ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්ත සඳහා ඉහළ ගුණාත්මක සහ කාර්යක්ෂම ආයතනික සහාය හා සේවාවන් සැපයීමේ අරමුණින් මෙම දිස්ත්‍රික් කර්මාන්ත සභා පිහිටුවීමට අමාත්‍ය මණ්ඩල සංදේශයකට අනුව පසුගිය ජුනි මස අනුමැතිය හිමි විය.
දිස්ත්‍රික් කර්මාන්ත ප්‍රවර්ධන සභාවන්හි කාර්යභාරය වන්නේ කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්ත වල කුසලතා ධාරිතාව සහ සම්පත් වැඩි දියුණු කිරීම සඳහා අවශ්‍ය පහසුකම් සැලසීමයි.
එයට අවශ්‍ය තාක්ෂණික උපදෙස් ප්‍රමිති කරණය සහතික කිරීම, යටිතල පහසුකම් සැලසීම මෙහි කාර්ය භාරයයි. ඩිජිටල්කරණය හා නවෝත්පාදනය හඳුන්වාදීම ,මූල්‍ය ප්‍රවේශ පහසුකම් සලසා දීමත් මෙහි තවත් කාර්යභාරයකි.
දිස්ත්‍රික් මට්ටමෙන් කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්ත අදාළ දත්ත සමූහයක් සඳහා පොදු වේදිකාවක් පිහිටුවීම ද මෙහි අරමුණකි. මෙම කර්මාන්ත ප්‍රවර්ධන වගකීම සම සභාපතිවරුන් වෙත පවරා දී තිබේ.
මේ අවස්ථාව සඳහා ගාල්ල දිස්ත්‍රික් ලේකම් ඩබ්ලිව්. ඒ ධර්මසිරි මහතා සහ කර්මාන්ත අමාත්‍යංශ අතිරේක ලේකම් ඒ ලක්කදාස් මහතා ද ඊට එක්ව සිටියහ.
ඊට අමතරව කර්මාන්ත සම්බන්ධ වගකීම් දරනු ලබන ගාල්ල දිස්ත්‍රික්කයේ සියලුම ආයතන ප්‍රධානීන්ද ගාල්ල කර්මාන්ත හා වාණිජ මණ්ඩලය මෙන්ම ව්‍යවසායකයන් කිහිප දෙනෙක්ද මේ අවස්ථාව සඳහා එක්ව සිටියහ.