ගාල්ල, නාගොඩ ප්‍රාදේශිය සභා බල ප්‍රදේශයට විශාල අඩුපාඩුවක්ව පැවති ආදාහනාගාරය සඳහා 2021 වර්ෂයේ වැඩ ඇරඹි අතර ආර්ථික අර්බුද මධ්‍යයේ කෙටි කලක් වැඩ නැවතී පැවතිණි.
ගාල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී සම්පත් අතුකෝරළ මහතාගේ සහ නාගොඩ ප්‍රාදේශිය සභාවේ හිටපු සභාපති නිමල් වික්ටර් නාගොඩ විතාන මහතාගේ ඉල්ලීමක් අනුව පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍යංශය මඟින් මිලියන 70 ක දෙවන අදියරේ මූල්‍ය ප්‍රතිපාදන මගින් නැවත වරක් ආදාහනාගාරයේ ඉදිකිරීම් කටයුතු අවසන් කර ඇත.
මෙම අවස්ථාවට පළාත් පාලන සහ පළාත් සභා රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා, ගාල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී සම්පත් අතුකෝරළ මහතා, නාගොඩ ප්‍රාදේශිය සභාවේ හිටපු සභාපතිතුමන් ඇතුළු පිරිසක් සහභාගී විය.