නොවැම්බර් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මාතර අප ස්වාමිදුවගේ ජාතික සිද්ධස්ථානයේ 117 වන වාර්ෂික මංගල්‍යයට සියල්ල සූදානම්

    අගෝස්තු 22, 2024

    රාජ්‍ය අනුග්‍රහය සහිතව පැවැත්වෙන මාතර අප ස්වාමිදුවගේ ජාතික සිද්ධස්ථානයේ 117 වන වාර්ෂික මංගල්‍යයට සියල්ල සූදානම්කර තිබේ.

    මේ බව අනාවරණය කෙරුණේ මාතර අප ස්වාමිදූගේ ජාතික සිද්ධස්ථානයේ 2024 වාර්ෂික මංගල්‍යය පිළිබඳව මාතර දිස්ත්‍රික් ලේකම් ගනේෂ අමරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මාතර අප ස්වාමිදූගේ ජාතික සිද්ධස්ථානයේ මීසම් ශාලාවේ දී ඊයේ (21) පැවති සාකච්ඡාවක දී ය.

    ඒ අනුව 2024 අගෝස්තු මස 28 වැනි බ්‍රහස්පතින්දා ප.ව.4.00ට කොඩි ගස එසවීමෙන් 2024 වාර්ෂික මංගල්‍යයේ කටයුතු නිල වශයෙන් ආරම්භ කෙරේ. 2024 අගෝස්තු 29 වන සිකුරාදා දින සිට සැප්තැම්බර් 05 වැනි බ්‍රහස්පතින්දා දින දක්වා දිනපතා ප.ව.4.30 ට ජපමාලය, දිව්‍ය පූජාව, ප්‍රාර්ථනාව හා නුවායනය පැවැත්වේ.

    ගාලු රදගුරු පදවි අනුනායක අතිගරු මයිකල් රාජේන්ද්‍රම් පියතුමාගේ ප්‍රධාන්තවයෙන් සැප්තැම්බර් 06 සිකුරාදා දින ප.ව. 4.30ට දිව්‍ය සත්ප්‍රසාද මංගල්‍යය, සත්ප්‍රසාද වන්දනාව හා පෙරහැර පැවැත්වේ.

    සැප්තැම්බර් 07 සෙනසුරාදා දින පෙ.ව.8.30ට, පෙ.ව.10.00ට හා පෙ.ව.11.30ට දිව්‍ය පූජාව පැවැත්වේ. එදින ම ප.ව.3.30ට රදගරු හිමිපාණන්, පූජා ප්‍රසාදීන් වහන්සේලා ඇතුළු ආරාධිත අමුත්තන් පිළිගැනීම සිදු කෙරෙන අතර ප.ව.4.15ට ජපමාලය, ප්‍රාර්ථනාව, සන්ධ්‍යා මෙහෙය සහ මාතර අප ස්වාමිදුවගේ ප්‍රතිමාව රැගත් පෙරහැර වීථි සංචාරය කිරීම සිදු කිරීමට නියමිත ය.

    සැප්තැම්බර් 08 ඉරිදා දින අළුයම 4.00ට සිංහල භාෂාවෙන් ද, අළුයම 5.00ට සිංහල භාෂාවෙන් හා දෙමළ භාෂාවෙන් ද, පෙ.ව.6.00ට සිංහල භාෂාවෙන් හා ඉංග්‍රීසි භාෂාවෙන් ද දිව්‍ය පූජාව පැවැත්වේ. පෙ.ව.8.00ට මංගල දිව්‍ය යාගය පැවැත්වෙන අතර රදගරු හිමිපාණන් වහන්සේලාගේ ප්‍රධානත්වයෙන් සහ පූජා ප්‍රසාදීන් වහන්සේලාගේ සහභාගිත්වයෙන් මධ්‍යාහ්න 12.00ට සහ ප.ව.5.00ට සිංහල භාෂාවෙන් දිව්‍ය පූජාව පැවැත්වීමෙන් අනතුරුව වාර්ෂික මංගල්‍යයේ කටයුතු නිමාවට පත් කෙරේ.

    මංගල්‍යයට පැමිණෙන බැතිමතුන්ගේ සනීපාරක්ෂක පහසුකම්, ආරක්ෂාව ආදී කටයුතු පෙර වර්ෂ වල මෙන්ම විධිමත්ව සිදුකිරීමට නියමිත අතර මාතර දිස්ත්‍රික් ලේකම් / දිසාපති ගනේෂ අමරසිංහ මහතාගේ අධික්ෂණය යටතේ සියලු කටයුතු සිදුවන අතර ප්‍රදේශයේ රාජ්‍ය ආයතන සහ පෞද්ගලික අංශය ද බැතිමතුන්ට අවශ්‍ය පහසුකම් සැපයීමට ඉදිරිපත්ව සිටිති.

    මෙම සාකච්ඡාව සඳහා ගාලු රදගුරු පදවි අනුනායක අතිගරු මයිකල් රාජේන්ද්‍රම් පූජා ප්‍රසාදීන් වහන්සේ, අතිගරු චාල්ස් හේවාවසම් පූජා ප්‍රසාදීන් වහන්සේ, සිද්ධස්ථාන පරිපාලක ගරු සම්පත් විලේගොඩ පියතුමා, ගරු මයිකල් කොලින් පියතුමා ඇතුළු පූජා ප්‍රසාදීන් වහන්සේලා සහ කන්‍යා සොහොයුරියන්, මාතර අතිරේක දිස්ත්‍රික් ලේකම් (ඉඩම්) කාංචනා තල්පාවිල මහත්මිය, සහකාර දිස්ත්‍රික් ලේකම් ලක්මාලි තේනුවර මහත්මිය, මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, මාතර කඩවත් සතර ප්‍රාදේශිය ලේකම් කාර්යාලය, මාතර මහා නගර සභාව, සෞඛ්‍ය අංශ, කලාප අධ්‍යාපන කාර්යාලය, ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය, මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය, විදුලිබල මණ්ඩලය, පාරිභෝගික සේවා අධිකාරිය, ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය, යුද හමුදාව, නාවික හමුදාව, වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුව, මාර්ග සංවර්ධන අධිකාරිය ඇතුළු රාජ්‍ය ආයතන රැසක් නියෝජනය කරමින් නිලධාරීන් සහභාගි වී සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya