අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද ( 13) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවට එක් වෙමිනි.
රාජ්‍ය සේවයේ අවම ආරම්භක මාසික වැටුප සියයට 24ක අවම ප්‍රතිශතයකින් වැඩි කොට, ජීවන වියදම් දීමනාව සමග දළ වැටුප රුපියල් 55,000ක් ලෙස ගෙන අනෙකුත් තනතුරු සඳහා මූලික වැටුප ඒ අනුව ගැලපීමට කටයුතු කරන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
එසේම ව්‍යාපරික , රාජ්‍ය සමාගම් හා බැංකු හැර අන් සියලුම රාජ්‍ය ආයතන සඳහා මෙම නව වැටුප් හා දීමනා ක්‍රමවේදය ක්‍රියාත්මක කෙරෙන බවද හෙතෙම සඳහන් කළේය.