කටාන ප්‍රාදේශීය ලේකම් ඒ. එස් .ජේ. පී අතුකෝරල හා සහකාර ප්‍රාදේශීය ලේකම් බී .එන්.නිලූෂ ද සිල්වා යන මහත්ම මහත්මීන්ගේ මඟපෙන්වීම හා අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වූ මෙම වැඩසටහන කටාන ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, කටාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය හා සීදූව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය ඒකාබද්ධව ක්‍රියාත්මක කරන ලද අතර ආර්ථික සංවර්ධන නිලධාරී, ග්‍රාම නිලධාරී , සමුර්ධි සංවර්ධන නිලධාරී , මහජන සෞඛ්‍ය පරීක්ෂක ඇතුලු රාජ්‍ය නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් සංවිධානය කර තිබුණි.
කොට්ඨාසයේ බෞද්ධ විහාරස්ථාන, කතෝලික දේවස්ථාන, හින්දු කෝවිල් ඇතුලු ආගමික ස්ථාන 78කදී බැතිමතුන්ගේ ශ්‍රම දායකත්වයෙන් මෙම වැඩසටහන ක්‍රියාත්මක විය.