දකුණු නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් චන්දිම සිල්වා ගේ අධීක්‍ෂණය යටතේ, ශ්‍රී ලංකා නාවික නෞකා දක්‍ෂිණ සහ කාවන්තිස්ස ආයතනයන්ගේ මූලිකත්වයෙන් මෙම වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහන සංවිධානය කරන ලදි.
එහිදී ගාල්ල මහමෝදර සිට දඩැල්ල දක්වා සහ හම්බන්තොට නගර සීමාවේ වෙරළ තීරයෙහී විසිරී තිබූ ප්ලාස්ටික් සහ පොලිතීන් ඇතුළු ඝණ අපද්‍රව්‍ය රැසක් වෙරළ තීරයෙන් ඉවත් කිරීමට කටයුතු කෙරිණි.