තැපැල් ඡන්ද පහසුකම් ලබා ගැනීම සඳහා සම්පූර්ණ කළ යුතු වන අයදුම්පත් දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලවලින් සහ ඡන්ද හිමි නාමලේඛන ප්‍රදර්ශනය කරනු ලබන ස්ථානවලින් නොමිලේ ලබාගත හැකියි.
ඒ අනුව, තැපැල් ඡන්ද ඉල්ලුම් කිරීම සඳහා සුදුසුකම් සපුරා ඇති සියලු දෙනාගේම අයදුම්පත් , අදාළ දිස්ත්‍රික්කයේ තේරීම්භාර නිලධාරී වෙත ලැබිය යුතු අතර අයදුම්පත්‍ර භාර ගැනීම අද (08) මධ්‍යම රාත්‍රී 12.00 ට පෙර නියමිත දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලවලට ලැබිය යුතුය.
එමෙන්ම එදිනට අයදුම්පත්‍ර තැපෑලට භාර දීම පමණක්, එම අයදුම්පත්‍ර පිළිගැනීම සඳහා හේතුවක් නොවන බවද මැතිවරණ කොමිෂන් සභාව වැඩිදුරටත් සඳහන් කරයි.