මෙම සුබෝපභෝගී බස් රථ සේවාව ඊයේ (15) දින සිට පෙ.ව 06.00 සිට ප.ව 06.00 දක්වා දිනපතා ක්‍රියාත්මක වන අතර , බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ (BIA) සහ කොළඹ නගරය දක්වා බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ, කොළඹ වරාය, කොළඹ කොටුව දුම්රිය ස්ථානය, කොළඹ ප්‍රධාන බස් නැවතුම්පොළ, මාකුඹුර බහුවිධ මධ්‍යස්ථානය සම්බන්ධ කරමින් සුබෝපභෝගී බස් රථ සේවාව ක්‍රියාත්මක වේ.
මෙම නව සුබෝපභෝගී බස් රථ සේවාව ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යංශය (Ministry of Transport and Highways) හා එක්ව ආරම්භ කර ඇති අතර ගුවන් තොටුපළ මගීන් සහ පොදු මහජනතාව බස් රථ සඳහා ගුවන් තොටුපළ ප්‍රවේශ්‍රය සහ පහසුව වැඩි දියුණු කිරීම සඳහා තැබු පියවරක් වේ.
මෙම සේවාව ආරම්භ කිරීමේ අරමුණ වන්නේ මෙහෙයුම් කාලය තුළ ක්‍රියාතමක වන මෙම නව සේවාව මගින් මගීන්ගේ සහ මහජනතාවගේ පහසුව තවදුරටත් ඉහළ නැංවීම, ගමනාගමනය සුමට කිරීම සහ මෙම මුල පිරීම හේතුවෙන් සංචාරකයින්ගේ ගමනාගමනය පහසු කිරීම සහ කාලය ඉතිරිකර දීමයි.