ඒ පිළිබඳ සැලකිල්ලට ගනිමින් සිවිල් ආරක්ෂක බලකායට අයත් සාමාජිකයන්ගේ සුභසාධනය වෙනුවෙන් රජය විසින් ක්‍රියාත්මක කෙරෙන වැඩසටහන් මාලාවේ තවත් සුවිසල් ඉදිරි පියවරක් සනිටුහන් කරමින් නිවසක් නොමැති සාමාජිකයන් හට නිවසක් ඉදිකර ගැනිමටත් පවතින නිවාස වල අලුත්වැඩියා කටයුතු සිදු කර ගැනීමටත් අවශ්‍ය කරන ශ්‍රම දායකත්වය සිවිල් ආරක්ෂක බලකාය වෙතින් ලබා දීමට රජයේ තීන්දු කොට ඇත.
මෙහි දී පළමු අධියර යටතේ සාමාජිකයන් 100 දෙනෙකු සඳහා මෙම වැඩපිලිවෙල යටතේ සහන සැලසෙනු ඇති බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා ප්‍රකාශ කලේය.
තවද, වසර ගණනාවක සිට සිවිල් ආරක්ෂක බලකා සාමාජිකයන් විසින් සිදු කල ඉල්ලීමකට ප්‍රතිචාර වශයෙන් ඔවුන් සදහා දැනට රු.350.00 ක් ලෙස ලැබෙන දෛනික සලාක දිමනාව රු.500.00 ක් දක්වා ඉහළ නැංවීමට රජයේ තීන්දු කොට ඇත.
රටේ පවතින ආර්ථික තත්ත්වය හමුවේ ඔවුනට ලැබෙන දෛනික සලාක දීමනාව ප්‍රමාණවත් නොමැති බව සලකා බැලීමෙන් අනතුරුව මෙම සලාක දීමනා අගය වැඩිකිරීමට රජය තිරණය කර ඇති අතර, එමඟින් යම් මට්ටමකට ඔවුන්ගේ ජිවන තත්ත්වය ස්ථායී කර ගැනිමට පිටුවහලක් වනු ඇති බව ද රාජ්‍ය අමාත්‍ය තෙන්නකෝන් මහතා මෙහි දී තවදුරටත් ප්‍රකාශ කලේය.