නොවැම්බර් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    78 වන ඉන්දිය නිදහස් දිනයට සමගාමිව සැමරුම් උත්සවයක්

    අගෝස්තු 15, 2024

    හැත්තෑ අටවන ඉන්දීය නිදහස් දිනයට සමගාමීව සංවිධානය කළ සැමරුම් උත්සවයක්, මහනුවර සහකාර ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලයේ දි අද (15) පැවැත්විණි.

    මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යූගම‍‍ගේ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම උත්සවය පැවැත්විණි.

    මෙම උත්සවයේදී ඉන්දීය ජනපති ද්‍රෞපදි මුර්මු විසින් ඉදිරිපත් නිදහස් දින පණිවිඩය මහනුවර, ඉන්දියානු සහකාර මහ කොමසාරිස් වෛද්‍ය අතීරා එස් මහත්මිය ඉදිරිපත් කිරිම සිදු කළාය. 

    මෙම උත්සවයයට සමගමීව ඉන්දීය සංස්කෘතික අංග කිහිපයක් ද ඉදිරිපත් කෙරිණි.

    මෙම අවස්ථාව සඳහා සබරගමුව පළාත් හිටපු ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව, මහනුවර හිටපු පුරපති කේසර ඩී. සේනානායක, මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම්  අජිත් ප්‍රේමසිංහ, මහනුවර දිස්ත්‍රික් ලේකම් චන්දන තෙන්‍නකෝන් යන මහත්වරුන් ඉන්දියානු සහකාර මහ කොමසාරිස් කාර්යාලයේ නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya