ශ්‍රී ලංකාව දැනටමත් සිය ඩිජිටල් පරිවර්තන ගමන් මගෙහි සැලකිය යුතු ප්‍රගතියක් අත් කරගෙන ඇති නමුත් ගෝලීය කෘත්‍රිම බුද්ධිය කෙරෙහි සැලකිය යුතු තරමේ බලපෑමක් ඇති කර ගැනීමට හැකිව නොමැති බවද පැවසුවේය.
කෘෂිකර්මාන්තය, සෞඛ්‍ය සේවා සහ අධ්‍යාපනය වැනි ප්‍රධාන ක්ෂේත්‍රයන් සඳහා කෘත්‍රිම බුද්ධිය යොදා ගැනීමෙන් ඵලදායිතාවය ඉහළ නැංවීමටත්, රාජ්‍ය සේවය වැඩිදියුණු කිරීමටත් හැකියාව ඇතැයිද එමඟින් තිරසාර ආර්ථික වර්ධනයක් අත් පත් කර ගැනීම සහ දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා ප්‍රබල දායකත්වයක් සැලසෙන බවද අවධාරණය කළේය.
කෘත්‍රිම බුද්ධිය සංවර්ධනය සහ භාවිතය තුළින් ඩිජිටල් වශයෙන් සවිබල ගැන් වූ ශ්‍රීලංකාවක් නිර්මාණය කිරමේ අරමුණින් කෘත්‍රිම බුද්ධිය පිළිබඳ ශ්‍රී ලංකාවේ උපාය මාර්ගය සකස් කර තිබෙන බවද පැවසුවේය.
ඒ අනුව 2030 වන විට ශ්‍රී ලංකාව කෘත්‍රිම බුද්ධිය පිළිබඳ කලාපීය කේන්ද්‍රස්ථානයක් ලෙස ස්ථාපිත කිරීමට සහ ගෝලීය තරඟකාරිත්වය සහ ආර්ථිකයේ ඔරොත්තු දීමේ හැකියාව ඉහළ නැංවීම අපේක්ෂා කරනු ලබන බවත්, එකී අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා සකස් කරනු ලැබූ කෘත්‍රිම බුද්ධිය පිළිබඳ ශ්‍රී ලංකාවේ ජාතික උපායමාර්ගය ක්‍රියාත්මක කිරීම පිණිස මෙම යෝජනාව අනුමත කර ඇති බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.