එමෙන්ම ඒ සඳහා පූර්ව සූදානම අත්‍යවශ්‍ය බවත්, විශේෂයෙන්ම මැතිවරණ කාලසීමාව තුළ ආපදා සම්බන්ධ ඕනෑම හදිසි අවස්ථාවකට මුහුණ දීම සඳහා අදාළ රාජ්‍ය ආයතනවල සියලුම නිලධාරීන් සූදානම් කරන බවද පැවසීය.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ, ඉදිරි ජනාධිපතිවරණයේදී ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් ක්‍රියාත්මක කිරීමට නියමිත විශේෂ ආපදා කළමනාකරණ වැඩසටහන පිළිබඳව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නිලධාරීන්, ත්‍රිවිධ හමුදාව, සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුව, පොලිසිය ඇතුළු රාජ්‍ය ආයතනවල නිලධාරීන් සමඟ කොළඹ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේදී ඊයේ (13) පැවති විශේෂ සාකච්ඡාවකදී ය.
මැතිවරණ කාලසීමාව තුළ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සෘජු අධීක්ෂණය යටතේ විශේෂ දිස්ත්‍රික් ආපදා මැතිවරණ කළමනාකරණ ඒකකයක් ස්ථාපිත කරන බවත්, සියලු ආපදා කළමනාකරණ කටයුතු මෙම ඒකකය හරහා සිදු කරන බවත් ඕනෑම හදිසි ආපදා තත්වයක් පිලිබඳ දැනුම් දීම සඳහා පැය 24 පුරා ක්‍රියාත්මක 117 හදිසි දුරකථන අංකය තවදුරටත් ක්‍රියාත්මක බවත් රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේය.
එමෙන්ම එළඹෙන සැප්තැම්බර් 21 වැනිදා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණ සමය තුළ ඇති විය හැකි ඕනෑම හදිසි ආපදා තත්ත්වයකදී, ඡන්ද බලය හිමි සියලු පුරවැසියන් වෙත සිය ඡන්දය ප්‍රකාශ කිරීමේ අයිතිය තහවුරු කිරීම සඳහා මෙම විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය මේ වනවිටත් කටයුතු යොදා ඇත.
එම සාකච්ඡාවට ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරල් ෂවේන්ද්‍ර සිල්වා, ත්‍රිවිධ හමුදාපතිවරු ඇතුළු ආරක්‍ෂක අංශ ප්‍රධානීන්, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජෙනරාල්, ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන්, කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවේ සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නිලධාරීන් පිරිසක් ද එක්ව සිටියහ.