නොවැම්බර් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වලස්මුල්ල මුලික රෝහලේ ශල්‍යාගාර වාට්ටු ද්විත්වය සහ පිවිසුම් මඟ විවෘත කෙරේ

    සැප්තැම්බර් 02, 2024

    දක්ෂිණ ශ්‍රී ලංකාවේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ වලස්මුල්ල මුලික රෝහල් ප්‍රරිශ්‍රයේ මහජන ආධාරයෙන්ම ගොඩනගන ලද ශල්‍යාගාර සංකීර්ණයේ ඉහළ මහලයේ ශල්‍යාගාර වාට්ටු ද්විත්වය සහ ඒ වෙත ළඟාවීම සදහා නිර්මාරණය කරන ලද පිවිසුම් මග නිල වශයෙන් විවෘත කිරීම ඊයේ (01) සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු විය.

    එවකට වලස්මුල්ල රෝහලේ වෛද්‍ය අධිකාරි වූ විශේෂඥ වෛද්‍ය රංග සඳමාල් චන්ද්‍රසේන මහතාගේ උපදෙස් මත ඕකේල මනීෂා එන් කාබන් පුද්ගලික සමාගම මූලිකව මූලික රෝහල් සංවර්ධන පදනමේ සහයෝගයෙන් මෙම සංවර්ධන කටයුතු සිදු කර ඇති අතර, මේ සදහා රුපියල් මිලියන 70 කට අධික ජනතා ආධාර මුදලක් වැය කොට ඇත.
    මෙම අවස්ථාවට එක් වූ සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා ශල්‍යාගාර වාට්ටු ද්විත්වය සහ ඒ වෙත ලගාවීම සදහා නිර්මාරණය කරන ලද නව පිවිසුම් මාර්ගය විවෘත කිරීමෙන් පසු ශල්‍යාගාර වාට්ටු ද්විත්වයේ ප්‍රතිකාර ලබාගන්නා රෝගීන්ගේ සුවදුක් විමසා බැලීමටත්, ශල්‍යාගාර වාට්ටු සදහා අත්‍යාවශ්‍ය උපකරණ පිළිබදවත් අවධානය යොමු කරන ලදි.
    මෙහිදී අදහස් දක්වමින් සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා කියා සිටියේ වලස්මුල්ල රෝහල රෝගී සත්කාරක සේවාවේ තවත් එක් පියවරක් ඉදිරියට පැමිණ ඇති බවයි. මෙරට සෞඛ්‍ය සේවාවේ උන්නතිය වෙනුවෙන් මෙරට තනි පුද්ගලයින්, පවුල් වශයෙන්, දානපතියන්, පරිත්‍යාගශීලීන් විශාල වශයෙන් වෛද්‍ය උපකරණ ඇතුලු භෞතික සම්පත් සංවර්ධනයට කටයුතු කර ඇති බවත්, නමුත් තම ප්‍රදේශයේ ජනතාව එක්ව තම පෞද්ගලික මුදල් යොදවලා රෝහලක් ගොඩනගමු අවස්ථාවක් ලෙස මෙම අවස්ථාවව පෙන්වා දිය හැකි බව ද පැවැසීය. දිවයිනේ සියළු රෝහල් සංවර්ධනයට වත්මන් සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ උපදෙස් පරිදි ගෙන යන වැඩපිළිවෙල යටතේ මෙම රෝහලේ ඉදීරි දියුණුව වෙනුවෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ලබාදිය හැකි උපරිම දායකත්වය ලබාදෙන බව ද සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා මෙහිදී වැඩිදුරටත් පෙන්වා දෙන ලදි.
    මෙම අවස්ථාව‌ට හම්බන්තොට දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය දීපිකා පටබැදිගේ, දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය චන්දිම සිරිතුංග, වලස්මුල්ල මුලික රෝහලේ වෛද්‍ය අධිකාරි විශේෂඥ වෛද්‍ය මොහොමඩ් ඊබ්‍රහිම් සිරාඡ්, එවකට වලස්මුල්ල රෝහලේ වෛද්‍ය අධිකාරි වූ විශේෂඥ වෛද්‍ය රංග සඳමාල් චන්ද්‍රසේන, මනීෂා එන් කාබන් පුද්ගලික සමාගමේ නිලධාරීන්, වලස්මුල්ල මුලික රෝහල සංවර්ධන පදන‌මේ නිලධාරීන්, විශේෂඥ වෛද්‍යවරුන්, වෛද්‍යවරුන්, හෙදියන් ඇතුලු රෝහල් කාර්ය මණ්ඩලය මෙන්ම ප්‍රදේශවාසී ජනතාව එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya