සැප්තැම්බර් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    බෙ‍ල්ලන්විල පෙරහැර අගොස්තු 17 සිට 25 දක්වා

    අගෝස්තු 14, 2024

    74 වන වරටත් පවත්වනු ලබන බෙල්ලන්විල ඇසල පුණ්‍යාමහොත්සවය හා පෙරහැර මංගල්‍යය අගොස්තු 17  සිට අගෝස්තු 25  දක්වා  පැවැත්විමට කටයුතු යොදා ඇති බව බෙල්ලන්විල රජමහා විහාරයේ විහාරාධිපති ආචාර්යය බෙල්ලන්විල ධම්මරතන හිමියෝ සඳහන් කළහ.

    ඊට සමගාමිව අගෝස්තු 03 හා 04 යන දෙදින තුළ දි වාර්ෂික ගුණානුස්මරණ දානමය පිංකම හා වාද්දුව මොල්ලිගොඩ  ප්‍රවචනෝදය පිරිවේනේදි පැවැත්විණි. එසේම ධර්ම දේශනා සුත්‍ර දේශනා දිය විවිධ වු පිංකම් මාලාවක් පැවැත් වු බව අද (14) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දි පැවති මාධ‍්‍ය හමුවකට එක්වෙමින් උන්වහන්සේ පැවසු හ.

    වැඩිදුරටත් අදහස් දැක් වු උන්වහන්සේ පැවසුවේ, අතීතයේ දි කිසිදු රාජ්‍ය අනුග්‍රහයක් මෙම පෙරහැරට නොලැබුණු බවත්, හිටපු විහාරාධිපති මහාචාර්යය බෙල්ලන්විල විමලරතන හිමියන්ගේ අධිෂ්ධානය, කැපවීම හේතුවෙන් මේ වනවිට ඊට රාජ්‍ය අනුග්‍රහය ලැබී ඇති බවත්ය.

     අලි ඇතුන් 25-30 අතර ප්‍රමාණයක් සහභාගිවීමට  නියමිත අතර විවිධ සම්ප්‍රදායික නර්තන කණ්ඩායම් 50ට අධික ප්‍රමාණයක් සහභාගිවෙමින් විචිත්‍ර අන්දමින් මෙම පෙරහැර පැවැත්වීමට නියමිත ය.

    අගොස්තු 17 -       දොරකඩඅස්න අනුශාසනා

                               දේවදුත පෙරහැර සහ කුඹල් පෙරහැර

    අගෝස්තු 19-21 -  මල් පෙරහැර

    අගෝස්තු 22      -  පාවඩ පෙරහැර

    අගෝස්තු 23    -    රන්සිවිලි පෙරහැර

    අගෝස්තු 24   -     රන්දෝලි පෙරහැර 

    අගෝස්තු  25  -     දියකපන පෙරහැර හා දේවදානය

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya