ඒ අනුව, 3 වන මට්ටමේ නායයෑම් අවදානමක් ඇති ප්‍රදේශ ලෙස කළුතර දිස්ත්‍රික්කයේ ඉංගිරිය සහ බුලත්සිංහල ප්‍රදේශය ලේකම් කොට්ඨාස අවට ප්‍රදේශ මෙන්ම රත්නපුර දිස්ත්‍රික්කයේ කලවාන, ඇහැලියගොඩ සහ ඇලපාතප්‍රදේශය ලේකම් කොට්ඨාස අවට ප්‍රදේශ ද අධි අවදානම් ප්‍රදේශ ලෙස නම් කොට ඇත.
වර්ෂා තත්ත්වය තවදුරටත් පවතී නම් නායයෑම්, බෑවුම් කඩා වැටීම්, ගල් පෙරළීම්, පොළව ගිලා බැසීම් සහ පස් කණ්ඩි කඩා වැටීමේ අනතුරු වලින් වැළකීම සඳහා ආරක්ෂිත ස්ථාන කරා යන ලෙස ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් ජනතාව වෙත දැනුම් දී සිටී.
මීට අමතරව කළුතර, කෑගල්ල, මාතර සහ රත්නපුර දිස්ත්‍රික්කවල 2 වන මට්ටමේ අනතුරු ඇඟවීම් ලෙස නිකුත් කර තිබේ.