දැනට ඉදිකරමින් පවතින මෙම ගොඩනැගිල්ල මහල් 15කින් සමන්විත වන අතර මේ වනවිට මහල් 06ක වැඩ කටයුතු නිමවෙමින් පවති.
2021 ජනවාරි මස 25වැනිදා මෙම ව්‍යාපෘතිය සඳහා මුල්ගල තැබුණු අතර එහි සම්පූර්ණ වැඩ කටයුතු 2023 වර්ෂයේ අවසන් කිරීමට සැලසුම් කළද ආර්ථීක අර්බුදය හමුවේ ඉදිකිරීම් සිදුකිරීම මන්දගාමීව සිදු වු බැවින් මෙම අධිකරණ සංකීර්ණයේ පළමු අදියර 2024 වසරේ නිම කිරීමට සැලසුම් කර ඇත.
නිරීක්ෂණ චාරිකාව සඳහා එක් වූ අමාත්‍යවරයා පැවසුවේ, අධිකරණවල පවතින තදබදය අවම කර නඩු කටයුතු කඩිනමින් අවසන් කිරීම වෙනුවෙන් ඉදිවන මෙම ගොඩනැගිල්ල නවීන පහසුකම්වලින් සමන්විත අංග සම්පූර්ණ ගොඩනැගිලක් බැවින් මෙහි ප්‍රමිතිය සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කර කඩිනමින් වැඩ කටයුතු නිම කිරීම සඳහා අවශ්‍ය කටයුතු සිදු කරන ලෙසයි.
නිරීක්ෂණ චාරිකාව සඳහා කොළඹ නීතිඥ සංගමයේ ලේකම්, නීතිඥ, නවීන් ශානක මහතා, අධිකරණ අමාත්‍යාංශයේ සහ මෙම ගොඩනැගිලි සංකීර්යෙහි වැඩ කටයුතු සඳහා උපදෙස් සහ කොන්ත්‍රාත්කරු ලෙස කටයුතු කරන මධ්‍යම ඉංජිනේරු උපදේශණ කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් එක්විය.