නොවැම්බර් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සමස්ත ලංකා විවෘත බැඩ්මින්ටන් තරඟාවලිය නිමාවට පත් වෙයි

    අගෝස්තු 26, 2024

    ක්‍රීඩක ක්‍රීඩිකාවන් 780ක ගේ සහභාගීතවයෙන් පැවති සමස්ත ලංකා විවෘත බැට්මින්ටන් තරඟාවලිය පසුගිය 19 වනදා සිට 25 වනදා දක්වා අනුරාධපුර ගෘහස්ථ බැඩ්මින්ටන් තරඟ පිටියේ දී පැවැත්විණි.

    මෙහි දී තරඟ ඛාණ්ඩ 13 ක් යටතේ තරඟ පැවැත්විණි. එහි සහතික, සම්මාන ප්‍රදානෝත්සවය පසුගිය දා (25) මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතාගේ හා ශ්‍රීලංකා බැඩ්මින්ටන් සංගමය සභාපති රොහාන් ද සිල්වා මහතා ඇතුළු බැඩ්මින්ටන් සංගම් නිලධාරීන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

    මෙහි දී පහළොවෙන් පහළ පිරිමි යුගල තරගයේ ජය අමාවන් අමරසිංහ සහ චෙනාල් දෙව්ෂාන් විසින් හිමිකර ගන්නා ලදී. දුවිදු එදිරිසිංහ හා පුබුදු සත්සරට එහි අනුශූරතාව හිමිවිය. වයස අවුරුදු 30න් ඉහළ මිශ්‍ර යුගල තරඟයේ ජය මංජුල ජයරත්න පෙරේරා හා රේණු චන්ද්‍රිකා ද සිල්වා දිනා ගත් අතර එහි අනුශූරතාවය  තරිදු රජිත සිරිවර්ධන හා නදුනි පීරිස් යන දෙදෙනා දිනා ගැනීමට සමත් විය.

    වයස අවුරුදු 50න් ඉහළ මිශ්‍ර යුගල තරගයේ ජය හිමිකර ගැනීමට දුමින්ද ජයකොඩි හා ටී.ආර්. බ්‍රාහ්මනගේ යන දෙදෙනා හට හැකි වූ අතර පිරිමි ඒකල වයස අවුරුදු 45 න් ඉහළ තරගයේ ජය උදය වනසිංහ ක්‍රීඩකයා හට ලබා ගැනීමට හැකිවිය. එහි අනුශූරතාවය ප්‍රදීප් නිලන්ත කුමාරට හිමිවිය.

    කාන්තා යුගල 110න් ඉහළ තරගයේ ජය තුශාරී බ්‍රාහ්මණගේ හා ඉනෝකා ජයලත් විසින් දිනා ගත් අතර ජිනී රෙක්රිමන්ට හා මංජුලා සේනානායකට එහි අනුශූරතාවය හිමිවිය.

    පිරිමි ඒකල අවුරුදු 70න් ඉහළ තරඟයෙන් එම්.ඒ. විමලරත්න ජය හිමිකරගත් අතර එහි අනුශූරතාවය දිනා ගනු ලැබුවේ රොහාන් ද සිල්වා විසිනි. වයස අවුරුදු 110 ට වැඩි පිරිමි යුගල තරගයෙන් ජය රොහාන් ද සිල්වා හා මංජුල ප්‍රනාන්දු දිනා ගත් අතර සමන් ගුණතිලකට හා උදය වනසිංහට එහි අනුශූරතාවය ලැබිණි.

    වයස අවුරුදු 110 ට වැඩි මිශ්‍ර යුගල තරගයෙන් ජය ගැනීමට රොහාන් ප්‍රනාන්දු හා රේණු චන්ද්‍රිකා ද සිල්වා යන දෙදෙනා හට හැකි විය. දුමින්ද ජයකොඩිට හා ඉනෝකා ජයලත් ට එහි අනුශූරාතාවය හිමිවිය.

    විවෘත මිශ්‍ර යුගල තරඟයෙන් ලෝචන ද සිල්වා හා රෂ්මි මුදලිගේ ශූරතාව දිනී ය. තුලිත් පල්ලියගුරු හා පංචාලි අධිකාරි එහි අනුශූරයින් බවට පත්විය.

    විවෘත කාන්තා යුගල තරඟයේ ජය හෂිනි අම්බලන්ගොඩගේට හා හසාරා විජේරත්නට හිමි වූ අතර එහි අනුශූරයින් වූයේ, ඉසුරි අත්තනායක හා සිතුම් ද සිල්වා යි.

    අවසන් තරඟය ලෙස පැවැති විවෘත පිරිමි යුගල තරඟයෙන් ඔෂාමික කරුණාරත්න හා තුලිත් පල්ලියගුරු ශූරතාවය දිනී ය. එහි අනුශූරතාවය දිනා ගත්තේ දිනුර රශ්මික හා සියත් දුල්නෙත් යන ක්‍රීඩකයින් දෙදෙනා යි.

    විවෘත කාන්තා ඒකල තරගයේ ජය වරංගනා ජයවර්ධනට හිමිවිය. රෂ්මි මුදලිගේ අනුශූරතාවයට හිමිකම් කීවා ය. විවෘත පිරිමි ඒකල තරගයේ ශූරතාවය ලෝචන ද සිල්වා හිමිකර ගත්තේ ය. සෙතුම් පෙරේරාට හිමිවුයේ අනුශූරතාවය යි.

    2024 සමස්ත ලංකා විවෘත බැඩ්මින්ටන් තරඟාවලියේ ජය සංකේත ප්‍රදානය කිරිමේ අවස්ථාවට උතුරු මැද පළාත් බැට්මින්ටන් සංගමයේ සභාපති ජ්‍යෙෂ්ඨ නීතිඥ රංජිත් රාජකරුණා, උතුරු මැද පළාත් බැට්මින්ටන් සංගමයේ ලේකම් උපාලි සුමනතිලක, එම සංගමයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති චමින්ද ලොකුබරණ, ශ්‍රී ලංකා බැට්මින්ටන් සංගමයේ තරග තිරක වරයෙකු වන උපාලි ගම්ලත්, උතුරු මැද පලාත් බැට්මින්ටන් සංගමයේ භාණ්ඩාගාරික සුගත් සේනක විජේකෝන්, එම සංගමයේ තරඟ කමිටු ලේකම් ප්‍රසන්න ලියනගේ, උතුරු මැද පලාත් බැට්මින්ටන් සංගමයේ උප සභාපතිවරුන් වන රුවන් ප්‍රසන්න, විජිත් ද සිල්වා, අසංක තිලකරත්න හා අජිත් ගුණරත්න යන මහත්වරුන්, එහි විධායක කමිටු සමාජිකයින් වන රොෂාන් රණතුංග, ඒ.එම්. විමලරත්න, එස්.ටී.ජේ.සී .පෙරේරා යන මහත්වරුන්, උප ලේකම් ඩිලාන් මිලින්ද සුරවීර, යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක්වූහ. 

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya