නොවැම්බර් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දිස්ත්‍රික්ක කිහිපයක මාර්ග ජලයෙන් යටවේ - රියදුරන් සැළකිලිමත් වන්න

    අගෝස්තු 20, 2024

    ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්කවල ඇතැම්  මාර්ග තවදුරටත් ජලයෙන් යටවී ඇති බව වාර්මාර්ග දෙපාර්තමේන්තුවේ වාර්මාර්ග අධ්‍යක්ෂ ඉංජිනේරු එස්. පී.සී.සුගීෂ්වර මහතා පවසයි.

    පවතින ගංවතුර මට්ටම් ගැන සැළකීමේදී විශේෂයෙන්ම කලු ගඟේ කුඩා ගඟ අතු ගංඟාවේ බුලත්සිංහල , මදුරාවල , පාලින්දනුවර සහ මිල්ලනිය වැනි ප්‍රාදේශීය ලේකම් කෙට්ඨාසවල ඇතැම් පහත් බිම් ප්‍රදේශ මේ වන විටත් ජලයෙන් යටවී පවතී.එමෙන්ම පහත් බිම් හරහා ගමන් ගන්නා මාර්ග ගණනාවක් ඇතැම් ස්ථාවලින් ජලයෙන් යටවී පවතින අතර මෙම තත්වය අද දවස පුරා පවතිනු ඇති බවත් අද නැවතත් වර්ෂාපතන තත්වයක් ඇතිවුවහොත් ගංවතුර තත්ත්වය වර්ධනය වීමේ හැකියාවක් ද පවතින බව ඒ මහතා සඳහන් කරයි.

    එසේම අත්තනගලු ඔය ද්‍රෝණියේ විශේෂයෙන්ම ගම්පහ ජාඇල වත්තලසහ කටාන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල අත්තනගලු ඔය සහ ඔරුවල් ඔය අවට පහත්බිම්වල සැළකියයුතු ඉහළ ජල මට්ටමක් පවතින අතර එම ප්‍රදේශවල මාර්ග ඇතැම් ස්ථානවලින් ජලයෙන් යටවී පවතී. අද අත්තනගලු දෙුා්ණියට සැළකිය යුතු වර්ෂාපතනයක් ලැබුණහොත් ගංවතුර තත්වය තවදුරටත් වර්ධනය වීමේ හැකියාවක් ඇති බවද ඒ මහතා දැනුම් දෙයි.

    ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්කවල ඉහත සඳහන් කළ ප්‍රදේශවල පහත්බිම් ආශ්‍රිතව ජීවත් වන ජනතාව අද සහ හෙට දිනයේ ගංවතුර තත්වයන් පිළිබඳව අවධානයෙන් පසුවන ලෙස ඒ මහතා අවධාරණය කරයි. වි‌ශේෂයෙන්ම කොළඹ, කළුතර , රත්නපුර , ගම්පහ  සහ පුත්තලම දිස්ත්‍රික්කයන්වල පදිංචි  මින් පෙර  ප්‍රාදේශීය හා නාගරික ගංවතුර තත්වයන්ට මුහුණ දුන් ජනතාව මේ තත්වය සම්බන්ධයෙන් දැඩි අවධානයකින් කටයුතු කරන ලෙස ඒ මහතා ඉල්ලීමක් කෙරේ. එසේම මෙම දිස්ත්‍රිකක්වල මාර්ග භාවිත කරන රථවාහන රියදුරන් ද අවධානයෙන් පසු වන ලෙස ඒ මහතා ඉල්ලා සිටී.

    තවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කරන කාලගුණ වාර්තා සහ ජාත්‍යන්තර ආයතන  නිකුත් කෙරෙන කාලගූණික වාර්තා අනුව අද බස්නාහිර වයඹ සබරගමුව දකුණු පළාතේ ඇතැම් ස්ථානවලට ඉහළ මට්ටමේ වර්ෂාපතනයක් අපේක්ෂා කරන බවද ඒ මහතා සඳහන් කරයි.

    පසුගිය දිනවල දිවයිනේ බස්නාහිර , සබරගමුව දකුණ් පළාතේ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වයඹ පළාතේ පුත්තලම දිස්ත්‍රිකක්ය ඇතැම් ස්ථානවල ඇතිවුණ සැළකිය යුතු ඉහළ වර්ෂාපතන තත්වය නිසා මේ ප්‍රදේශ හරහා ගලා බසින ගංගාවල ජලමට්ටම් සැළකිය යුතු ලෙස ඉහළ ගොස් තිබේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya