ජූනි 17, 2019
tami eng youtube  twitter facebook
    logo

    තොරතුරු දැනගැනීමේ පනතට කැබිනට් අනුමැතිය

    දෙසැම්බර් 03, 2015
    තොරතුරු දැන ගැනීමේ පනතට කැබිනට් අනුමැතිය ලැබී ඇති බවත් එය ළඟදීම ගැසට් කර පළාත් පාලන ආයතන වෙත යොමු කිරීමට නියමිත බව පළාත් සභා හා පළාත් පාලන නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන මහතා පැවසීය.
     
    අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී ඒ මහතා අද (03) මේ බව සඳහන් කළ අතර පළාත් සභාවල අදහස් ලබා ගැනීම මාසයක් ඇතුළත සිදු වන බව ද ඒ මහතා ප්‍රකාශ කළේය.
     
     
    අනතුවරුව ලබන ජනවාරි මස එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බව ද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.
     
     
    මෙම පනත තුළින් තොරතුරු ලබාගැනීමේ දී ප්‍රජාතන්ත්‍රවාදී සමාජයට අවශ්‍ය සීමාවන් පමණක් දැමිය හැකි බවත් විශාල මහජන කතිකාවක් තුළින් මෙම පනත සම්මත කර ගැනීමේ ඇති වන බවත් තොරතුරු කෙටුම්පත් කමිටුවේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය නීතිඥ ජයම්පති වික්‍රමරන්ත මහතා පැවසීය. 
     
     
    තොරතුරු ලබා ගැනීමේ සීමාවන් ලෙස පහත සඳහන් කරුණු ඒ මහතා මෙහිදී පෙන්වා දුන්නේය. ඒ අනුව,
     
     
    01. පුද්ගලික තොරතුරු
    02. රාජ්‍ය ආරක්ෂාව හා භෞමික අඛණ්ඩතාවයට හානිවන තොරතුරු
    03. අන්තර්ජාතික ගිවිසුම් හා පැඳීම් රහසිගත තොරතුරු
    04. ආර්ථිකයට බරපතල හානී සිදුවන තොරතුරු
    05.වානිජ රහස් හා වෙළෙඳ රහස්
    06.වෘත්තිකයන් සහ පොදු අධිකාරී අතර සිදු වන සන්නිවේදන අදහස්
    07.යම් අපරාධ තොරතුරු හෙළිවීමේන් සිදු වන බලපෑම් අගතින් සහිත තොරතුරු
    08.නීතිය බලාත්මක කිරීමේ රහසිගත මූලාශ්‍ර
    09. අධිකරණ අපහාස හා පාර්ලිමේන්තු වරප්‍රසාද අහිමි වන තොරතුරු
     
     
    එසේම අමාත්‍යාංශ සතු වාර්තා වසර 12ක් ආරක්ෂා කළ යුතු අතර නවීන තාක්ෂණය සමඟ එය සිදු කෙරෙන බවත් තොරතුරු සොයා ගැනීමේ පහසුව සඳහා ඉලෙක්ට්‍රොනික ආකෘතියන් සහිතව එය සිදු කළ යුතු බවත් ජයම්පති මහතා පෙන්වා දුන්නේය.
     
     
    එසේම දෙස් විදෙස් ආධාර මත රට තුළ සිදු කරනු ලබන ව්‍යාපෘති සම්බන්ධයෙන් ද ජනතාව දැනුවත් කිරීම මෙම පනත තුළින් තහවුරු කර තිබෙන අතර එහිදී විදේශ ආධාර ඩොලර් 1කට වැඩි හා දේශීය රුපියල් ලක්ෂ 5කට වැඩි ව්‍යාපෘති ඊට ඇතුළත් වේ. 
     
     
    19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මඟින් සංශෝධිත ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14 (අ) ව්‍යවස්ථාව මඟින් තොරතුරුවලට ප්‍රවේශ වීමේ අයිතිය මූලික අයිතිවාසිකමක් ලෙස පිළිගෙන ඇත.
     
     
    සෑම රාජ්‍ය ආයතනයක් තුළම තොරතුරු නිලධාරියෙක් පත් වන අතර යම් තොරතුරුක් ලබා නොදීමට අපොහොසත් වන්නේ නම් ඒ පිළිබඳව හේතු දැක්වීය යුතු බවත් තොරතුරු ලබා දීමේදී ලිඛිතව ලබා දිය අතර වාචිකව ලබා ගන්නා තොරතුරු ද ලිඛිතව සඳහන් කළ යුතු බව ද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.
     
     
    ඒ අනුව, රජයේ නිල තොරතුරු ලබාගැනීමට පුරවැසියන්ට ඇති අයිතිය තහවුරු කිරීම සඳහා සහ එමඟින් ර‍ටේ ප්‍රජාතන්ත්‍රවාදය සහ යහපාලන මූලධර්ම වඩාත් හොඳින් ක්‍රියාවට නංවමින් දූෂණයෙන් තොර වඩාත් යහපත්, වගකීම් සහිත රාජ්‍ය සේවාවක් ස්ථාපිත කිරීමට හැකි වන පරිදි තොරතුරු දැනගැනීමේ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම පිණිස පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක  මහතා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ඊයේ (02) ලැබී ඇත.

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya