ඒ මහතා මේ බව පැවසුවේ එළඹෙන 31 වනදාට යෙදෙන ජාත්‍යන්තර අධි මාත්‍රාව පිළිබඳව දැනුවත් කිරීමේ දිනය වෙනුවෙන් අද (28) සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පැවති විශේෂ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමිනි.
සාමාන්‍යයෙන් ලෝකයේ අධි මාත්‍රාව හේතුවෙන් වසරකට මිලියන විසි තිස් ගණනක් මිය යන බව සඳහන් කළ ඒ මහතා අප සාමාන්‍යයෙන් භාවිත කරන ඖෂධ ප්‍රමාණය ඉක්මවා ගැනීමෙන් අධිමාත්‍රා තත්ත්වයට පත්වී මරණය පවා ඇතිවිය හැකි බව අවධාරණය කළේය.
නිර්දේශිත නොවන මත්ද්‍රව්‍ය භාවිතය හේතුවෙන්ද ලොව විශාල සංඛ්‍යාවකගේ සෞඛ්‍ය පිරිහීමත් මරණයට පත්වීමත් සිදුවන බවද වැඩිදුරටත් අදහස් දක්වමින් ජයවර්ධන මහතා පැවසුවේය.
මේ වන විට අප රටෙහිද මෙම ප්‍රවණතාවය දක්නට ඇති බව පැවසූ විශේෂඥ වෛද්‍ය රවී ජයවර්ධන මහතා අප නොදන්නවා වුවද මෙරට ඖෂධ අධි මාත්‍රාව හේතුවෙන් පුද්ගලයන් මියයෑම හා හෘදයාබාධ වලට ලක්වී ඔවුන්ගේ ජීවිත අඩාල වීම සිදුවන බවද පෙන්වා දුන්නේය.
මෙම ජාත්‍යන්තර අධි මාත්‍රාව පිළිබඳව දැනුවත් කිරීමේ දිනයෙහි වැදගත්කම වනුයේ අධිමාත්‍රාව පිළිබඳව දැනුවත් වීමත්, මෙය වළක්වාගන්නේ කෙසේද යන්න දැනගැනීමත්, මේ හේතුවෙන් මියයන පුද්ගලයන්ගේ පවුල් වල අය සමග දුක බෙදා ගැනීම හා මෙය අනාගතයේ සිදුවීම වළක්වා ගැනීම බවද හෙතෙම අවධාරණය කළේය.
ඖෂධ වැඩිවීමක් සිදුවිය හැකි ක්‍රම වශයෙන් වෛද්‍යවරුන් ඖෂධ ලිවීමේදී මාත්‍රාව, ලබාගන්නා වේල් ගණන, භාවිතා කළ යුතු දින ගණන සහ අදාළ පුද්ගලයාට නුසුදුසු ඖෂධයක් නිර්දේශ කිරීම ආදිය පෙන්වාදුන් වෛද්‍යවරයා සුදුසුකම් ලත් වෛද්‍යවරයෙක් වෙත යාමෙන් මෙම ගැටලුව ඉතාම අවම කරගත හැකි බවද පැවසුවේය.
වෛද්‍යවරුන්ට මෙන්ම මේ හා සමානවම වැදගත් කාර්යයභාරයක් ඖෂධවේදීන්ටද පැවරී ඇතිබව පෙන්වා දුන් ඒ මහතා,වෛද්‍යවරයා නිර්දේශ කර ඇති මාත්‍රාව, ප්‍රමාණය, කාලය සහ වැරදි ඖෂධ 02ක් එකට නිර්දේශ කර ඇතැයිද ආදී කරුණු සම්බන්ධයෙන් ඔවුන් විශේෂ අවධානයක් යොමු කළ යුතු බවද පෙන්වා දුන්නේය.
රෝගියාට බෙහෙත් ලබාදෙන්නේ නිවසේ සිටින වෙනත් පුද්ගලයෙකු නම් ඔහුද ඉහත කරුණු සම්බන්ධයෙන් අවධානය යොමු කිරීම වැදගත් බව විශේෂඥ වෛද්‍ය රවී ජයවර්ධන මහතා පැවසුවේය.
ඇතැම්විට ඇතැම් පුද්ගලයන් සිතාමතා ඖෂධ අධි මාත්‍රා භාවිත කරන බවද ලංකාවේ වසරකට 20,000ක් පමණ ඖෂධ අධි මාත්‍රා ගැනීමෙන් රෝහල්ගත වන බවද හෙතෙම සඳහන් කළේය.
රෝගීන්ගෙන් 20% - 30% ක් පමණ වැරදීමකින්ද, 70% - 80%ක් පමණ සිතාමතාද ඖෂධ අධි මාත්‍රාවක් ශරීරගත වී රෝහල්ගත වන බව පැවසූ විශේෂඥ වෛද්‍ය රවී ජයවර්ධන මහතා ඇතමුන් සිතාමතා භාවිතා කරන ඖෂධ අතර බහුලව පැරසිටමෝල් ඖෂධය දක්නට ලැබෙන බවද පැවසුවේය.
පැරසිටමෝල් අධිකව භාවිතයෙන් අක්මාවට අධික ලෙස හානිවී අවසානයේ ඉතා වේදනාකාරී මරණයක් අත්වන බවද, ඇතැම් දෙමාපියන්ගේ නොදැනුවත්කම හේතුවෙන් කුඩා දරුවන්ටද පැරසිටමෝල් අධි මාත්‍රා ලබා දීමෙන් අක්මාවට හානිවී රෝහල්ගත වීම් වාර්තා වන බවද සඳහන් කළේය.
වෛද්‍ය උපදේශයකින් තොරව පැරසිටමෝල් ඖෂධය භාවිතා නොකරන ලෙසද මෙහිදී විශේෂඥ වෛද්‍ය රවී ජයවර්ධන මහතා අවධාරණය කළේය.