නොවැම්බර් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වංචනික බදු එකතු කරන්නන්ට හසු නොවන්න - දේශීය ආදායම් දෙපාර්තමේන්තුව

    අගෝස්තු 26, 2024

    දේශීය ආදායම් දෙපාර්තමේන්තු නිලධාරීන් ලෙස පෙනී සිටිමින් වංචනික පුද්ගල කණ්ඩායමක් විසින් මුදල් රැස් කරන බවට දිගින් දිගටම පැමිණිලි ලැබී ඇති බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

    කොළඹ, පානදුර, මීගමුව, වෙන්නප්පුව හා මිනුවන්ගොඩ ආදී  ප්‍රදේශ වල ව්‍යාපාරික ස්ථාන වෙත ගොස් අය විය යුතු බදු වෙනුවෙන් මෙලෙස මුදල් රැස් එක්රැස් කරන බවට  පැමිණිලි ලැබී ඇති බව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි

    දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් පරිපාලනය කරනු ලබන බදු වර්ගවලට අදාළ බදු මුදල් රැස් කිරීමේ දී දේශීය ආදායම් නිලධාරීන් විසින් බදු ගෙවන්නන් වෙත ගොස් ලංකා බැංකුවේ සහ මහජන බැංකුවේ දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් නමින් පවත්වා ගෙන යනු ලබන ගිණුම්වලට පමණක් බදු මුදල් තැන්පත් කිරීමට උපදෙස් ලබා දෙනු අතර මුදල් හෝ චෙක්පත් එකතු කිරීමන් සිදු නොකරන බව ද එම දෙපාර්තමේන්තුව අවධාරණය කරයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya