මෙම සාකච්ඡාවේ දී ඡන්ද මධ්‍යස්ථානවල පූර්ව සූදානම් කටයුතු පිළිබඳ හා සාධාරණ හා නිදහස් මැතිවරණ ක්‍රියාවලියක් වෙනුවෙන් ක්‍රියා කළ යුතු ආකාරය පිළිබඳ ජ්‍යෙෂ්ඨ ඡන්ද ස්ථානාධිපතිවරුන් දැනුවත් කර තිබේ.
2024 ජනාධිපතිවරණයට අදාළ ඡන්ද මධ්‍යස්ථානවල ජ්‍යෙෂ්ඨ ඡන්ද ස්ථානාධිපතිවරුන් මැතිවරණ ක්‍රියාවලියේ දී කටයුතු කළ යුතු ආකාරය පිළිබඳ පූර්ව සාකච්ඡාවක් දිස්ත්‍රික් ලේකම්/ දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරී පණ්ඩුක ශ්‍රී ප්‍රභාත් අබේවර්ධන මහතා සහ බදුල්ල දිස්ත්‍රික් සහකාර මැතිවරණ කොමසාරිස් කේ. කාන්දීපන් මහතාගේ ප්‍රධානත්වයෙන් එම දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේ දී ඊයේ (28) පැවැත්විණ.
මෙම සාකච්ඡාවේ දී ඡන්ද මධ්‍යස්ථානවල පූර්ව සූදානම් කටයුතු පිළිබඳ හා සාධාරණ හා නිදහස් මැතිවරණ ක්‍රියාවලියක් වෙනුවෙන් ක්‍රියා කළ යුතු ආකාරය පිළිබඳ ජ්‍යෙෂ්ඨ ඡන්ද ස්ථානාධිපතිවරුන් දැනුවත් කර තිබේ.