ඊයේ(30) සෞඛ්‍ය අමාත්‍යංශයේ ශ්‍රවණාගාරයේ පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසීය.
මෙම ප්‍රවෘත්ති සාකච්ඡාවේදී අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා මෙසේද පැවසීය.
“වර්තමානයේ සෞඛ්‍ය ක්ෂේත්‍රය පිළිබදවත්, ඖෂධ මිලදී ගැනීම පිළිබදවත් වැරදි අසත්‍ය ප්‍රචාර රැසක් මාධ්‍ය මගින් හුවා දක්වන බැවින් පිළිබද කරුණු දැක්වීමට මෙම මාධ්‍ය හමුව පවත්වනු ලබනවා. ඖෂධ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය කිසිදු හදිසි ඖෂධ මිලදී ගැනීමක් සිදු කරන්නේ නැහැ. ගුණාත්මකභාවයෙන් අඩු කිසිදු ඖෂධයක් ප්‍රසම්පාදන ක්‍රියාවලිය මගින් ලබා ගැනීමට කටයුතු නොකරන බව සහ ශ්‍රී ලංකාවේ ලියාපදිංචි කර නොමැති ඖෂධ මෙරටට ගෙන්වීමට කිසිදු අවස්ථාවක කටයුතු නොකරන බවත් මේ අවස්ථාවේ සදහන් කරන්න කැමැතියි. ඒ සම්බන්ධව කථිකාවක් ඇති වී තිබෙන්නේ කරුණු දෙකක් හේතුවෙන්. එකක් තමයි ශ්‍රි ලංකාව සහ ඉන්දියානු රජය අතර, රජයන් දෙකක් අතර ගිවිසුමක් මාර්ගයෙන් ශ්‍රී ලංකාවට ඉන්දියානු රජයෙන් කළ ඉල්ලිමකට අනුව ඔවුන්ගේ යෝජනා ක්‍රමවේදයකට අනුව “ජනඖෂධී ඖෂධ ව්‍යාපාරය” නමින් රජය සතු ආයතන මගින් ගුණාත්මකභවින් ඉහළ ඖෂධ ඉන්දියානු ජනතාවට ලබාදීමේත්, අසල්වැසි රටවලට ලබාදීමෙත් ක්‍රමවේදයක් පවතිනවා. එම ක්‍රමවේදයට ඇතුලත්වන ලෙස ඉන්දියානු රජය මගින් කරන ලද ඉල්ලීමකට අනුව කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර තිබෙනවා. ඒ යටතේ අවශ්‍ය අවස්ථාවක දි ඉන්දියානු රජය මගින් අපට ලබාදෙන ඖෂධ සාධාරණ මිලකට මෙරට ලියාපදිංචියෙන් පසුව ලබාගැනීමට සදහා අවශ්‍ය කැබිනට් පත්‍රිකාවක් මා විසින් ඉදිරිපත් කර තිබෙනවා. එම කැබිනට් පත්‍රිකාව මගින් අපි බලාපොරොත්තු වුණේ ඉන්දියානු රජය සමග අවබෝධතා ගිවිසුමක් අත්සන් කරන්න. එම කැබිනට් පත්‍රිකාව අනුමත වූවාට තවම අවබෝධතා ගිවිසුම අත්සන් කර නැහැ. එම අවබෝධතා ගිවිසුම අනුව මෙරටට ඖෂධ ගෙන්වනවා නම් ඖෂධ සහ නිෂ්පාදකයින් ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචි කිරීමෙන් පසුවයි මෙරටට ගෙන්වන්නේ.”
“දෙවැන්න පසුගිය වසරක කාලය තිස්සේ ලංකාවට ඖෂධ කිහිපයක හිඟතාවයක් තිබෙනවා. වෛද්‍යවරුන් විසින් හදුනාගත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිර්දේශිත ඖෂධ 862 ක් ලංකාවේ ඖෂධ සදහා අන්තර්ගත කර තිබෙනවා. එම ඖෂධ ප්‍රසම්පාදනය කර රෝහල් වෙත ලබාදෙනු ලබනවා. පසුගිය වසරකට ආසන්න කාලයක් තිස්සේ හිඟ ඖෂධ 37 ක් ලබාගැනීම පිළිබදව ගැටළු මතුවෙලා තිබෙනවා. එයට හේතුව තමයි එම 37 න් 21 කට ලියාපදිංචි නිෂ්පාදකයින් සිටියත්, ඔවුන් සමහර අවස්ථාවල ප්‍රසම්පාදන ක්‍රියාවලියට සම්බන්ධ වෙලා නැහැ. සමහර අවස්ථාවල ඔවුන් ඉදිරිපත් කළ මිල ගණන් ඉතා අධික මිලගණන් වෙනවා. තවත් ඖෂධ 16 ක් තිබෙනවා ලංකාවේ ලියාපදිංචි කර නොමැති. මෙම ඖෂධ 37 ලබාගැනීම වෙනුවෙන් සෞඛ්‍ය ලේකම්වරයාට බලය තිබෙනවා, එම බලය වඩා ස්ථාවර කරගැනිම සදහා සහ විනිවිධභාවයෙන් යුතුව කටයුතු කිරිමට අවශ්‍ය නිසා තමයි කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරන ලද්දේ සෘජු ප්‍රසම්පාදන ක්‍රමවේදයක් යටතේ එම ඖෂධ ලබාගැනීම වෙනුවෙන්. එම කැබිනට් පත්‍රිකාව තවම ඉදිරිපත් වුණෙත් නැහැ, අනුමත වෙලාත් නැහැ. නමුත් දැනටමත් මාධ්‍ය හරහා ප්‍රචාරය ලබාදි තිබෙනවා. එම ක්‍රමවේදය යටතේ මිල දී ගත්තත් අප ඉල්ලීමක් කර තිබෙන්නේ ලියාපදිංචි සැපයුම්කරුවන්ගෙන් නොමැති අවස්ථාවල ලෝකයේ එම ඖෂධ නිෂ්පාදනය කළ ප්‍රථම සමාගමෙන් එම ඖෂධය ලබාගැනිමට අවසරය ලබාදෙන්න කියලා. එසේ කර තිබෙන්නේ සමහර විට ලියාපදිංචි ඖෂධ සැපයුම්කරුවන් මෙයට සැපයුම් නොකරන නිසාත්, නැතිනම් ඔවුන්ගේ ඖෂධ මිල අධික නිසාත් මෙන්ම සමහරවිට ලියාපදිංචි කර නොමැති නිසාත් බව කියන්න අවශ්‍යයි. එවැනි ක්‍රමවේදයක් යටතේ ඖෂධ ගෙන්වනවා නම් කිසි විටෙක හදිසි ප්‍රසම්පාදන ක්‍රියාවලියකින් තොරව නැතිනම් ඔවුන් ලියාපදිංචි කර නැතිනම් එම ඖෂධය අනිවාර්යයෙන්ම ඖෂධ නියාමන අධිකාරියේ ඖෂධ ලියාපදිංචි කිරීමේ ක්‍රමවේදයක් පවතිනවා. ලෝකයේ පිළිගත් රටවල ලියාපදිංචි කර තිබෙනවා නම් අපට ඉතා ඉක්මණින් ලියාපදිංචිය ලබාදෙන්න පුළුවන්. එය ලෝක සෞඛ්‍ය සංවිධානය පිළිගත් ක්‍රමවේදයක්. ඒ හරහා පමණයි ගෙන්වන්නේ. එවිට එම ඖෂධවල ගුණාත්මකභාවය පිළිබදව කිසිදු ගැටළුවක් ඇති වන්නේ නැහැ.”
“සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස මා කටයුතු කරන තාක් කල් සහ මෙම නිලධාරි මණ්ඩලය කටයුතු කරන තාක් කල් අපි නීතිවිරෝධී හෝ රීති විරෝධී හෝ, සම්ප්‍රදාය විරෝධී කිසිම කටයුත්තකට සම්බන්ධ වෙන්න බලාපොරොත්තුවක් නැහැ. එහෙම දෙයක් සිදු වුණෙත් නැහැ. ඉදිරියේ දී සිදු වෙන්නෙත් නැහැ. මෙරටට පසුගිය කාලය පුරා සිදු වුණේ රෝගී ජනතාවට ලබාදීමට නොහැකි වූ ඖෂධ 37 වඩා විනිවිධභාවයකින් යුතුව රටේ ජනතාවට ලබාදීමට කටයුතු කිරිමයි. අද පුවත්පත්වල ද අසත්‍ය මාධ්‍ය වාර්තා පළ වී තිබුනා. සෞඛ්‍ය අමාත්‍යාංශය වෙනුවෙන් කිසිදු නිලධාරියෙක් ඖෂධ ප්‍රසම්පාදනයක් වෙනුවෙන් කිසිම විටෙක ඉන්දියාවට හෝ පිටරටට ගියේ නැහැ. කිහිප වරක් ගිහින් තුබුණා පුහුණු වැඩසටහන් සහ නිෂ්පාදන ඇතුලු කටයුතු පිළිබදව අවධානය යොමු කරන්න. ඖෂධ නිෂ්පාදන සංස්ථාව විනාශ කර ඖෂධ සැපයුම් ඉන්දියාවට දෙන්න හදනවා කියලා ප්‍රවෘත්තියක් පළ වෙනවා එම ප්‍රවෘත්තියට පාදක වෙන්නේ රජයකින් රජයකට ගිවිසුමකට ඖෂධ සැපයීම පිළිබදව මා ඉදිරිපත් කළ කාරණය. එය පෞද්ගලික අංශය සම්බන්ධ එකක් නොවෙයි. ගුණාත්මකභාවයෙන් ඉහළ ඖෂධ ඉන්දියාව හරහා ගන්න හැකි නම් අපි ඒ්ක කරනවා. එසේ කරන්නේ රටේ ජනතාව වෙනුවෙන්. නමුත් ඒ සම්බන්ධ අවසන් ගිවිසුමට තවම එළඹ නැහැ. එය වඩා විනිවිධභාවයෙන් රජයන් දෙක අතර කෙරෙන කටයුත්තක්. රමේෂ්ගේ ඖෂධ ගෙන්වීම ජනතපති අත්හිටුවයි කියලා පුවතක් තිබෙනවා එහි කිසිදු සාධාරණ පදනමක් හෝ එවැනි කටයුත්තක් සිදු වුණේ නැහැ. එසේ කිරීමට අවශ්‍යතාවයක් නැහැ. ජනාධිපතිතුමාත් පවසන්නේ අත්‍යාවශ්‍ය ඖෂධ ජනතාවට පුළුවන් තරම් හොදින් ලබාදෙන්න කියලා. ලංකාවට ඖෂධ ගෙන්වන්න ඉන්දියාවෙනු කිසිදු සමාගමක් තෝරාගෙන නැහැ. එවැනි සිදුවීමක් කෙරෙනවා නම් ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචියට අනිවාර්යයෙන්ම යටත් විය යුතුයි. ලියාපදිංචි නොකළ ඖෂධ ලංකාවට ගෙන්වන්නේ නැහැ. එවැනි ක්‍රියාමාර්ගයකට තවම අප අවතීරණ වෙලත් නැහැ.”
“අබබෝධතා ගිවිසුමට තාම දින වකවානු නැහැ තින්දු කරලා නැහැ, රජයන් දෙකක් අතර අවබෝධතා ගිවිසුම අත්සන් කරන්න කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. මම ලංකාවේ ඖෂධ සමාගම අධක්ෂ මණ්ඩල සාමාජිකයෙක් ලෙස කටයුතු කර තිබෙනවා. එය මගේ ජීව දත්ත පෝරමයෙත් තිබෙනවා. ඔය කියන සමාගමේ සේවය කර නැහැ.”
මෙම විශේෂ මාධ්‍ය සාකච්ඡාවට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන, වෛද්‍ය සැපයුම් අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ජී. විජේසූරිය, ඖෂධ නියාමන අධිකාරියේ සභාපති විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම, රාජ්‍ය ඖෂධ සංස්ථාවේ සාමාන්‍යාධිකාරි දිනූෂ දසනායක, රාජ්‍ය ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාවේ සභාපති වෛද්‍ය උත්පල ඉන්ද්‍රවංශ මහත්වරු ඇතුළු නිලධාරීහු පිරිසක් එක්ව සිටියහ.