නොවැම්බර් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දීප ව්‍යාප්ත වන අලි සංගණනය අද(17) සිට

    අගෝස්තු 17, 2024

    දීප ව්‍යාප්ත වන අලි සංගණනය අද (17)ආරම්භ විය. මෙරට වන අලි සංරක්ෂණය කිරිමට අදාළව කළමනාකරණ කටයුතු සිදුකිරිම මුලික කරගනිමින් මෙම සංගණනය පැවැත්වේ.

    මෙරට අවසන්වරට වන අලි සංගණනයක් සිදුකර ඇත්තේ 2011 වසරේ දී යි. එහි ප්‍රතිඵල අනුව සදහන් වුයේ මෙරට වනාන්තරවල වන අලින් 5879 දෙනෙකු ජීවත් වන බවයි.

    දීප ව්‍යාප්ත සංගණනයට අදාළව අනුරාධපුර වනජීවී කලාපය තුළ සිදුකෙරන සංගණනය සදහා නිලධාරින් 1310 ක් යොදාගන්නා බව අනුරාධපුර කලාප භාර වනජීවී සහකාර අධ්‍යක්ෂ කීර්ති චන්ද්‍රරත්න මහතා සදහන් කළේ ය. ඒ අනුව අනුරාධපුර කලාපය තුළ ස්ථාන 623 ක නිලධාරින් රඳවමින් සංගණනය සිදුකිරිමට සැලසුම් කර තිබේ. සංගණනයේ පහසුව සදහා අනුරාධපුර වනජීවී කලාපය කලාප පහකට බෙදා ඇත. විල්පත්තුව , රිටිගල, හොරොව්පතාන , මැදවච්චිය හා අනුරාධපුර යන ප්‍රදේශ එම කලාපවලට අයත් .

    වනාන්තරවල සහ ගම්මාන ආශ්‍රීත අලින් ගැවසෙන වැව් ආශ්‍රිතව නිලධාරින් ස්ථානගත කරමින් මෙම සංගණනය සිදුකිරිමට සැලසුම් කර තිබේ. ඒ අනුව අඛණ්ඩව දිවෙන කාල රාමු පහක් යටතේ අද (17) සවස 1.00 සිට එළඹෙන 19 වනදා සවස 1.00 දක්වා සංගණනය දියත් වේ.

    සංගණනය සදහා එක්වන නිලධාරීන්ට සංග්‍රහ දිමනා ලබාදෙන අතර ජලය , අවශ්‍ය ඖෂධ , අලි වෙඩි , දුරකතන සම්බන්ධතා සදහා පහසුකම් , විදුලි පදන්දම් මෙන්ම ගමන් මළු ආදිය වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව මගින් සැපයේ. නිලධාරින්ගේ ආරක්ෂාව සදහා ඒ ඒ උප කලාපයන්හි නිලධාරීන් නිරන්තර අවධානයෙන් සිටී.

    විධිමත් විද්‍යාත්මක ක්‍රමවේදයක් ඔස්සේ ක්‍රියාත්මක කෙරෙන මෙම සංගණනය සම්බන්ධයෙන් නිරික්ෂණය කිරිම සදහා නිලධාරීන් යොදවා සිටිම ද විශේෂත්වයකි.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya