නොවැම්බර් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දුම්රියෙන් කසළ රැගෙන යෑම පිලිබඳ අත්හදා බැලීමක්

    අගෝස්තු 26, 2024

    ඇසුරුම් කළ කසළ දුම්රියෙන් අරුවක්කාලු කසළ අංගනය වෙත රැගෙන යෑම පිළිබඳව අත්හදා බැලීමක් සිදු කළ බව දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යධිකාරී (ගමනාගමන) ජේ.එන්. ඉඳිපොලගේ මහතා පැවසිය.

    ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ අද (26) රජයේ නිල පුවත් වෙබ් අඩවිය මේ පිළිබඳව කළ විමසුමේ දී ය.

    ඒ අනුව වනවාසල කසළ ඇසුරුම් කිරීමේ මධ්‍යස්ථානයේ දී එක්රැස් කරන ලද කසළ එලෙස පුත්තලම අරුවක්කාලු කසළ අංගනය වෙත රැගෙන යාමට කටයුතු කර තිබේ.

    මෙම ක්‍රියාවලිය ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය වැඩපිළිවෙල තවදුරටත් සැලසුම් කරමින් තිබෙන බව ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya