මෙහි දී ආරවුල් නිරවුල් කිරීමේ විකල්ප ක්‍රියාමාර්ගයක් ලෙස සමථකරණය, සමථ මණ්ඩල පනත, සමථකරණ මූලධර්ම, ගැටුම් නිරාකරණය, සමථකරණය සඳහා සන්නිවේදන උපක්‍රම, සමථකරණ පියවර ඇතුළු සමථකරණයට අදාළ විෂය ක්ෂේත්‍ර ගණනාවක් පිළිබඳව දැනුවත් කිරීම සිදු කරන ලදී.
මෙම වැඩමුළුව සඳහා සම්පත් දායකත්වය සපයන ලද්දේ මාතර දිස්ත්‍රික් සමථ පුහුණු නිලධාරී රංජනී ඩයස් මහත්මිය විසිනි.
කිරින්ද - පුහුල්වැල්ල සමථ මූල මණ්ඩලයේ සභාපති ඩබ්.එම්.ටී.ඉන්දික මහතාගේ ද සහාය ඇතිව කිරින්ද - පුහුල්වැල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සමථ සංවර්ධන නිලධාරී පියුමි කංකානම්ගේ මහත්මිය විසින් වැඩමුළුව සංවිධානය කරන ලදී.