අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ අද (22) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය සාකච්ඡාවේ දී ය.
අනාගත ගෝලීය ප්‍රවණතා සඳහා මුහුණ දිය හැකි පුරවැසියන් බිහි කිරීමත්, ආර්ථික සංවර්ධනයට ඵලදායි ලෙස ඔවුන්ගේ දායකත්වය ලබා ගැනීමත් යන අරමුණු සාක්ෂාත් කර ගැනීම මෙහි අරමුණු කර ගනිමින් පාසල් සිසුන්ට කෘතීම බුද්ධිය ආශ්‍රිත අධ්‍යන කටයුතු වල නියැලීමට අවස්ථාව සැලසීම සුදුසු බවට හඳුනාගෙන ඇත.
ගෝලීය වශයෙන් වඩාත් දියුණු රටවල කෘතීම බුද්ධිය භාවිතා කෙරෙන නමුත් ශ්‍රී ලංකාවේ භාවිතා වන්නේ ඉතාම අවම මට්ටමකින් බවත් සඳහන් කළ අමාත්‍යවරයා මෙම ආරම්භ කිරීමට නියමු ව්‍යාපෘතියෙහි කාර්යය ඵල ඇගයීමෙන් අනතුරුව ලැබෙන ප්‍රතිඵල අනුව ඉදිරි වර්ෂ වල දී සියලු පාසල් වලට ව්‍යාප්ත කිරීමටත් හැකිවන බව ද වැඩිදුරටත් සඳහන් කළේය.