පිහිටුවීමේ අරමුණ කුමක් ද? ජාත්‍යන්තර ප්‍රශ්නවලට අප මුහුණ දුන්නා. ලංකාව ඇතුළේ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීම පිළිබඳ ප්‍රශ්නවලට මුහුණ දුන්නා. ආර්ථිකය මෙන්ම දූෂණය පිළිබඳ ප්‍රශ්නවලට මුහුණ දුන්නා. එම ප්‍රශ්න සියල්ලටම මුහුණ දී සාර්ථක විසඳුම් ලබා ගැනීමට එක පක්‍ෂයකට කළ නොහැකි නිසා අප ජාතික ආණ්ඩුවක් පිහිට වූවා.
    අප යන ගමනේදී නව ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක් බිහිකළ යුතුයි. සියලූම ශ්‍රී ලාංකිකයන්ගේ අයිතිවාසිකම් සුරක්‍ෂිත කළ යුතුයි. අප සියලූම දෙනා එකිනෙකාට ගරු කරන සමාජයක් බිහි කළ යුතුයි. ලෝකය අප පිළිගන්නේ එම යහපත් සමාජය බිහි කරන විටයි.


    අපේ ජාතික ගීය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සිංහල හා දෙමළ භාෂාවලින් සඳහන් වෙනවා. ව්‍යවස්ථාවේ සඳහන් පරිදි අප ජාතික නිදහස් දිනයේදී පළමුවෙන්ම ජාතික ගීය සිංහලෙන් ගායනා කළා. ඊට පසුව ජාතික ගීය දෙමළ භාෂාවෙන් ගායනා කළා. එය ප්‍රශ්නයක් නොවේ. තමන් කැමැති ආකාරයට වැඩ කටයුතු කරන්න අවස්ථාව ලැබිය යුතුයි.


    ඒ වගේම අප තවත් වැදගත් පියවරක් ගත්තා. එනම් කාන්තාවන් සඳහා නියම මහජන නියෝජනයක් ලබාදීම එම පියවරයි. පළාත් පාලන ආයතනවල සාමාජිකත්වයෙන් සියයට විසිපහක් කාන්තාවන් සඳහා වෙන් කිරීමට අප කටයුතු කළා. මේ අනුව කිසිදු පළාත් පාලන ආයතනයක කාන්තා නියෝජනය සියයට විසිපහට වඩා අඩුවන්නේ නෑ. අවශ්‍ය නම් කාන්තා නියෝජනය සියයට සියය දක්වා වැඩිවීමටත් අවස්ථාව තිබෙනවා.
    අනෙක් අතට පළාත් පාලන ආයතනවල පිරිමි නියෝජන උපරිමය වන්නේ සියයට හැත්තෑපහක් පමණයි.
    මෙරට ඡන්ද දායකයන්ගෙන් සියයට පනස් දෙකක් කාන්තාවන්. එහෙත් පාර්ලිමේන්තුවෙත්, පළාත් සභාවෙත්, ප්‍රාදේශීය සභාවෙත් කාන්තා නියෝජනය සියයට පහයි. මේ තත්ත්වය නිසා කාන්තාවන්ට උවමනා හඬ පාර්ලිමේන්තුවේ නැහැ. පසුගිය පාර්ලිමේන්තුවේ සිටියේ කාන්තාවන් හයයි. රාජපක්‍ෂවරුන් හතක් සිටියා. එහෙම තත්ත්වයකට රට මුහුණ දී සිටියා. මේ තත්ත්වය වෙනස් කළ යුතුව තිබෙනවා.
    කාන්තාවන්ට බලපාන ප්‍රචණ්ඩත්වය, සේවා ස්ථානයේදී කාන්තාවට මුහුණදීමට සිදුවන ප්‍රශ්න, ආර්ථික ප්‍රශ්න, නිවසේ ප්‍රශ්න විස¼දා ගැනීමටත් ඔවුන්ට සම අවස්ථා ලබා ගැනීමටත් පිරිමි අය පමණක් කතා කිරීමෙන් හැකිවන්නේ නැහැ. ඒ සඳහා කාන්තා නියෝජනය වැඩි කළ යුතුයි.
    පළාත් පාලන ආයතනවල කාන්තා නියෝජනය සියයට විසිපහ දක්වා වැඩිකළේ පළමු පියවර ලෙසයි. අප ලැයිතුවකට අනුව මෙම තේරීම් කරනවා. අනෙක් අයට කොට්ඨාශ මට්ටමින් තේරී පත්වන්න හැකියාව තිබෙනවා. ප්‍රාදේශීය සභාවල මෙන්ම පළාත් සභාවල මේ ක්‍රමය ක්‍රියාත්මක කරනවා.


    පළාත් සභාවල හා ප්‍රාදේශීය සභාවල සිටින කාන්තා පිරිස සියයට 30-35 පමණ වන විට පාර්ලිමේන්තුවට එන කාන්තා පිරිසත් වැඩිවෙනවා.
    කාන්තා නියෝජන පනත පසුගිය අඟහරුවාදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අප සියලූ දෙනා එකඟ වුණා. මේ පනත පාර්ලිමේන්තුවේ සාකච්ඡා කිරීමට තීරණය වී තිබුණා. එමෙන්ම මේ පනත පාර්ලිමේන්තුවේ ඒකමතිකව සම්මත කරන බවට අප එකඟවී සිටියා. ඒත් මේ පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරද්දී රාජපක්‍ෂ ප්‍රතිගාමී කල්ලිය මෙය කඩා කප්පල් කිරීමට උත්සාහ කළා. කාන්තාවන් වෙනුවෙන් ඉදිරිපත් කළ මේ පනතට ඡන්දය නොදී සිටීම ඔවුන්ගේ අරමුණ වී තිබුණා. මේ පනත ඉදිරිපත් කිරීමට ඉඩ නොදීම ඔවුන්ගේ අරමුණ වුණා.
    මේ පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන හෙයින් ඒ පිළිබඳව සාකච්ඡා කරමු යැයි මා දැනුම්දී තිබුණා. අවශ්‍ය නම් තවත් දිනක ඡන්ද විමසීම කරමු යැයි මා පැවැසූවා. මේ පනත ඉදිරිපත් කරන්න බැරි බව ඔවුන් කිව්වා. ඊට පස්සේ සභාගර්භයට බැහැලා මීට විරුද්ධව කෑ ගහන්න පටන් ගත්තා.


    කාන්තාවන් වෙනුවෙන් ගෙන ආ මේ පනතට බාධා කිරීම සාධාරණද කියා මා කාන්තාවන්ගෙන් අහනවා. කාන්තාවන් ලෙස එය ඔබ තීරණය කරන්න.
    එක්සත් ජාතික පක්‍ෂයට ඡන්දය ලබා දුන්නත්, සන්ධානයට ඡන්දය දුන්නත්, ජනතා විමුක්ති පෙරමුණට ඡන්දය දුන්නත්, ද්‍රවිඩ සන්ධානයට ඡන්දය දුන්නත් ඒ සෑම කාන්තාවකටම බලාපොරොත්තුවක් තිබෙනවා. තමන් ඡන්දය ලබාදුන් පක්‍ෂය තමන් වෙනුවෙන් ඉදිරිපත් වනු ඇතැයි එම බලාපොරොත්තුවයි. තම පක්‍ෂය තමා වෙනුවෙන් නියෝජනය ලබා දෙනවා යැයි ඔවුන් කල්පනා කරනවා.
    නමුත් කාන්තා නියෝජන පනත අප පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ විට සිදුවූයේ කුමක්ද? මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා සමග සිටින ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ජනතා නියෝජිතයන් සියලූ දෙනාම ඊට සහයෝගය ලබාදුන්නා. නමුත් සන්ධානයේ රාජපක්‍ෂ කල්ලිය එම සහයෝගය ලබානොදී බාධා කළා. මේ කණ්ඩායමට කාන්තාවන්ගේ අයිතිවාසිකම් පිළිබඳව කිසිම කැක්කුමක් නැති බව ඔබ හොදින්ම මතක තබා ගන්න. ඔවුන්ට කාන්තාව පිළිබඳව කිසිම කැපවීමක් නැහැ. ෙගෙදර බුදුන් අම්මාෙ යැයි නිකන් කියාගෙන යනවා. එහෙම කියලා ගෙදර බුදුන් අම්මාගේ පිළිමය බිම ගහනවා. ඔවුන් හැසිරෙන්නේ ඒ ආකාරයටයි. මොවුන් කාන්තාවට සේවය කරාවි යැයි විශ්වාස කළහැකිද? මේ කරුණ අප හොදින් සිහියේ තබා ගත යුතුයි. එමෙන්ම ගමින් ගමට ගොස් ජනතාව දැනුම්වත් කළ යුතුයි. කාන්තාවන් වෙනුවෙන් ඉදිරිපත් කරන මෙම පනතට රාජපක්‍ෂ කල්ලිය විරුද්ධ වුණා. අප මේ පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකලානම් නැවතත් එය ඉදිරිපත් කිරීමට අවස්ථාවක් නැහැ. මේ පනත අප ඉදිරිපත් කළේ එදා අප ගත් නිර්භීත තීරණය නිසයි.  
    ඒ රාජපක්‍ෂ කල්ලිය කාන්තාවන්ට විරුද්ධයි. ඔවුන්ට අවශ්‍ය කාන්තා නියෝජනය නොවේ. තමන්ගේ නියෝජනය පමණයි. යහපාලන රජයේ යටතේ කාන්තාවන්ට නියම ආකාරයෙන් සැලකිය යුතුයි. ඊට අවශ්‍ය වන මූලික නීතිය අප ගෙන එනවා. කාන්තාවන්ට කුණුහරුපයෙන් බනින්නට කිසිවකුටත් බැහැ. 


    ජාතික දින උත්සවයෙන් පසු පැවැති ප්‍රසංගයේදී දන්නෝ බුදුන්ගේ ගීතය ගායනා කළ එම ගායිකාව බැල්ලියක් කෑ ගසනවා යැයි දෙරණ ප්‍රවෘත්ති විකාශයේදී කියන ආකාරය මා දුටුවා.
    ඕනෑම ගීතයක් බටහිර ක්‍රමයට ගායනා කළාද, පෙරදිග ක්‍රමයට ගායනා කළාද, චීන ක්‍රමයට ගායනා කළාද, අයිස්ලන්ත ක්‍රමයට ගායනා කළාද වශයෙන් ශාස්ත්‍රීය විවේචනයක් කළ හැකියි. හොඳ මෙන්ම විවේචනය කරන්නත් අයිතිය තියෙනවා. එමෙන්ම ප්‍රශංසා කරන්නත් අයිතිය තියෙනවා. නිහඬව කිව්වාද, වචනවලින් කිව්වාද, නටලා ගායනා කළාද, ඒ ඕනෑම දෙයක් පිළිබඳව අදහස් ප්‍රකාශ කරන්න අයිතිය තියෙනවා. නමුත් ගීයක් ගායනා කළ කාන්තාවකට බැල්ලියක් යැයි පැවසීමට රූපවාහිනි නාලිකාවකට අයිතියක් තිබේද? ගුවන් විදුලි නාලිකාවකට එම අයිතිය තිබේද? මුඬිත මාධ්‍යයෙන් එවැනි දෙයක් කියන්න අයිතිය තිබෙනවාද? මෙවැනි අයිතියක් තිබෙන්නේ කාටද? තමන් හිතුවොත් ඕනෑම කෙනෙකුට බැල්ලි කියා කතා කරනවා.


    රාජපක්‍ෂ යුගයේ නම් ඕනෑම කෙනෙකුට මාධ්‍යයෙන් බනින්න පුළුවන්. අපි ඔක්කොටම එහෙම බැන්නා. පරණ පුරුදු ඇති සට්ටැóරාළලා ගණනාවක් තවමත් මාධ්‍යයේ සිටිනවා. විශේෂයෙන් විද්‍යුත් මාධ්‍ය එවැනි අය බහුලව සිටිනවා. ඒවා දැන් කරන්නට බැරි බව මා අවධාරණය කරනවා. ගුවන් විදුලිය හෝ වේවා රූපවාහිණිය හෝ වේවා මෙම මාධ්‍ය අයිති එම සමාගම්වලට නොවේ. එම විකාශන බලපත්‍ර ලබා දෙන්නේ රජයෙන්. මේවා අයිති ජනතාවටයි. මේ රටේ ජනතාවගෙන් බහුතරයක් කාන්තාවන්. කාන්තාවන්ට බැල්ලියක් යැයි බනින කණ්ඩායමක් අප විශ්වාස කරන්නේ කෙසේද? එසේ නම් අප ඔවුන්ට අවශ්‍ය දේ දෙන්න සූදානම් නෑ. රජයේ විකාශන බලපත්‍ර පාවිච්චි කරලා මේ වගේ වැඩ කරන්න ඉඩ දෙන්නේ නෑ. එම නිසා මා ඒ සමාගමේ ප්‍රධානීන් කැදවනවා. මේ පිළිබඳව විනය පරීක්‍ෂණ කළාදැයි මම ඔවුන්ගෙන් විමසනවා. එමෙන්ම මේ ප්‍රකාශයට සමාව ගන්නවාද නැද්ද යන්න විමසා ඊට පසුව අප තීරණයක් ගන්නවා. රාජපක්‍ෂ යුගයේදී මෙන් මිනිසුන්ට බැන්න කාලය දැන් ඉවරයි. දැන් ටිකක් හැදෙන්න. වගකීමක් ඇතිව වැඩ කරන්න. ජාති වාදය අදින්න යන්න එපා. මෙවැනි දේට අප ඉඩ දෙන්නේ නැති බව අවධාරණය කරනවා.


    කාන්තාවන්ට හරියට සලකන්න. මාධ්‍යයේ මෙන්න පාර්ලිමේන්තුවේ රාජපක්‍ෂ කල්ලිය කාන්තාවන්ට සැලකීමට විරුද්ධ වීම පිළිබඳව මා පුදුමයට පත් වන්නේ නැහැ. කාන්තාවට මේ අයුරින් කතා කිරීම පළමුවෙන්ම ඒ අය හෙළා දකිවී යැයි මා කල්පනා කළා. මෙවැනි දේ හෙළා දැක ආණ්ඩුවට ෙදාස් කියාවී යැයි මා සිතුවා. නමුත් ඔක්කොම යන්නේ එක මාර්ගයේ නිසා එවැනි දෙයක් සිදුවූයේ නැහැ.
    මාධ්‍යයේ විකාශන අයිතිය පාවිච්චි කොට කාන්තාවන්ට, ජාතියකට හෝ කිසිම ආගමකට අපහාස වන අයුරින් කටයුතු කිරීමට නොදෙන බව මා කියන්න කැමැතියි.

    ඒ පිළිබඳව විදුලි සංදේශ කොමිසම සමඟ ද සාකච්ඡා කොට අදාළ පියවර ගන්නවා.

    අගමැතිතුමා මේ අය නවත්වන්න හැදුවා යැයි සමහර මාධ්‍යවේදීන් කෑ ගසාවී. මෙවැනි අසභ්‍ය වචන පාවිච්චි කරද්දී නිහඬව සිටියේ මන්දැයි මා ඔවුන්ගෙන් විමසනවා. රටේ මතය කුමක්දැයි අප බලමු. මෙවැනි දේ බය නැතුව විකාශය කළානම් ඔවුන් ඒ ස්ථාවරයේම ඉන්නවාද නැද්ද යන්න අප බලාගෙන ඉන්නවා.


    අපගේ ජාතික ආණ්ඩුව කාන්තාවන්ට නිසි තැන ලබා දීමට පියවර ගන්නවා. අප තැබූ පියවර ආපස්සට ගන්නේ නැහැ. ඉදිරියට ගිහින් ඒ ක්‍රියාමාර්ග ගන්නවා.
    මෙම අවස්ථාව සඳහා රාජ්‍ය පරිපාලන අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර, විදුලි සන්දේශ හා ඩිජිටල් යටිතල පහසුකම් පිළිබඳ අමාත්‍ය හරීන් ප්‍රනාන්දු සහ කම්කරු සහ වෘත්තීය සමිති කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය රවි සමරවීර යන මහත්වරුද සහභාගී වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya