නොවැම්බර් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඉන්දියානු රජයෙන් සිසුන් දස දහසකට පාසැල් උපකරණ

    අගෝස්තු 22, 2024

    ඉන්දියානු සම්භවයක් සහිත දෙමළ ප්‍රජාව ශ්‍රී ලංකාවට පැමිණ වසර 200ක් සපිරිම නිමිත්තෙන් මධ්‍යම, සබරගමුව, ඌව සහ වයඹ පළාත්වල වතු ආශ්‍රිත දමිල ප්‍රජාවට බහු ආංශික සහය ලබාදීමේ ව්‍යාපෘතිය යටතේ එක් වැඩසටහනක් පසුගිය දා (20) ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් එච්.ඊ. සංතෝෂ් ජා මහතාගේ ප්‍රධානත්වයෙන් මාතලේ ගාන්ධී ශාලාවේදී පැවැත්විණි.

    මාතලේ මහත්මා ගාන්ධී ශාලාවේ ඉන්දියාවේ සංස්කෘතික, ඓතිහාසික, සමාජීය, දේශපාලන, ආර්ථික සහ අනෙකුත් අංශ පිළිබඳ තොරතුරු ඇතුලත් ඒකකයක් ඉන්දීය මහ කොමසාරිස්වරයා විසින් විවෘත කිරීමද මෙහි දී සිදුවිය.

    ඉන්දියානු වතු නිවාස ව්‍යාපෘතියේ (IHP) III අදියරේ ප්‍රතිලාභීන් කිහිප දෙනෙකුට සූර්ය පැනල සහ වතුකරයේ පාසල්වල සිසුන්ට පොත් සහ පාසල් බෑග් බෙදා දීම ද මෙහි දී සිදුවිය.

    ඉන්දියානු වතු නිවාස ව්‍යාපෘතියේ තුන්වන අදියරේ ප්‍රතිලාභි නිවාස 4000ක් ආවරණය වන පරිදි සුර්ය විදුලි පැනල ලබාදීමට නියමිතය.

    ඉන්දීය මහ කොමසාරිස්වරයා අතින් සංකේතාත්මකව සිසුන්ට පොත්පත් හා පාසැල් බෑග් ලබා දීම සිදුවු අතර තෝරාගත් සිසුන් 10,000කට ඉදිරියේදී පොත්පත් හා පාසැල් බෑග් ලබාදීමට නියමිතය.

    ඉන්දියානු සම්භවයක් සහීත වතු ප්‍රජාව ශ්‍රී ලංකාවට පැමිණ වසර 200ක් පිරීම නිමිත්තෙන් ඉන්දියානු රජය මගින් පිරිනමන ඉන්දීය රුපියල් මිලියන 750ක විශේෂ බහු ආංශික ප්‍රදාන ව්‍යාපෘතියේ කොටසක් වශයෙන් මෙම වැඩසටහන ක්‍රියාත්මක වේ.

    මෙම අවස්ථාවට ඉන්දියානු මහනුවර සහකාර මහකොමාසරිස් අතිරා එස් මහත්මිය ඇතුළු පිරිසක් සහාභාගි වුහ.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya