නොවැම්බර් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මධ්‍යම පළාත් උසස් පෙළ සමත්ව සරසවි වරම් ලද විශිෂ්ටයින් ඇගයේ

    අගෝස්තු 31, 2024

    මෙවර උසස් පෙළ විභාගයෙන් විශිෂ්ට ලෙස සමත් මධ්‍යම පළාත් දරුවන් ඇගයිමේ උත්සවයක් මධ්‍යම පළාත් ආණ්ඩුකාර නිතිඥ ලලිත් යු ගමගේ මහතාගේ ප්‍රධානත්වයන් 27දා පෙරවරුවේ දි ආණ්ඩුකාර කාර්යාලයිය ශ්‍රවණාගාරයේදි පැවැත්විණි.


    විශයධාරා 6ක් යටතේ අ.පො.ස උසස් පෙළ හදාරා ඒ ඒ විෂයන් අනුව  මාතලේ ,මහනුවර,නුවරඑළිය දිස්ත්‍රික්කවල දිස්ත්‍රික් ප්‍රමුඛතාවය සහ දෙවැනි සහ තෙවැනි ස්ථාන   හිමිකරගත් සිසු සිසුවියන් 48 දෙනෙකු මෙසේ ඇගයිමට ලක්විය.
    මෙහිදි උත්සව සභාව ඇමතු මධ්‍යම පළාත් ආණ්ඩුකාර නිතිඥ ලලිත් යු ගමගේ මහතා කියා සිටියේ වර්තමානයේදි සිය වගකිම් සහ යුතුකම් හදුනාගනිමින් කටයුතු කරන පිරිස් සමාජයේ විරල බවත් නිදහස් අධ්‍යාපනයෙන් පළමු වසරේ සිට උසස් පෙළ දක්වා ඉගැන්විමට රජයක් ලෙස විශාල මුදල් ප්‍රමාණයක් වැය කරන බවත් විශ්ව විද්‍යාල අධ්‍යාපනයද නොමිලේ ලබා දෙන බවත් ඉන් නිසි ප්‍රයෝජනය ලබා ගත යුතු බවද ආවධාරණය කළේය.
    වැඩිදුරටත් අදහස් දැක්වු ආණ්ඩුකාරවරයා කියා සිටියේ අනාගතය බාර ගැනිමට සිටින දරුවන් ලෙස මේ සමාජයට ගරු කරන යුතුකම් වගකිම් ඉටු කරන පුරවැසියන් ලෙස කටයුතු කිරිමට අදිටන් කර ගත යුතු බවය.
    මෙම අවස්ථාවට මධ්‍යම පළාත් අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් මේනක හේරත්, පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ අමරිසිරි පියදාස, ආණ්ඩුකාර සම්බන්ධිකරණ ලේකම් /හිටපු ජාතික පාසල් අධ්‍යක්ෂ කිත්සිරි ලියනගමගේ ,ආණ්ඩුකාර සහකාර ලේකම් උදාර කොන්සිවත්ත යන මහත්වරුන් ඇතුලු සිසු දරු දැරියන් දෙමාපියන් ඇතුලු පිරිසක් එක්වි සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya