නොවැම්බර් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    හක්මණ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයට “ළමා ආරක්ෂක ප්‍රජා ජාලයක් “

    සැප්තැම්බර් 02, 2024

    හක්මණ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ක්‍රියාත්මක වන “ළමා ආරක්ෂක ප්‍රජා ජාලය“ පිහිටුවීම හක්මණ සහකාර ප්‍රාදේශිය ලේකම් ජීවන්ති කුලතුංග මහත්මියගේ ප්‍රධානත්වයෙන් හක්මණ ප්‍රාදේශිය ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේ දී පසුගිය දා  සිදු කෙරිණි.

    දරුවන්ගේ අභිවෘද්ධිය හා සුරක්ෂිතතාව වෙනුවෙන් ක්‍රියාකාරීවීම මෙම ප්‍රජා ජාලයේ කාර්ය භාරය වන අතර හක්මණ ප්‍රදේශීය ලේකම් කාර්යාලයේ ළමා හා කාන්තා ඒකකය විසින් වැඩසටහන සංවිධානය කරන ලදි.

    මෙමගින් ළමයින්ගේ අධ්‍යාපන, පොත්පත්, සෞඛ්‍ය, සමාජ ජීවිතය, ලිංගික හිංසනයන්ට ගොදුරු වීම, මත්ද්‍රව්‍ය පිළිබඳ ඔවුන්ගේ නැඹුරුව හා ඒ පිළිබඳව දැනුවත් වීම සම්බන්ධයෙන් පවතින විවිධ ගැටලු කෙරෙහි විශේෂයෙන් අවධානය යොමු කරන ලද අතර ළමා අපචාර, ළමා අපයෝජන, ළමයින්ට එරෙහි ප්‍රචණ්ඩත්වය සහ ළමා හිංසනය ආදිය වළක්වා ගැනීම සඳහා ප්‍රජාවක් වශයෙන් කටයුතු කිරීම අපේක්ෂා කෙරේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya