විදේශීය සංචාරකයන් වෙනුවෙන් සකස් කරන ලද ඇදුම් පැළදුම්, දේශීය අත්කම් භාණ්ඩ ආදී නිෂ්පාදනයන්ගෙන් මෙම ප්‍රදර්ශනය සමන්විත විය.
ඇසළ පෙරහැර සමයේ මහනුවරට පැමිණෙන සංචාරකයන් වෙනුවෙන් පැවැති මෙම ප්‍රසංගය සාම්ප්‍රදායික නර්ථන, උඩරට, පහතරට හා සබරගමු නර්ථන, අංගම්පොර සටන් ආදියෙන් ද සමන්විත විය.
මධ්‍යම පළාතේ සංචාරක ක්ෂේත්‍රය වර්ධනය කිරීමේ අපේක්ෂාවෙන් පැවැති මෙම ප්‍රසංගය සඳහා මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යූ.ගමගේ මහතා, ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් මේනක හේරත් මහතා, පළාත් සංචාරක අධ්‍යක්ෂ එම්.යූ. නිශාන්ත මහතා, පළාත් සංස්කෘතික අධ්‍යක්ෂ ඉනෝදනි තඹවිට මහත්මිය ඇතුලු පිරිසක් එක්ව සිටියහ.